මෙරට වාර්ෂිකව වැඩිවෙමින් පවතින බෝ නොවෙන රෝග අප රටෙහි සිදුවන
මරණ සහ රෝගාබාධ යන දෙකටම ප්‍රධාන හේතුවයි.ඒ අතරම මෙරට බහුලතම බෝ නොවන රෝග හතරෙන් එකක් ලෙස දියවැඩියාව හඳුනාගෙන තිබේ.ලෝක දියවැඩියා දිනය නොවැම්බර් මාසයේ දහ හතර වනදාය.අද ලෝකයම මුහුණපා ඇති කෝවිඩ් රෝගය හමුවේ දියවැඩියා රෝගීන්ද බරපතල අවදානමකට ලක් වී සිටී.කෝවිඩ් අසාධ්‍ය තත්වයට පත්වූවන් වන්නේද මෙම දියවැඩියා රෝගීන් වේ.
මේ වන විට මෙරට ජීවත්වන සෑම පස්දෙනෙකුගෙන්ම එක් අයෙක් එනම් සමස්ත ජනගහනයෙන් සියයට විස්සකට වැඩි සංඛ්‍යාවක් දියවැඩියා රෝගයට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ සංඛ්‍යා ලේඛන වලින් තහවුරු වේ.
රුධිරයේ සීනි මට්ටම නිසි අගයේ පවත්වා ගැනීමට වැදගත්වන හෝමෝනය ඉන්සියුලින් වේ.ඇමයිනෝ අම්ල පනස් එකකින් නිර්මාණය වූ සංයෝගවක් වන ඉන්සියුලින් අගන්‍යාසයේ බීටා සෛල තුළ නිපදවන අතර රුධිර ග්ලූකෝස් සාන්ද්‍රණය මගින් එකී නිෂ්පාදනය හා රුධිරයට ස්‍රාවය වීමඋත්තේජනය කෙරේ.රුධිරයේ ඇති ග්ලූකෝස් නිෂ්පාදනය වීම නිශේධනය කිරීම මගින් රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය ප්‍රශස්ත අගයේ පවත්වා ගැනීම ඉන්සියුලින් වල ප්‍රධාන කාර්ය භාරයයි.න්‍යායිකව දියවැඩියා ප්‍රධාන කොටස් දෙකකට බෙදෙයි.මෙහිදී දෙවන වර්ගයට අයත් දියවැඩියාව හෙවත් ඉන්සියුලින් මත රඳා නොපවතින දියවැඩියාවට බලපාන හේතු සාධක පළමුවැන්නට වඩා වෙනස්ය.මෙම රෝගිින්ගේ අග්න්‍යාසයේ ඉන්සියුලින් නිෂ්පාදනය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩිවීමටද හැකියාවක් පවතී.එහෙත් මේ හෝමෝනය අස්වාභාවිකය.
එම නිසා සෛල තුල දී නිසි අයුරින් ක්‍රියාත්මක වීම සිදු නොවේ.මෙම රෝගිි තත්වය වැඩි වශයෙන් දකින්නට ලැබෙන්නේ වැඩිහිටියන් අතර නිසා මෙය වැඩිහිටියන්ගේ දියවැඩියාව ලෙස හැදින්වේ.දියවැඩියා රෝගීන් ගෙන් දස දෙනෙක්ම අයත් වන්නේ මේ මෙම දෙවන කාණ්ඩයටය.
දියවැඩියාව ප්‍රධාන කොටස් දෙකකට බෙදුනද ප්‍රතිකාර කිරීමේදී සමහරවිට යම් යම් වෙනස් කම් සිදු විය හැකිය කෙසේවෙතත් මේ වන විට ඉන්සියුලින් එන්නත් කුප්පි ගබඩා කර තබාගනිමින් සෑම උදෑසනකම බෙඩ් ටී එක තරමට එන්නත ගන්නා දියවැඩියා රෝගීන් මෙරට බහුලය.
මෙි වන විට මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩුව මෙරට සිටින ඉන්සියුලින් නික්ෂේපනය කර ගන්නා රෝගීන් ගේ මරණ සහතික ලිවීමට සැලසුම් කර ඇතැයි අපට සැකයක් මතු වී තිබේ.මෙරට දියවැඩියා රෝගීන් සඳහා ඉන්සියුලින් ගෙන්වන ප්‍රධාන වෙළඳ සමාගම ප්‍රකාශ කරන ආකාරයට දැනට රට තුළ ඇති ඉන්සියුලින් ප්‍රමාණය සෑහෙන්නේ ඉදිරිි මාස දෙකහමාරකට පමනය. මෙම සමාගම ඉන්සියුලින් ගෙන්වීම සඳහා අවශ්‍ය කෙරෙන ඩොලර් ප්‍රමාණය මහ බැංකුවෙන් ඉල්ලා ඇතත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබේ.ඉන්සියුලින් ඉදිරියේදී මෙරට ඖෂධ වෙළඳපොළ තුල නැති වීමේ අවදානම පවතින්නේ මේ වටපිටාව තුළය.
මහ භාණ්ඩාගාරයේ ඩොලර් සංචිතයේ හිඟ කම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින පනහකට වසා දැමූ බව බල ශක්ති අමාත්‍ය වරයා අද නිල වශයෙන් නිවේදනය කරන ලදී.දැන් රට පුරා ඉන්ධන හිඟයක් පවතී.මීට මාස දෙකකට පෙර බලශක්ති අමාත්‍යවරයා පුරසාරම් දෙඩුවේ ඉන්ධන හිඟයක් මෙරට ඇති වීමට ඉඩ නොතබන බවය.
මිල්ටෙරි නන්දසේන හා තක්කඩි රාජපක්ෂ පවුලත් මෙි තක්කඩියන් හා සම්බන්ධ නොසන්ඩාල ජාවරමි කරුවන්ටත් පොදු ජන පෙරමුණට සම්බන්ධ කාලකණ්නි මැති ඇමතිවරුන්ටත් රට තුළ සිදුවෙන්නට ඉඩ ඇති මහා ඛේදවාචකය බඩ කට පුරා හම්බ කරගන්නා වසන්තයක් වී ඇති බව නම් පෙනීයයි.ඒ අතරේ ඉන්සියුලින් නොමැතිව මරණයට අත වනන දියාවැඩියා රෝගීන්ද මේ දුෂ්ට කාලකණ්නියන්ට හොඳ ඉල්ලමක් වන බව නිසැකය.