උණුසුම් පුවත්

මෙන්න විරුවා ගේ හෙළුව ……..අල්ලන ආපු මහ බැංකු හොරාටත් ගෝඨාභය රුපි; මිලියන් 30 ක් ගෙවලා අජිත් නිවාඩ්ට රුපි; මිලියන 40 ක විශ්‍රාම වැටුප් …….

Spread the love

2015 යහපාලන රජයේ සිටි මහබැංකු අධිපති වු අර්ජුන් මහේන්ද්‍රන්ට හා වර්තමාන මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ් රාල්ට පිලිවලින් රුපියල් මිලියන් 30 ක් ද රුපියල් මිලියන් 40 ක බැගින් ගෙවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අනුමත කොට ඇති බව අද පාර්ලිමෙන්තුවේදි හෙලිවිය.

2019 වසරේ පැවති ජනාධිපතිවරණය ජයගත් වහාම මහ බැංකු හොරුන්ව මෙරටට රැගෙන එන බවත් ඒ අහිමි වු මුදල් සියල්ලම නැවත රජයට පවරාගන්න බවත් ගෝඨාභය පසු ගිය කාලයක් පුරාවටම තප්පු ලෑවේය. ඒත් ඒ සියල්ලම අමුලික බොරු බවත් අද වනවිට එදා හොරා කියු අර්ජුන මහේන්ද්‍රට රුපියල් ලක්ෂ 30 ක මුදලක් ගෙවා ඇත්තේත් ජනාධිපති ගෝඨාභයමය. එසේම වර්තමාන මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ් රාලටද ඔහු විසින් ඔහුටම රුපියල් ලක්ෂ 40 ක් අනුමත කර ගෙන ඇත.

මේ වනවිට සමස්ථ රටම දැඩි මුල්‍ය අර්බුදයකට ලක්ව ඇති අතරම රටේ ජනතාව තම දරුවාට කිරි පැකට්ටුවක් ගැනීමට නොහැකිව දැඩි ජිවන අරගලයක නරතව සිටින මොහොතක රාජපක්ෂ හෙන්චයියන් රටේ ජනතාව ගේ බදු මුදල් රිසිසේ බෙදා ගැනීමට ඊරෙහිව තවත් නො-ඉවසා පාරට බැස තම රටේ බදු මුදල් රැක ගැනීම ජනතාව ගේ යුතුකමකි. 


Spread the love

Leave a Comment

You may also like