දේශපාලන පොරපිටිය තුළ ගිණි ඇවිලෙන්නට ආසන්නය.තවමත් හරියටගිණි ඇවිලවී නැතත් නව වසරේ මාර්තු මාසයේ අග වන විට එය මහා ගිණි ජාලාවක් වන බව නිසැකය.නව වසරේ බක් මහ මේ මහ පොළොවට උදා වෙනුඇත්තේ මහ කන්නය විනාශ වීමේ අදෝනාවත් සමගය. මෙරට පවතින ආර්ථික අර්බුදය තවමත් දැනී ඇත්තේ අර්ධ නාගරිකයන්ට හා නාගරිකයන්ට පමණය.එය නගරයෙන් ඈත ගම්මාන වලට බරපතල ආකාරයෙන් දැනෙනු ඇත්තේ මහ කන්නයේ කණ වැද්දුම තුලය.එතෙක් මෙරට දේශපාලනය තුලවිවිධ ආකාරයේ ජවනිකා දකින්ටත් ඇසෙන්ටත් ලැබෙනු ඇත.
මෛත්‍රීපාල ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද මේ වන විට කිරිපණු ගාය සැදී ඇති බව පෙනේ.දැන් දැන් මෛත්‍රීපාල රටට පෙන්වන්න හදන්නේ මං සුදනාවිදියටය.ගොඨාගේ ආණ්ඩුවේ ඇමතිකම් ගත් ශ්‍රීලනිපයේ අනෙක් වුන්ද කරණම් ගසන්නට අමුඩ තද කරගනිමින් සිටී.මිල්ටෙරි නන්දසේනට කැමති විදියට පිස්සු කෙලින්නට අවශ්‍ය තුනෙන් දෙකේ බලය දෙන්නට පුක උස්සා කැමැත්ත දුන්නේ ශ්‍රීලනිපයේ මේ වාහෙලා සෙට් එකය.ව්‍යවස්ථා සංශෝධන සඳහා පොදුජන පෙරමුණ බෙර ගහද්දී කස කාරයන් වූ මේ තක්කඩි රැළ ආණ්ඩුවේ ප්‍රබල ඇමති තනතුරු තමන්ට ලැබෙනු ඇතැයිද ඇගිලි ගනිමින් සිටියහ.
මෛත්‍රීපාල සිරිසේන සිහින මවමින් සිටියේ අගමැති තනතුරටය.එහෙත් මිල්ටෙරි නන්දසේන හා රාජපක්ෂවරුන් මෛත්‍රීපාල හා ශ්‍රීලනිප තක්කඩියන්ට තඹ දොයිතුවකට ගනන් ගත්තේ නැත.පොදුජන පෙරමුණේ ඇතැම් ඇමතිවරුන්ගේ හා මන්ත්‍රීවරුන් විසින් සිඳු කළ විවිධ නොසැකිලි හා නින්දා කිරීම් මැද ශ්‍රීලනිප තක්කඩියන් රැළ කිසිම ලැජ්ජාවක් නැතුව මිල්ටෙරි නන්දසේනට සිය සහයෝගය ලබා දීමද සිදු විය.එහිදී සුසිල් ප්‍රේමජයන්ත් නිමල් සිරිපාල මහින්ද අමරවීර වැන්නවුන් හිටියේ රාජපක්ෂ කාලකණ්නියන් වෙනුවෙන් මරාගෙන මැරෙන සයිස් එකේය.
මිල්ටෙරි නන්දසේනල පාර්ශවයෙන් සිදු කළ කෙනෙත්තිලි මිරිකිලි හා නින්දා අපහාස කිරීම් මෛත්‍රීපාල සිරිසේන විසින් ඉවසා දරා ගෙන සිටියේ වෙන කිසිම කාරණයක් නිසා නොවේ. පාස්කු ප්‍රහාරයේ තොන්ඩුව තමන්ගේ බෙල්ලට වැටෙන බව හොඳින් දැන සිටි නිසාය.අද වන විට සිරිසේන සිටින්නේ ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී වාගේය.දින පනස් දෙකේ ආණ්ඩුව තරමග ගබ්සා වන විට මිල්ටෙරිනන්දසේන සැළසුම් කරමින් පැවැති පාස්කු ප්‍රහාරය පිළබඳව මෛත්‍රීපාල ඉතා හොඳින් දැනුවත්ව සිටි අතර එම දැනුවත් බව එක්තරා ආකාරයක නොනිල ගිවිසුමක් හා බැඳී පැවතුනි.ඒ පොදුජන පෙරමුණ බලයට පත් වූ විට අගමැති තනතුරට මෛත්‍රීපාල පත් කරන බවට වූ යෝජනාවයි.සැබැවින්ම රාජපක්ෂවරු මෛත්‍රීපාලට නාස් ලණුව දා ගත්තේ අගමැති කම පිළිබඳව ඔහු තුල සිහිනයක් නිර්මාණය කරමිනි.
මෛත්‍රීපාල හා සම්බන්ධව සිටි ශ්‍රිලනිප කණ්ඩායමේ බොහෝ දෙනෙකුද බොහෝ කාලයක් අමාත්‍ය තනතුරු දරමින් විවිධ දූෂණ වලට සම්බන්ධ වූවන්ය.යහපාලනය බිඳ වැටීමෙන් පසුව සිය ඇමති අභිමානය තව දුරටත් පවත්වා ගැනීමට මිල්ටෙරි නන්දසේන හා එක්වීම හැර වෙන විකල්පයක් නැති බව ඔවුන් ගේ අදහස විය.විපක්ෂය නියෝජනය කළ හොත් අවුරුදු දහයක් හෝ ඊට වඩා වැඩි කාලයක් විපක්ෂයේ සිල්ලර මන්ත්‍රී වරයකු වී හෑල්ලු වන්නට සිඳුවෙනු ඇතැයිද මේ තක්කඩියන් සිතූ බව පැහැදිලිය.ඔවුන් එය එසේ සිතන්නටද හේතුවක් තිබේ.ඒ මිල්ටෙරි
නන්දසේන පිළිබඳව සමාජය තුළ පැවැති මහා පොදු ගුණාකාරයේ ඇගයීමයි.තව දුරටත් රාජ්‍ය පාලනයේදී මිල්ටෙරි නන්දසේන විනයානුකූල සමාජ භාවිතයක් පවත්වාගෙන යනු ඇතැයිද තව දුරටත් මෙරට විපක්ෂ දේශපාලනයකට ඉඩක් නොලැබෙනු ඇතැයි ද එබැවින් ආණ්ඩුවට සම්බන්ධ වී දෙන දෙයක් වළඳා ඇමති තනතුරක හා බැඳි භුක්තිය පවත්වා ගෙන යාම උචිත බවද ශ්‍රීලනිප තක්කඩි රැළ සිතූ බව ස්ථිරය.
එහෙත් ශ්‍රීලනිප තක්කඩි රැළට කර කියා ගන්නට දෙයක් නැති වූයේ මිල්ටෙරි නන්දසේන ගේ ඔල්මොරොන්දන් කෙරුවාව තුල පොදු ජන පෙරමුණේ රජය පළමු වසර තුළදීම මහජන අප්‍රසාදයට ලක්වීම නිසාය.ම්ල්ටෙරි නන්දසේනගේ ජාවාරම් කාර හොර තඩියන් විවිධ ජාවාරම් කොට අනාවරණය වෙද්දී පවා ශ්‍රීලනිප තක්කඩියන් සිය තනතුරු ආරක්ෂා කර ගැනීමට කටයුතු කෙරුවා විනා එම හොර ජාවාරම් ගැන කටේ කෙලබිඳක් බිමට නොහෙලීමට ප්‍රවේශම් වූහ.
මේ වන විට මිල්ටෙරි නන්දසේන ගේ පාලනය ඇත්තේ කවර මොහොතක හෝ පිපිරී යන තරමේ අවදානමකය.එය කෙසේ පුපුරා යා දැයි ගනන් හදා කියන්නට බැරි වූවද ලබන වසරේ මෙරට ගෙවන්නට ඇති බිලියන ගණනක ණය වාරිකය හා මහ බැංකුව සතු ඩොලර් සංචිතයේ සිඳී යාමත් පිළිබඳව පවතින අනාවරණය කිරීම් තුළ රට මුහුණ දෙමින් සිටින්නේ බරපතල ආර්ථික අරබුදයකයටය.මේ වන විට මෛත්‍රීපාල සිරිසේන හා ශ්‍රීලනිප තක්කඩි රැළ මෙරට දේශපාලන බලය සඳහා ඉව අල්ලමින් සිටින්නේ මෙවැනි වටපිටාවකය.මිල්ටෙරි නන්දසේනගෙන් ගිලිහෙන බලය සංවිධානාත්මකව තමන් ගේ නායකත්වයෙන් යුතු පක්ෂ සභාගයක් හරහා ලබා ගැනීමට හැකි වෙතැයි මෛත්‍රීපාල සිරිසේන කල්පනා කරන බව පෙනේ.ආණ්ඩු පක්ෂ නියෝජනයේ ශ්‍රීලනිප පංගුව ඉවත්වීමත් සමග පාර්ලිමේන්තුවෙි තුනෙන් දෙකේ බලය පොදුජන පෙරමුණුු රජයට අහිමි වන බවට සිරිසේන දනී.ඔහු දැන් ඉව අල්ලමින් සිටින්නේ එම පංගුව උකසට තබා සිය පැවැත්ම තහවුරු කර ගැනීමටය.තවදුරටත් රාජපක්ෂවරුන්ට මෙරට සමාජය තුල පිළිගැනීමක් නැති බවද සිරිසේනට පැහැදිලි දැනීමක් තිබේ.
මෛත්‍රීපාල සිරිසේන හා ශ්‍රීලනිප තක්කඩියන් රැළට මෙරට දේශපාලන භූමිය තුළ කවර ආකාරයේ තක්සේරු කිරීමක් පවතිනු ඇද්දැයි විමසීමට සිද්ධ වන්නේ ප්‍රධාන වශයෙන් සමගි ජන බලවේගයේ හා ජාතික ජන බලවේගයේ හැඩ රුව හා ක්‍රියාකාරිත්වය හා සසඳා ගනිමිනි.මෙහිදී ජාතික ජන බලවේගය සිංහල බෞද්ධ සමාජයට සීමා ඇතැයි අපට සිතේ.සමගි ජන බලවේගය සියළු ජාතීන් ආමන්ත්‍රණය කරමින් සිටී.මෙහිදී සමගි ජන බලවේගය හා සම්බන්ධව හැසිරෙන දේශපාලන කනවැද්දුම් වෛරස් කිහිපයක් පිළිබඳවද අපට සැකයක් මතු වී තිබේ.මෑතකදී මේ වෛරස් එජාප සභාපති වජිර අබේවර්දන හා සාකච්ඡාවකට සිරිකොත වෙත ගිය බව ජනමාධ්‍ය වාර්තා කෙරිණි.වජිර අබේවර්ධන යනු රාජපක්ෂ කල්ලියට සෘජුව සම්බන්ධ පෝරිසාද හොර දෙටුවෙකි.මෙම හොර දෙටුවා සමග විපක්ෂයේ කවරෙකු හෝ දේශපාලනිකව රාජපක්ෂවරුන්ගෙන් බලය ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා කරන්නේ නම් එය බඩ කොර වෙන තරමේ විහිළුවකි.එය එසේ තිබියදී මෙම දේශපාලනික කනවැද්දුම් වෛරස් නලියන්නට පටන් ගෙන තිබීම තුළ වෙනත් කුමන්ත්‍රණයක් පවතින්නටද ඉඩ තිබේ.එබැවින් සමගි ජන බලවේගයේ නායකයන් මෙම දේශපාලන කනවැද්දුම් වෛරස් පිළිබඳව ඉතා බරපතල ආකාරයෙන් කල්පනා කළ යුතුය.ඇතැම් විට මෙි තක්කඩියන් තුල සමගි ජන බල වේගයේ සංවිධානාත්මක ජාලයේ අවුලක් ඇති කොට ශ්‍රීලනිපයේ මෛත්‍රීපාල සිරිසේන ඇතුළු රැළ ඔසවන්නට ගන්නා වෑයමක් ඇතැයිද සිතිය හැක.අප එසේ පවසන්නේ මේ වෛරස් යහපාලනය අවධියේ මෛත්‍රීපාල සිරිසේනගේ ඔඩොක්කුවේ හුරතල් වූවන් නිසාය.
තවමත් මෙරට භූමිය නව නායකයකු පිළිබඳව අදහසක සිටින බවද පෙනෙන්නට නැත.ඒ පිළිබඳව අනාවැකි කියන්නටද අපට නොහැකිය.කවුරු දේශපාලනික බලයක් ගොඩ නැගීමට සංවිධාන ගත වුවද මෙරට ජනතාව ඉල්ලා සිටින්නේ දූෂණයෙන් හා වංචාවෙන් තොර විනය ගරුක නායකයෙක් හා කණ්ඩායමක් බව කිව යුතුමය.