ඊශ්‍රායෙල් ජනතාවට මිසර දේශයේ සිට පොරොන්දු දේශය කරා යාමට වසර 40 (දීර්ඝ කාලයක්) ගත විය. ඊජිප්තුවේ සිට කානාන් දේශයට මීට වඩා කෙටි මගක් (ගාසා තීරය ඔස්සේ) තිබුණද , දෙවියන් වහන්සේ ඒ කෙටිමගින් ඔවුන් ගෙන නොගොස් ඒ සා දීර්ඝ කාලයක් ගත වන මගකින් ඊශ්‍රායෙල් වරුන් ගෙනගියේ ඇයි?
ඔවුන්ගේ විශ්වාසය මදකමත්, ඔවුන්ගේ විශ්වාසය ශක්තිමත් කිරීමට පාලුකරයේ අත්දැකීම ලබාදීමට දෙවියන් වහන්සේට අවශ්‍ය වූ නිසාත් යැයි මම විශ්වාස කරමි.
පාලුකරය, පරීක්ෂාවේ සහ දේව බල මහිමයේ අත්දැකීම් මිශ්‍ර ඉඩ හසරකි.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ සත්‍යය සොයා යන මේ අරගලය ද පාලුකරයේ අත්දැකීමකැයි මම විශ්වාස කරමි.
ඒ ගමන අතරතුර, රන් වස්සන් පෙන්වා මේ දෙවියන් වහන්සේ යැයි කියන්නන් ද, සාපිපාපිපාසාවෙන් දෙවියන් වහන්සේට එරෙහිව මැසිවිලි කියන්නන් ද සිටිය හැකිය. මාරාන්තික විෂ සහිත සර්පයින් ද, අප පසුපස හඹා එන පාරාවෝගේ සේනාව ද සිටිය හැකිය. ඒ සැම දේ ප්‍රබල අභියෝග මෙන්ම දුෂ්කර දුර්පරීක්ෂා ය.
ඒ සැම දේ ජයගත හැක්කේ මිනිස් බුද්ධියෙන් සහ කාය ශක්තියෙන් නොව, දේව අනුහසින් සහ දේව බල මහිමයෙන් පමණක් ම බව පාලුකරයේ අත්දැකීම ඔස්සේ ඊශ්‍රායෙල් ජනතාව අපට කියාදෙන පාඩමයි.
“පාස්කු ඉරිදා ප්‍රහාරයේ සත්‍යය” නැමැති පොරොන්දු දේශයට හැකි ඉක්මණින් ඇතුලුවීමට අපට අවශ්‍ය වුවත්, ඒ කෙතරම් කළෙකින්දැයි තීරණය කරන්නේ දෙවියන් වහන්සේ ය.
අප ඉටු කළ යුතු මූලික කාරනා දෙකක් තිබේ.
1. පරීක්ෂා ජය ගැනීමට අවශ්‍ය ඇදහිල්ල වර්ධනය කර ගැනීම
2. කෙතරම් අභියෝග සහ පරීක්ෂා ආවත් පොරොන්දු දේශය කරා යන ගමන නොනවත්වා යාම.
“පාස්කු ප්‍රහාරයේ සත්‍යය” නම් වූ පොරොන්දු දේශයට දෙවියන් වහන්සේ කවදා හෝ අප ගෙනයන බවනම් සක්සුදක් සේ විශ්වාසය.