උණුසුම් පුවත්

ඩබල් ගේම් මෛත්‍රීපාලගේ ඩොලර් මංකොල්ලයේ අතුරු කතාව.

Spread the love

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

පිළිබඳව ඔහුගේ දියණිය චතුරිකා සිරිසේන විසින් ලියන ලද ජනාධිපති තාත්තාගේ පසුවදනේ මෙසේ සඳහන්ව තිබේ.
“……..පෙරදින අඳින්නට ඇඳුමක් පමනක් මල්ලක බහා පැමිණි ඒ සරල මිනිසා 
අද මේ රටේ ජනාධිපතිවරයාය.මේ සියලු බලතල ඇතෑර එළෙසින්ම පිරිසිදු
දෑතින් ධුරයෙන් නික්මෙන බව ස්ථිරය.
අතීතයද මතුයම් දිනෙක මෙලෙසින්ම 
අභිමානයෙන් ලියන්නට හැකිවන්නේ නම් මා ජීවිතයේ ලබන සුවිසල්ම ජයග්‍රහණය වේ….”
චතුරිකා⁣⁣ට සිය පියා ගැන දැන් අභිමාන යෙන් ලියන්නට හැකිදැයි අපි නොදනිමු.
අපට නම් ඔහු ගැන ලියන්නට ඇත්තේ තුක් නොදකින් කියා විතරමය.පැජට් පාරේ රජයේ ඉඩම් තුනක් මංකොල්ල කා සිය පරාණ බුක්තියට සවි කර ගත් චතුරිකා ගේ තාත්තා කාල කණ්නි මහින්ද රාජපක්ෂලාට නැවත බලයට ඒමට මෙලේච්ඡ පාස්කු බෝම්බ ප්‍රහාරයට ඉඩ දී සිංගප්පූරුවේ සාප්පු සවාරියේ ගිය හැටි අපට කෙසේවත් අමතක කරන්නට බැරිය.එලෙසම චතුරිකා ගේ තාත්තා විදේශිය රටකින් ලැබුණ ඩොලර් මිලියන හතලිහකට අධික මුදලක් කාට කාටත් කොකා පෙන්නා රහසේම තමන්ගේ පොකට්ටුවට දාගත් හැටි කවුරු කවුරුත් නොදන්නා ගානට හිටියාට අපට ඒ නොසලකා ඉන්නටත් බැරිය.තමන්ගේ තාත්තා මෙරට දේශපාලනයේ යමා මහ පෙළහර පෑ⁣ දේශපාලඥයෙක් කියා හිතාගෙන හිටියාට මෙි උන්දෑ යමා මහ පෙළහර පා ඇත්තේ ජලයෙන් හා ගින්නෙන් විතරක් නොවේය කියලා දන්නේ අප විතරමය.⁣ඒ කියන්නේ මෛත්‍රීපාල මෙරට දේශපාලනයේ යමා මහ පෙළහර දක්වා ඇත්තේ ජලය හා ගින්නට අසූචිද එක් කරමිනි.
යහපාලනයේ ධජය බඳින්නට චන්ද්‍රිකා බණ්ඩාරනායක නෝනා ගෙන ආ කොඩි ගස වල් එඬරු ගසක් බව කාට කාටත් තේරුම් යන විට පාලනයේ “යහ” කෑල්ලට කෙලවී හමාරය.
මේ තක්කඩියා ගැන රැවටී සිටියේ  මෙරට ජනතාව පමනක් නොවේ රට රටවල නායක කාරකාදීන්ද  ලෙල්ලටමමුලා වී සිට් බව නිකුත් කළ ප්‍රකාශන වලින් තේරුම් ගත හැක්කේය.ලන්ඩන්නුවර දූෂණ විරෝධී අන්තර්ජාතික සමුළුවේ කොලොම්බියානු ජනාධිපති මොහු හඳුන්වා ඇත්තේ  ශ්‍රී ලංකාව දූෂණයෙන් තොරව ගෙන යාමේ වීරයා ලෙසය.නවසීලන්ත අගමැති ලිව්වේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව ආසියාවේ දිදුලන නායකත්වය සපයනු ඇති බවය.අනෙකුත් විදේශ රාජ්‍ය නායකකාරකාදීන් බොහෝ දෙනෙකුද මේ උන්දෑ ගැන නිකුත් කර ඇති ප්‍රකාශද එවැනිම රෙකමදාරුය.
කෙසේවෙතත් මෙරට ජනපති තනතුර හෙබවූ ජනපතිවරුන් අතුරෙන් එම තනතුරට පත් වූ බූරුවා කූට්ටමේ බූරුවා තරම්වත් වටිනාකමක් නැති එහෙත් අමුතුම මාදිලියේ පට්ට හොර ගෙඩියා මෛත්‍රීපාලය.මොහු ⁣තක්කඩි හොර ගෙඩියෙක් පමණක් නොව දිය යටින් ගින්දර ගෙන යන ජාතියේ පොරකි එක දහස් නවසිය හැත්තෑව දසකයේ මුල මෙරට පැවැති සමගි පෙරමුණු රජයේ පොළොන්නරුව ආසනය නියෝජනය කෙරුවේ ශ්‍රීලනිපයේ ලීලාරත්න විජේසිංහය.මෙම මන්ත්‍රීවරයා අම්බලන්ගොඩ බටපොල ඉපිද පසුව පොළොන්නරුවට සේන්දු  වූ අහිංසකයෙකි.ඒ මන්ත්‍රී ලීලාරත්නගේ පෞද්ගලික ලේකම්වරයා වූයේ මෛත්‍රීපාල සිරිසේනය.අවසානයේදී ලීලාරත්න විජේසිංහට මේ තක්කඩි මෛත්‍රීපාල නිසා සිරිසඟබෝ කෙනෙක් වෙන්නටද සිදු විය.මන්ත්‍රී ලීලාරත්න විජේසිංහ සුරා ලෝලියකි.බොහෝ ඉදිරි අරමුණු ඇතුව මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රී ලීලාරත්න විජේසිංහ ගේ බීමත් කමට අත් උදව් සැපයූ බව ⁣ඉතිහාසය දන්නෝ පවසති.එක් අවස්ථාවක ශ්‍රීලනිප දිස්ත්‍රික් රැස්වීමකට අගමැතිණිය පොළොන්නරුවට පැමිණෙන දිනයක මෛත්‍රීපාල විසින් මන්ත්‍රී ලීලාරත්න විජේසිංහට කරටි කැඩෙන තුරු අරක්කු බොන්නට දී ඔහු  සිහි විකල් තත්වයට පත් කළ බවද ඉන් අනතුරුව අගමැතිණිය විසින් පොළොන්නරු ආසනයේ ශ්‍රීලනිප සංවිධාන කටයුතු වල වගකීම මෛත්‍රීපාලට පැවරූ බවත් පැවැසේ.
මෛත්‍රීපාලගේ මගෝඩි කෙරුවාව ඔන්න ඔය වාගේය.හිතේ එකකි. කෙරුවාව තව විදියකි.බෝධිසත්ව රඟපෑමය.
එබැවින් මේ හොර ගෙඩියා ගැන තවත් අටුවා ටිකා අවශ්‍ය නැත.අප නැවත මෛත්‍රීපාල සිරිසේනගේ කෙරුවාව ගැන ලියන්නේ මී⁣ට පෙර බැඳුම්කර නාඩගම පෙන්වා ඔහු විසින් සිදු කළ මුල්‍ය වංචාව
පිළිබඳව ලංකා දවස අනාවරණය කළ  ප්‍රවෘත්තිය සමග යටි බිමි ගත තොරතුරු රාශියක් සිද්ධිය දන්නා  බොහෝ දෙනෙකු විසින් අප වෙතට එවා ඇති නිසාය.
අප මීට ඉහතදී සඳහන් කරන ලද්දේ  අධිකරණ නියෝගයක් මත මහ බැංකුවේ තැන්පත් කර තිබූ ඩොලර් මිලියන හතලිහකට මුදල නැවත එල්කාඩෝ සමාගමේ හිමිකරුට බාර දෙන ලෙසට බලපෑම් කරන ලද්දේ මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රට බව කියාය. එහෙත් ඊට පෙර  මෛත්‍රීපාල විසින් මුදල් ඇමති රවි කරුණානායක කැඳවා බලපෑම් කර ඇති බව අපට දැන් දැන ගැන්මට ලැබී තිබේ.රවි කරුනානායක එහිදී මුදල් ඇමති වරයා ලෙස තමන්ට ඒ ගැන මැදිහත් වීමට නෛතික බලයක් නොමැති බව පවසා ඇතැයි අනාවරණය වෙි.
මේ සම්බන්ධයෙන් තවදුරටත් තහවුරු  කරගැනීම⁣ට රවි කරුනානායක ඇමතූ නමුදු අපට ඔහු හා සම්බන්ද වීමට අවස්ථාවක් නොලැබුනි.මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍ර මෛත්‍රීපාල ජනපතිවරයා විසින් කැඳවා  බලපෑම් කර ඇත්තේ රවි කරුණානායකගේ මග හැර යාම නිසාය.එහෙත් මෛත්‍රීපාලගේ  මගෝඩි අපේක්ෂාව ගැන අර්ජුන මහේන්ද්‍රගේ ප්‍රතිචාරයද සුබදායී නොවීම නිසා මෛත්‍රීපාල විසින් බැඳුම්කර නාඩගමේ පිටපත සකස් කෙරුණ බව දැන් අනාවරණය වී තිබේ.ඒ අර්ජුන මහේන්ද්‍රට රනිල්ට හා රවි කරුණානායකට පහර දීමටය.
සැබවින්ම බැඳුම්කර සම්බන්ධයෙන් යහපාලනය කාලයේදී මතුවූ මුල්‍යමය නොසැලකිල්ල මහින්ද රාජපක්ෂ ජනපතිවරයා සමයේ සිට සිදුවූ වංචා
කාරී ගනුදෙනුවකි.එම කාලයේදී ට්‍රෙෂරිස් පර්පචුවෙල් සමාගමේ වත්මන් මහ බැංකු අධිපතිවරයාගේ සොයුරියද සේවය කරන ලදී.එහෙත් අතීත විෂමාචාර ගනුදෙනු ගැන සොයන්නට හෝ ඒ ගැන පරීක්ෂණ පවත්වන්නට මෛත්‍රීපාලට අවශ්‍ය වූයේ නැත.ඔහු කොලේ වසා තුරුම්බුව පිටියට දැම්මේ ඒ නිසාය.
රවි කරුනානායක ගැන බොහෝ දෙනා විවිධ චෝදනා කරති.එහෙත් ඔහු මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන විට  රජයේ සේවකයන් ගේ වැටුප් වැඩි කිරීම ඉන්ධන මිල වැඩි කිරීම ගැබැණි මවුවරුන්ට පෝෂණ මල්ලක් ලබා දීම වැනි සුබ සාධක යෝජනා ⁣ක්‍රියාත්මක කළ බව අපට මතකය.චන්ද්‍රිකා ජනපති වරිය කාලයේදී මන්ද පෝෂණය වැළඳී තිබුණ සතොස වර්තමානයට ගැලපෙන ආකාරයට සුපිරි වෙළඳ හල් බවට පරිවර්තනය කොට සංවර්ධනය කරන ලදී.බැඳුම්කර සිඳුවීම සම්බන්ධයෙන් මහාධිකරණ චෝදනා ලැබ සිටි රවි කරුණානායක පසුගියදා නිදොස් කොට නිදහස් කරන ලද්දේ එම චෝදනාවල තාක්ෂණික කාරණා නිසා නොවන බවද අප මෙහිදී සිහියේ තබා ගත යුතු කරුණකි.ඒ මන්ද යත් පොදුජන පෙරමුණට සම්බන්ධ බොහෝ මැති ඇමතිවරුන්ට යහ පාලනය කාලයේදී පැවරූ ⁣අධිකරණ නඩු  වලින් ඔවුන් වර්තමානයේදී නිදහස්  කරන්නේ තාක්ෂණික කාරණා නිසා බවට වාර්තා වන හෙයිනි.එලෙස තාක්ෂණික කාරණා මත නිදහස් කරන ලද නඩු සංඛ්‍යාව හතලිහක⁣ට ආසන්නය.
බැඳුම්කර වංචාව නොවූ බවට අපට කිව නොහැකිය.එහෙත් එම වංචාව හා සම්බන්ධ නිවැරිදි සැකකරුවන් අධිකරණය⁣ ඉදිරිපත් කරන ලද්දේ දැයි
දැන් අපට සැකයක් මතුවේ.ඒ සැකය මතුවන්නේ එවකට ජනපති වරයා වශයෙන් සිඳු කළ මහා මුදල් මංකොල්ලය  ගැන සිතන විටය. සැබැවින්ම බැඳුම්කර සිදුවීම සැලසුම් සහගතව මුදා හැර එය මෙරට සමාජය තුළ බරපතල ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත් කොට  මෛත්‍රීපාල සිරිසේන විසින් අධිකරණ දේපොලක් වශයෙන් මහ බැංකුවේ රඳවා තිබූ ඩොලර් තොගය මංකොල්ල කා ඇති බව පැහැදිලිය.මේ මහා මංකොල්ලය සිදුවී ඇති පසුබිම ගැන සිතන විට අපට මතකයට එන්නේ  පික්පොකට් ගසා දුව යන එකෙකු අන්න අරූ පොකට් එකක් අරන් දුවනවෝ යැයි කෑ ගසමින් දුවන ආකාරයයි.
මෛත්‍රීපාල සිරිසේන විසින් මංකොල්ල කෑ මුදල සම්බන්ධයෙන් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලිකොට ඇත්තේ වත්මන් මහ බංකු අධිපති අජිඩ් නාවාඩ් කබ්රාල්ය.එහෙත් මේ වන විට මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුවූ පරීක්ෂණ අතරමග නැවතී ඇත්තේ මක් නිසාද යන්න අතිශයින් ප්‍රශ්ණගත කාරණයකි.තවදුරටත් මේ මුදල් මංකොල්ලය ගැන හොඳින් දන්නා රනිල් වික්‍රමසිංහ ඒ ගැන කටක් අරින්නේ නැත්තේ කවර බලපෑමක් නිසාද යන්නත් අපහැදිලිය.
කෙසේවෙතත් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිබූ මෙම හොරකමට අදාල ගොනුව ඒ දිනවලදීම මෛත්‍රීපාල සිරිසේන විසින් ගෙන්වා ගල් කර ඇති බවත් දැනගැන්මට ඇත.
මෙම වංචාව ගැන මීට පෙර ලංකා දවසේ පල කරන ලද මුල් ප්‍රවෘත්ති වාර්තාව කියවූ මෙරට ප්‍රධාන පෙලේ බංකුව විධායක නිළධාරියකු අප සමග පැවසූවේ මෙම ඩොලර් තොගයේ වටිනාකම වර්තමානය හා ගලපා ගත හොත් ⁣එය රුපියල් කෝටි අනූවකට ආසන්න විය හැකි බවය.
දැන් තුරුම්බුව ඇත්තේ මිල්ටෙරි නන්දසේනගේ සෞභාග්‍යයේ දැක්ම තුලය.⁣⁣මෛත්‍රීපාල මහ බැංකුවෙන් මංකොල්ල කා ඇති මේ ඩොලර් තොගය සොයාගන්නට හැකිනම් එය මෙරට පණ අදිමින් තියෙන ආර්ථිකයට යන්තමට හෝ සේලයින් බෝතලයක් දීමක් හා සමාන විය හැකිය.

Spread the love

Leave a Comment

You may also like