උණුසුම් පුවත්

ඇමරිකානු පුරවැසි බැසිල් හාමු ඡන්ද කතිරය සඳහා අල්ලස් දීම අරඹයි.

Spread the love

මිල්ටෙරි රාජපක්ෂ ආණ්ඩුව ඡන්ද කතිරය ලබා ගැනීමට කැරට් අලයක් විසි කිරීමට සූදානම් වන බව දැන ගන්නට තිබේ.රාජ්‍ය මුදල් ප්‍රතිපාදනයන් බලයේ සිටින දේශපාලන බල අධිකාරියට සිතු මතේ වියදම් කිරීමට නොහැකිය.එහෙත් දැන් මෙරට සිද්ධ වන්නේ ඇමරිකානු පුරවැසි මුදල් ඇමති බැසිල් රාජපක්ෂට ගේ ඕනෑ එපාකම් අනුව රාජ්‍ය මුල්‍ය පිළිබඳව තීන්දු තීරණ ගැනීමය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ xvii පරිච්ඡේදයේ 148 වන ව්‍යවස්ථාවේ සිට 153වන ව්‍යවස්ථාව දක්වා මෙරට මුල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව සඳහන්ව තිබේ.මේ ව්‍යවස්ථානු කූල සඳහන් කිරීම් අතරේ මෙරට විගණාකාධිපති කාර්ය භාරයද ඇතුළත්ය.ඉන් අනතුරුව මුදල් රෙගුලාසි ක්‍රියාත්මකය.එහෙත් මේ වන විට තක්කඩි රාජපක්ෂ වරු රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව හිතාගෙන ඉන්නේ උන්ගේ පසුම්බියේ ඇති නෝට්ටු කාසි ගානටය.මෙි තක්කඩියන් රාජ්‍ය මුදල් භාවිතා කරන්නට හදන්නේ අම්මා අප්පාගේ බූදලයක් විදියටය.මුදල් රෙගුලාසි ගැන මේ වාහෙලා තුට්ටුවකට

මායිම් නොකරයි.මෙය ඉතා බරපතල කාරණයක් වුවද විපක්ෂයේ ඒ ගැන කිසිදු විරෝධයක් නැත.විපක්ෂයේ  ඔතෑනි බව ඇමරිකානු පුරවැසියාට හා රාජපක්ෂ තක්කඩියන්ට  මාරම චාන්ස් එකක් තිබේ.විපක්ෂයේ ආර්ථික වි⁣ශේෂඥයකු වූ හර්ෂ ද සිල්වා නම් මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩුවෙි විෂමාචාර මුල්‍ය භාවිතය පිළිබඳව හිතේ අමාරුවෙන් කතා කරමින් සිටින බව දැක ගත හැකිය.එහෙත් ඔහුගේ ඒ විරෝධය පවා මාධ්‍ය වලට සීමා වූවක් විතරමය

රාජපක්ෂ තක්කඩියන් ගේ රාජ්‍ය මුදල් අවභාවිතාව පිළිබඳව විපක්ෂය විරෝධය වහා සක්‍රීය විය යුතුමය.එය නවතාලීමට නෛතික ක්‍රියාමාර්ගයකට එළඹෙනවා මිස වැල් බයිලා කිය කිය ඉඳීමෙන් රටට ජනතාවට සිඳුවන යහපතක් නැත

මේ වනවිට ඇමරිකානු පුරවැසි මුදල් ඇමති බැසිල් රාජපක්ෂ හාමු මුදල් බිලියන තොගයක් පොහොට්ටු දේශපාලඥයන්ට බෙදා දීමට සැළසුම් කර ඇත්තේ මෙවැනි පසුබිමකය.කිසිදු රාජ්‍ය මුල්‍යමය බැඳීමක් නොමැති දේශපාලන හෙංචයින් රාශියක් අතට  මෙම ⁣මුදල් තොගය මුදා හැරේ.ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පිහිටුවා ඇති සංවර්ධන කමිටු මේ සඳහා උපයෝගි කර ගනිමින් තිබෙන බවද වැඩිදුරටත් වාර්තා වෙි.මෙම ප්‍රාදේශීය සංවර්ධන කමිටු වල සභාපති වරු වන්නේ පාර්ලිමේන්තු නියෝජනය කෙරෙන පො⁣හොට්ටු මැති ඇමති මන්ත්‍රීවරුය.එහි අළුතෙන් උප සභාපති ධූරයක් ඇති කොට එම ප්‍රාදේශීය ලේකම් ⁣බල ප්‍රදේශය අයත් මැතිවරණ කොට්ඨාශයේ පොහොට්ටු සංවිධායක වරයා පත් කර තිබේ.මෙම පොහොට්ටු සංවිධායක වරුන්ගෙන් ඇතමකු කිසිදු ⁣රාජ්‍ය හෝ දේශපාලනික ආයතනික මට්ටමේ නියෝජනයක් නොමැති සාමාන්‍ය පුරවැසියන්ය.ඔවුන් හට මෙම සංවර්ධන කමිටු නියෝජනයට පවතින එකම සුදුසුකම වී ඇත්තේ පොහොට්ටු දේශපාලන සංවිධායක කමය.රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති හා මුදල් රෙගුලාසි වලට කිසිදු නෛතික බැඳීමක් නොමැති මේ සංවර්ධන කමිටු උප සභාපති වරයකු වෙත මුදා හැරෙන  මුල්‍ය ප්‍රතිපාදනය මිලියන දෙසීයකි.⁣අදාල මුල්‍ය ප්‍රතිපාදනයන්  යම් කොටසක් මුදා හැරීමේ බලය මෙතෙක් කල් පැවරුනේ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙතය.

එය එසේ වූ විට යම් දවසක මෙරට දේශපාලනික බල හුවමාරුවකින් පසුව මිල්ටෙරි නන්දසේන ගේ ආණ්ඩුව සිදු කරන ලද රාජ්‍ය මුල්‍ය අවභාවිතාව පිළිබඳව යම් දූෂණ චෝදනාවක්  ප්‍රාදේශීය ලේකම්වරුන් වෙතද එල්ල  වීමට ඉඩ හැකිව පැවතුනි.

එහෙත් ⁣මෙවර සංවර්ධන කමිටු හරහා ඉහත රාජ්‍ය යාන්ත්‍රනයෙන් පිටස්තරව මුදල් බෙදා හැරිමට රාජපක්ෂ තක්කඩියන් කටයුතු සැළසුම් කර ඇත්තේ සංවර්ධන කමිටු සභාපති හරහා මෙරට දහ   හතර දහසකට ආසන්නවූ ග්‍රාම සේවා වසම් තුල එක් වසමකට  මිලියන හතලිහක් වශයෙන්   මුදල් ප්‍රතිපාදනයන් බෙදා හැරීමටය. ජීවනෝපාය සංවර්ධනය යන ශීර්ෂය යටතේ සිදු කරන මේ මුදල් දන්සැල ඉදිරියේ පැවැත්වෙන මැතිවරණය ඉලක්ක කරගනිමින් දෙන  ඡන්ද අල්ලස් බව පැහැදිලිය.ඒ සමගම පලාත් පාලන මන්ත්‍රී කොට්ඨාශයකම ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකුට මිලියන හතරක මුදලක් ඒ කොට්ඨාශයේ සංවර්ධනය සඳහා මුදා හැරේ.මෙරට පක්ෂ  විපක්ෂ  ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සංඛ්‍යාව අටදහසකට ආසන්නය.ඒ මන්ත්‍රීවරුන් අතර ඡන්දයෙන් තේරී පත් වී ඇති සංඛ්‍යාව පන්දහසකට ආසන්නය.අනෙක් ප්‍රාදේශීය මන්ත්‍රී නියෝජනයන් ජාතික ලැයිස්තු ක්‍රමය යටතේය.රාජපක්ෂ තක්කඩි ගේම අනාවරණය කර ගත හැක්කේ මේ මන්ත්‍රී නියෝජනය පිළිබඳව අවධානය යොමු කරන විටය.ඉහතින් සඳහන් කරන මිලියන හතලිහක මුදල හිමි වන්නේ ඡන්දයෙන් තේරී පත්වූ ප්‍රාදේශීයසභා මන්ත්‍රී වරුන්ටය.මෙරට ප්‍රාදේශීය සභා වල ඡන්දයෙන් තේරී පත් වී ඇති ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ගේ  වැඩි පංගුව පොහොටිටු නියෝජනයන්ය.විපක්ෂය නියෝජනය කරන්නේ මැතිවරණයේදී

 පක්ෂයට හිමි වූ ඡන්ද ප්‍රතිශතය අනුව ලැයිස්තුවෙන් පත් කරන ලද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ය.ඇමරිකානු පුරවැසි බැසිල් හාමු මුදල් දෙන්නේ පොහොට්ටු ප්‍රාදේශීය මන්ත්‍රී වරුන්ට පමනක් බව අප සඳහන් කෙරුවේ ඒ නිසාය

ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට වෙන් කරන එම මුදල් ප්‍රතිපාදනයන් පිළිබඳව රාජ්‍ය යාන්ත්‍රනයේ වගකීමක් නැත.ඒවා වියදම් කෙරෙන්නේ පෙහොට්ටුවට ඡන්දෙ දෙන එවුන් කණ්ඩායම සංවිධානය කර ගැනීමටය.ඒවා රාජපක්ෂ තක්කඩි පවුලේ ජීවනෝපාය සංවර්ධනය තව දුරටත් තහවුරු කර ගැනීම සඳහා වීසි කරන මස් කටු බව සඳහන් කරතොත් එය නිවැරිදිය.මෙි සඳහා තක්කඩි රාජපක්ෂලා වැය කිරීමට අපේක්ෂිත මුදල කෝටි දසදහසකි.පොහොට්ටුවේ වුන්ට මේ මුදලින් මගුල් නටන්නට හැක.එහෙත් මහ බැංකුවේ ඇතිවන අය වැය පරතරය පියවා ගැනීමට මුදල් අච්චු ගසන්නට සිද්ධ වීමෙන් බඩේ පාර වදින්නේ රටේ ජනතාවටය.හතරදෙනකු සිටින පවුලක රාජ්‍ය ණය ගැති බව ලක්ෂ හත හමාරකට ආසන්න බව අප මෙහිදී දැන ගත යුතුය.

සංවර්ධන කමිටු සඳහා නිකමිම නිකම් දේශපාලන ගැත්තකු පත් කිරීම  පිළිබඳව අප සමගිජන බලවේගයේ ක්‍රියකාරිකයකු හා හිටපු ඇමතිවරයකු ගෙන් අදහස් විමසීමේදී ඔහු ප්‍රකාශ කරන ලද්දේ මෙම පත්කිරීම් වල නෛතික භාවයක් නොමැති වුවද පසුගිය රජයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද මේ ප්‍රතිපත්තියම ක්‍රියා කළ බවද එ දවස තමන් ඒ ගැන විරෝධතාව ප්‍රකාශ කරන ලද බවත්ය.එහිදී වැඩිදුරටත් ලංකා දවස ප්‍රශ්න කරන ලද්දේ වැරැද්දක් පූර්වාදර්ශයක් නොවන බවත් අහවලා වැරැද්දක් කළ විට එය ආදර්ශයට ගෙන  තව කෙනෙකුට එම  වැරැද්ද නොකළ හැකි බවය.හිටපු අමාත්‍යවරයා එය අනුමත කළ නමුත් රාජපක්ෂ තක්කඩියන්ගේ මෙම මුදල් අව භාවිතයට එරෙහිව විපක්ෂයේ ඉදිරි ක්‍රියා මාර්ගයක් ගැන ඔහුට කිසිම අදහසක් නොවීය.

අපට දැන් කණගාටු වීමට සිදු වී ඇත්තේ තක්කඩි රාජපක්ෂලා ගේම් ගැන නොව විපක්ෂයේ මෙන්න මේ මන්ද පෝෂණ ඈලි මෑලි දුබල ගතිය ගැනය.විපක්ෂයේ බොහෝ දෙනෙකු මාධ්‍ය වල වොයිස් කට් වීරයන් වුවද ඒවා මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩුව තඹ දොයිතුවකට මායිම් කරන්නේ නැත.සුනඛ අධෝවාතයක් තරම් වත් ගනන් ගන්නේ නැත.අල්ලස් දූෂණ කොමිෂම ගැන හෝ අළුත්කඩේ මහ උසාවියක් තියෙනවායැයි  විපක්ෂයට හැඟීමක් ඇත්තේම නැත.විපක්ෂයේ හැම කෙරුවාවක්ම මාධ්‍ය වොයිස් කටි එකකට සීමා වී තිබේ.අප මේ විපක්ෂය යනුවෙන් සඳහන් කරන්නේ සජිත් ප්‍රේමදාසගේ සමගිජන බල වේගයයි. 

අපට සිතෙන්නේ තවමත් විපක්ෂය ඉන්නේ දේශපාලන මොනිටසෝරියේ බවය.යහපාලන ආණ්ඩුව කාලයේ පොහොට්ටු පක්ෂයේ ක්‍රියාකාරිකයන් ගේ නිවාස වල සිටි සුනඛයන්ද අල්ලස් කොමිසමට සීඅයිඩීයට අළුත්කඩේ මහ උසාවියට  යහ පාලනයේ පයිල් උස්සාගෙන ගිය හැටි ගැනවත් විපක්ෂයට මතක නැත.ඒ දවස්වල යහපාලනයේ මැති ඇමතිවරයෙක් හයියෙන් අධෝවාතයක් යැව්වත් පොහොට්ටු පක්ෂය නඩු  නිමිත්තක් හදා ගත්තේය.

සමගි ජන බලවේගයේ දේශපාලන අඩව් ඇල්ලීම මහසෝන්  සමයමක් කර ගත යුතු කාලයක් උදා වී තිබේ.හරීන්, මනූෂ, මරික්කාර්, අප්පුහාමි ,හර්ෂ වැනි තරුණ දේශපාලන ක්‍රියාකාරිකයන් රට වටේ ගොස් මෙරට තරුණයන් දැනුවත් කිරීමේ වැඩ පිළිවෙලක් ඇරඹිය යුතුය.රාජිත සේනාරත්න වැන්නන් සිවිල් සමාජ  ක්‍රියාකාරිකයන් හා වැඩ ඇරඹිය යුුතුය.සෑම  මැතිවරණ කොට්ඨාශයකම ප්‍රධාන සංවිධායකයාට අමතරව දේශපාලන පරිපාලන ලේකම් වරයෙක් හා මාධ්‍ය සම්බන්ධීකරණ කටයුතු සඳහා ⁣ලේකම් වරයෙකු පත් කර ගත යුතුය.පක්ෂ ආසන බල මණ්ඩල හා ශාඛා සමිති වලින් පිටස්තරව දේශපාලනික බලවේග සම්බන්ධීකරණය කරමින් ⁣සම්බන්ධතා ගොඩ නගා ගත යුතුය.සයිබර් බලවේගයක් වහා සංවිධානය කළ යුතුමය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා රට තුල සෑම ප්‍රදේශයකම ජනතාව ඇමතීමේ වැඩ පිළිවෙලක් හැදිය යුතුය.එසේ නොමැතිව කළුවන් කළු වැනීයන් ඔන්න ඔහේ වැනීයන් දේශපාලනයක් තුළ ජනතාව ඒකරාශී නොවේ.

මිල්ටෙරි රාජපක්ෂගේ ආණ්ඩුව බලයට පත්වූ කාලයේ මෙරට අයවැය පරතරය බිලියන පන්සිය විසි දෙකකි.ඒ අයවැය පරතරය 2021 වර්ෂය වන විට බිලියන 

එකසිය පහලොවකි. මේ පරතරය පියවා ගැනීම සඳහා මේ වන විට මිල්ටෙරි නන්දසේන ගේ ආණ්ඩුව අච්චු ගසා ඇති මුදල මිලයන පනහකි.

මිල්ටෙරි නන්දසේන හා රාජපක්ෂ පවුලේ තක්කඩියන්ට ඕනෑ වී ඇත්තේ කවර ආකාරයේ හෝ ගේමක් සැලසුම් කොට බලය තහවුරු කර ගැනීමටය. මේ එළඹ ඇත්තේ ඒ නොසන්ඩාල සැළසුමි ක්‍රියාත්මක කිරීමේ හෝරාවයිතක්කඩි රාජපක්ෂවරුන්ගේ මේ ගේම් වලට රහ වැටී ඡන්ද කතිරය එවුන්ටම ගසා පාරක් ගානේ නැවත කිරි බත් කන්නට අපේක්ෂාවෙන් සිටින එවුන්ට අපට පවසන්නට ඇත්තේ මේ තොපි විකුනන්නේ තොපගේ දරුවන්ගේ හෙට දවස බවය.



Spread the love

Leave a Comment

You may also like