රටේ ජනතාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටීම ඉතාම ඉක්මනින් පුපුරායාමට ඉඩ ඇති බව ජනාධිපතිවරයාට ලබාදී ඇති රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක වාර්තාවෙන් පෙන්වා දී ඇත.
ඒ නිසාම මේ වනවිට උතුරේ කෝවිල් වලට එල්ලකරනු ලබන ප්රහාරයන් හෙට අනිද්දා වනවිට ප්රහාරයන් තවත් විවිධ පලාතවලට ව්‍යාප්ත කිරීමට රජය සුදානම් වේ. මේ වනවිට යාපනය, පේදුරු තුඩුව, මඩකලපුව ප්‍රදේශවල දී හින්දු කෝවිල් වලට මේ ආකාරයට ප්රහාරයන් එල්ල කොට ඇත.
ඊට අමතරව ඉදිරි දින කීපය තුල ශ්‍රි ලංකාවේ බොහෝ පලාත් වලට එය පතුරුවා දෙමල මුස්ලිම් ගැටුමකට හැරවීම රජයේ අරමුණ බවට අපවෙත රාජ්‍ය බුද්ධි අංශය තුලින්ම තොරතුරු ලැබී ඇත. උතුරු නැගෙන හිර කෝවිල් වලට එවනි ප්රහාරයන් හමුදාවේ බුද්ධි අංශවලින් එල්ල කොට ඇති බවටත් මේ නිසා පොලිසියද දැඩි අපහසුතාවයකට පත්ව ඇත්තේ ජනතාව පොලිසියට ඒ පිලිබදව විමර්ෂණ කඩිනම් කිරීමට හා සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට දැඩි බල කිරීමක් සිදු කිරීමය.
මෙයින් රට තුළ ඇති වී ඇති අනෙකුත් ප්‍රශ්න සියල්ලම යටපත් කිරීමට ජාතිවාදි ප්‍රශ්ණ ඇවිස්සීම රාජපක්ෂලා ගේ ඉදිරි සැලැස්ම වී ඇත.