ඉතා ඉක්මනින් මේ ආණ්ඩුව පරාජය පත් කොට නවආණ්ඩුවක් පත් කිරීමට කටයුතු සංවිධානය කරමින් සිටින බව අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.හිටපු අමාත්‍ය වරයා එසේ පවසන ලද්දේ මාධ්‍යවේදීන් පිරිසක් විසින් මිල්ටෙරි නන්දසේනගේ පාලනය පිළිබඳව ප්‍රශ්න කරන ලද අවස්ථාවේය.වැඩිදුරටත් මාධ්‍යවේදීන් ඇමතූ හිටපු අමාත්‍යවරයා කියා සිටියේ මෙම ආණ්ඩුව මේ වන විට මෙරට සමස්ත ජනතාවගේ අප්‍රසාදයට පත් වී ඇති බවය.
“..මේ ආණ්ඩුව රටේ හැම දෙනාගේම අප්‍රසාදයට ලක්වෙලා ඉවරයි.ජනාධිපති වරයා පොඩි එවුන්ගේ පවා විහිළුවට ලක් වෙමින් සිටිනවා.ආණ්ඩු පක්ෂයේ බොහෝ මැති ඇමතිවරුන් මන්ත්‍රීවරුන් අපට එක්වීම සඳහා සාකච්ඡා කරමින් ඉන්නවා.ඒත් අපි සැලසුමක් හරිගස්සගෙන තමයි අපේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නෙ….”
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම ආණ්ඩුවට සම්බන්ධ කරගන්නවාදැයි මාධ්‍යවේධියෙකු ඇසූ විට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පිළිතුරු වූයේ ඔව් මේ ආණ්ඩුවට විරුද්ධව පාර්ලිමේන්තු නියෝජනය කෙරෙන සෑම පාර්ශවයක්ම නව දේශපාලන පෙරළියට සම්බන්ධකරගන්නවාය යන්නය.එහිදී තව මාධ්‍යවේධියකු හිටපු අමාත්‍ය වරයාගෙන් විමසූයේ ආණ්ඩු පෙරළියට තව පෝය කීයක් ගත වේද කියාය.හිටපු අමාත්‍යවරයා ඒ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ මෙසේය.
“…….පෝය දවස් වලින් ගනන් හදල වැඩක් නෑ .ඉරිද සඳුද කියල ගණන් හදා ගන්නකො.සමහරවිට හෙට උදේට නින්දෙන් නැගිටිද්දි වෙන්නත් පුළුවන්.
ඒත් ඒ හැම දෙයක්ම සිද්ධ වෙන්නෙ
සැළසුමකට කියලත් හිතා ගන්නකො…”
අවංකව රටට ආදරය ඇති … සියලු දෙනා එකතු වී කළ යුතු ඉතා කඩිනම් ව්‍යාපෘතියක් මේ … මනුෂ්‍යත්වයේ නාමයෙන් … බාධාවකින් තොරව නියමිත ආකාරයට සැලසුම් සකස් කරගෙන … තමන් රැකීමට නොව අන් අය රැකීමට … මේ පිරිස එකතු වන්නේ නම් … ඒ තරම් පිනක් ඔවුන්ට තවත් නැත … ගරු කටයුතු මාධ්‍යවේදීන් ලෙස .. ඔබගේ යුතුකම වන්නේ ද .. කෙසේ හෝ ඒ මග විවෘත කර දීම බව පුද්ගලිකව මාගේ හැඟීමයි ….
විද්‍යා
ගොඩාක් ස්තුතියි ඔබ අපව දිරිමත් කරනවාට. ඒක ලොකු ශක්තියක් වේවි මේ කාලකන්ණියන් එලවා දන්න’
ස්තුතියි.