උණුසුම් පුවත්

මෙහෙම ගියොත් නැවත කොරෝනා නගීවි…..” කියමින් ජනතාව මත වරද පටවා, සෞඛ්‍ය අමාත්‍යාංශය වගකීම් පැහැර හරිනවා -රවී කුමුදේශ් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය.

Spread the love

සෞඛ්‍ය අමාත්‍යාංශය තවන කොවිඩ් සමාජ ගතවීම ගැන පැහැදිළි ප්‍රකාශයක් කර නැතත්, අප මුහුණ දෙමින් සිටින්නේ රට තුල සමාජගතවූ වසංගතයකටය.  විද්‍යාත්මක ආවේක්ෂණක් නොමැතිව එය පාළණය කල නොහැක. නැවත රැලි ගැන සාස්තර කියන බොහෝ විශේෂඥයින්, විද්‍යාත්මක පුරෝකථන සදහා ඇති මාර්ග හිතාමතාම අහුරා දැමීම නැවත කොවිඩ් රැල්ල්ලක් ඇතිවීමට අදාල ප්‍රධාන හේතුවයි.

එබැවින් මේ මොහොතේ කොවිඩ් පරීක්ෂණ අකර්මන්‍ය කොට, අහඹු නියැදි පරීක්ෂණ සිදු කිරීමට ඇති මාර්ග අහුරා දමමින්, රට ඇතුලුවන සංචාරකයන්ගේ සහ ගුවන් මගීන්ගේ PCR පරීක්ෂණ සම්පූර්ණයෙන්ම නතර කර දැමීමේ මාර්ගෝපදේශ නිකුත් කරන සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු ඊට උඩගෙඩිදෙන විශේෂඥයින් නැවත ගෙන්වා ගනිමින් සිටින කොවිඩ් රැල්ලට සම්පූර්ණයෙන්ම වග කිව යුතුය.

පැය තුනක් ඇතුලත පරීක්ෂණ වාර්ථා ලබා දිය හැකි PCR රසායනාගාර දෙකක් තිබියදී, රටට ඇතුළුවන ගුවන් මගීන් පරීක්ෂාව අත හැර ඇත්තේ දේශපාළණ තීරණ සදහා එහෙයි කියණු ලබන සෞඛ්‍ය විශේෂඥ මතය භාවිත කරමිනි.  පරිත්‍යාග ලෙස ලැබී ඇති ජංගම PCR රසායනාගාර භාවිත කර රට පුරා අහඹු නියැදි පරීක්ෂණ සිදු කිරීමින් වසංගතයේ හිස එසවීම් කල් තබා පුරෝකථණය කල හැකිව තිබියදී, ඒ සදහා තීරණ නොගනිමින් සිටින්නේ සෞඛ්‍ය ප්‍රධානීන්ගේ උද්දච්ච තීරණ හේතුවෙනි.

එනයින් මේ මොහොතේ සෞඛ්‍ය බලධාරීන්ගේ කාර්‍ය වන්නේ ජනතාවට වැදි බන කියමින් වගකීම් පැහැර හැරීමට වඩා, වසංගතය නැවත හිස එසවීම කල් තබා වාර්තාකරමින්, නැවත සාමාන්‍යකරණය වෙමින් පවතින මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමය. රට පාළණය කිරීම සදහා අවශ්‍ය විද්‍යාත්මක මග පෙන්වීම සහ ඒ සදහා ඇති සෞඛ්‍යමය භාවිතාවන් තහවුරු කිරීමය.


Spread the love

Leave a Comment

You may also like