පාකිස්තාන් සිල්කොට් පුද්ගලික සමාගමක ගණකාධිකාරිවරයෙකු ලෙසට සේවයකල ප්‍රියන්ත කුමාර නැමති අයව අන්තවාදි මිලේච්ඡයන්පිරිසක් ඝාතනය කොට ඇත. එම ඝාතනය සිදුව ඇත්තේ සිල්කොට් වාසිරාබාද් ප්‍රදේශයේදීය.
මෙම අමානුෂික සිද්ධිය සැලවු වහාම පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පන්ජාබ් ප්‍රාන්ත පොලිස්පතිවරයාට පුද්ගලිකවම පැය 48 ක් තුල සියළු අපරාධකරුවන් අත් අඩංගුවට ගතයුතු බවට දැනුම් දී ඇත. එම සිද්ධිය පිළිබඳව තමන් දැඩි කම්පනයට පත්වූ බවත්, ඊට සම්බන්ද සියළු පුද්ගලයන්ට දැඩි දඩුවම් ලබාදෙන බව අගමැතිවරයා ටිව්ටර් පණිවුඩයක් නිකුත් කොට ඇත.
මෙම සිද්ධියට අදාල එම ඝාතකයන් සියල්ලම පාහේ පැය 10 කට වඩා අඩුකාලයක් තුලදි අත් අඩංගුවට ගැනීමට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ක්‍රියාකිරීම ඉතාම ප්‍රසංසනීයය.
![]()
මෙම සිද්ධිය මුල් කොට ලංකීය වොයිස් කට් ගණින්නාන්සේලා බොර දියේ මාළු බෑමට ඉඩ ඇත. ඒත් එක දෙයක් සහතිකවම අපිට කිව හැකිය. ඒ ජාතිවාදි අරගල කල නියමුවා, අම්පාරේ වඳ පෙති වඳ ජංගි තිබෙනවා යැයි පාරම් බා ජනතාව කුලප්පු කළ ඔහු ශ්‍රී ලංකා පොලීසිය භාර ඇමතිවීම ඊට හේතුවයි.
ඒ නිසාම කිසිදු ජාතිවාදි ගැටුමකට කිසිවෙක් පෙලබෙන්නේ නැත. පාකිස්තානයේ සියල්ලටම එකම නිතිය ක්‍රියාත්මක වන රටකි.