ජනාධිපති ගෝඨාභය විසින් ඊයේ පැවති සාකඡ්චාවක් අතරේදි පොලිස්පතිට දැනුම් දි ඇත්තේ වහාම පාස්කු ප්‍රහාරය පිලිබදව ජනාධිපති කොමිසමේ ඇති නිර්දේශ ක්‍රියා කිරීමට කටයුතු කරන ලෙසයි. බැසිල් රාජපක්ෂ තම නිහඩියාව බිදිමින් වහාම මෛත්‍රිපාල අත් අඩංගුවට ගෙන පාස්කු කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පතිට දැනුම දී ඇත.
මෙහිදි පොලිස්පති වික්‍රමරත්න දැනුම් දී ඇත්තේ පසුගිය බදාදා ඒ පිලිබදව නිතිපති උපදෙස් පතා ගොනුවක් යොමුකල බවයි. මෙසේ මෛත්‍රිපාල සිරිසේන අත් අඩංගුවට ගැනීමට ආණ්ඩුව ලහි ලහියේ ක්‍රියාකරන්නේ සමස්ථ ජනතාව හා විදෙස්ගත ශ්‍රි ලාංකිකයන් ගෙන් ආණ්ඩුවට එල්ලවෙන බරපතල චෝදනාවෙන් ලිස්සා යාමට හා රටේ දැන් උත්ගතව ඇති ප්‍රශ්ණ සියල්ලම දියාරු කර හැරීමට බව අප ගේ නිගමනයයි.
ගෝඨාභය ආණ්ඩුව කිසිම කලක පාස්කු ප්‍රහාරයේ නියම අපරාධ කුමණ්ත්‍රණකරුවන් අත් අඩංගුවට නොගන්න බව ඉර හද පවතින්නා සෙ අපට විශ්වාසය. ඒ හිටපු නිතිපති දප්පුලු ලිවේරා කියනවා සේ පාස්කු ප්‍රහාරය සහමුලින්ම කුමණ්ත්‍රනයක් බවයි. ඒ කුමණ්ත්‍රනකරුවන් ආණ්ඩු බලය ලබාගෙන ගෝය්ඨාභය ජනාධිපතිබවට පත් කලේය. මෙවනි බුද්ධි අංශ මෙහෙයවන ප්‍රහාරයන් ලෝකයේ තවත් කොතෙකුත් සිදුව ඇතත් කිසි කලකත් කුමන හෝ ආගමික කොටසක් ඉලක්කකර ගෙන මේ ආකාරයේ මිලේඡව සිදු කර නැත.
මේ ප්‍රහාරයේ වගකීම සම්පුර්ණයෙන්ම ජේෂඨ නියෝජ්‍ය පොලිස්පති ,රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන හා මෛත්‍රිපාල ජනාධිපති මේ කුමණ්ත්‍රනය අකුරක් නෑර දැන සිටි බවට ඕනෑවටත් වඩා සාක්ෂි ඉදිරිපත්ව ඇත. ඒත් දැන් සිදුවන්නේ ප්‍රධාන කුමණ්ත්‍රනයට අවශ්‍ය ඉඩ ප්‍රස්ථාව සැකසු සහායකරු රජයේ සාක්ෂිකරුවෙකු කොට සමස්ථ ත්‍රස්තප්‍රහාරයම දියාරු කොට නියම කුමණ්ත්‍රනකරුවන් සැඟවීම බව අපි ගෝඨාභය ආණ්ඩුවට මතක් කරන්නෙමු. මෛත්‍රි අත් අඩංගුවට ගැනීමෙන් ආණ්ඩුවට අවශ්‍ය රටේ කිරිපිටි,ගෑස්, පාන් මිල ඉහලයාම පිලිබදව ජනතාව ගේ අවධානය වෙනතකට යැවීමයි.