මානව පටක බද්ධ කිරීමේ (1987 අංක 48) – පනත උල්ලංඝනය කරමින් දිවයිනේ ජාලයක් ලෙස පැතිරී ගිය නීති විරෝධී මිනිස් අවයව ජාවාරම දැන් බෞද්ධ භික්‍ෂූන් ඉලක්ක කර ගනිමින් සිටින බව වාර්තා වෙයි. වෛද්‍ය මොනික් අඹේපිටිය , වෛද්‍ය හබීබා සහීෆ් ,වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි යන දූෂිත වෛද්‍යවරුන් ගේ කණ්ඩායමකින් සැදුම් ලත් මෙම මාෆියාව තම තැරැව්කරුවන් ලංකාවේ විවිධ පන්සල් වලට යවමින් වකුගඩු දන් දීමට තරුණ බෞද්ධ භික්‍ෂූන් පොළඹවා ගනිමින් සිටිති.
වකුගඩු තැරැව්කරුවන් දැන් පන්සල් වල..
—————————–
අස්‌ගිරි මහා විහාරීය කාරක සංඝ සභික ගරු අනුශාසක පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි පෙන්වා දෙන ආකාරයට වකුගඩු දන්දෙන පිරිස අතර වැඩිපුරම සිටින්නේ බෞද්ධ භික්‍ෂූන් ය. රංග මිගාර වීරක්කොඩි ගේ වකුගඩු මාෆියාව භික්‍ෂූන්වහන්සේලා වෙත තැරැව්කරුවන් යවමින් භික්‍ෂූන්වහන්සේලා වකුගඩු දායකයන් බවට පත් කරගෙන වකුගඩුවක් රුපියල් ලක්ෂ 30- 40 අතර මුදලකට කළු කඩයේ විකුණති. මෙම මාෆියාවේ තැරැව්කරුවන් දැන් පන්සල් වල සැරි සරති. ඔවුන් භික්‍ෂූන්ව වකුගඩු පරිත්‍යාගයට පොළඹවති. මුලදී දානයේ ආනිශංස කීමෙන් ද පසුව මුදල් දීමෙන් ද තැරැව්කරුවෝ බෞද්ධ භික්‍ෂූන්ව රවටා ගනිති. මොවුන් ගේ උපක්‍රම වලට බොහෝ තරුණ බෞද්ධ භික්‍ෂූන් අසුවී තිබේ.
වකුගඩු දායකයන්ව දිරිමත් කරමින් වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි විසින් ලියන ලද පත්‍රිකාවක් තැරැව්කරුවන් මාර්ගයෙන් බොහෝ පන්සල් වලට බෙදා තිබේ. “වකුගඩු දන් දෙන්නේ මෙහෙමයි” යන නමින් ලියා ඇති පත්‍රිකාවේ ඔහු මෙසේ ලියා තිබේ.
දොස්තර රංග මිගාරගේ නොමග යවන උපදෙස් සහිත කූඨ ලියවිල්ල..
—————————–
“වකුගඩු දායකයන් හට දීර්ඝකාලීන අතුරු ආබාධ සාමාන්‍යයෙන් ඇති වෙන්නේ නෑ. පර්යේෂණවලින් පෙන්වා දෙන පරිදි අධි රුධිර පීඩනය ඇති වීමේ සුළු අවදානමක් නම් තිබෙනවා. ඒ හැර තනි වකුගඩුවක් ඇති කෙනෙක්ට විශේෂිත වූ සංකූලතා ප්‍රශ්න වීමට සුළු ඉඩක් තිබෙනවා. (උදා. ගලක් හිර වීම, පිළිකා ඇති වීම, අනතුරුවලට ලක්වීම). සාමාන්‍ය කෙනෙක්ට වඩා නිතර වෛද්‍ය අවධානයට ලක්වන නිසා, වකුගඩු දායකයන්ගේ රෝග කලින්ම හඳුනා ගත හැකි නිසා ඔවුන් සම වයසේ පුද්ගලයන්ට වඩා වැඩි කලක් ජීවත්වන බව පර්යේෂණ මගින් පෙන්වා දී තිබෙනවා.” (වෛද්‍ය රංග වීරක්කොඩි).
වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි ගේ පත්‍රිකාව වකුගඩු දායකයන් නොමග යවන හා වකුගඩු දායකයන් බිලි බා ගන්නා කූඨ ලියවිල්ලක් ලෙස නම හෙලි කිරීමට අකමැති ප්‍රකට වකුගඩු පිලිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු පෙන්වා දුන්නේය. ( රංග මිගාර වීරක්කොඩි ගේ මෙම නොමග යවන පත්‍රිකාව අයිතිකරුවෙකු කතුවරයෙකු කව්දැයි සඟවා ගත් ඩොක්ටර් ඩොට් එල්කේ නම් සැක කටයුතු වෙබ් අඩවියක පමණක් ‘වකුගඩු දන් දෙන්නේ මෙහෙමයි’ මැයෙන් ප්‍රසිද්ධ කර තිබේ. .)
වකුගඩු මාෆියාව විසින් දිරිමත් කිරීම නිසා බොහෝ බෞද්ධ භික්‍ෂූන් වකුගඩු දන් දී තිබේ. බෞද්ධ භික්‍ෂූන්ව රවටා ලබා ගන්නා මෙම වකුගඩු, මාෆියාව විසින් රුපියල් මිලියන 3- 4 අතර මිලකට වකුගඩු රෝගීන්ට විකුණති. සාමාන්‍යයෙන් නීති විරෝධී වකුගඩු ජාවාරමේදී රෝගියාගෙන් ලක්‍ෂ 30 -40 ක පමණ මුදලක් අය කර ගන්නා අතර වකුගඩු දායකයාට ලක්‍ෂ 3-5 ක අතර මුදලක් දෙනු ලැබේ. තැරැව්කරුට රුපියල් 75,000 – 100000 අතර මුදලක් ලැබේ. ඉතිරි මුදල් ජාවාරමට සම්බන්ධ වෛද්‍යවරු සහ රෝහල බෙදා ගනිති. වකුගඩු මාෆියාවේ රැකවරණය සහිතව ලියකියවිලි වල සඳහන් නොකර බොහෝ වකුගඩු සැත්කම් රහසින් පුද්ගලික රෝහල් වල සිදු වන බව වාර්තා වේ.
තලල්ලේ උපාලි භික්‍ෂුව අකාලේ අපවත් විය..
—————————–
වකුගඩුවක් දන් දීමෙන් පසුව දායකයා ජීවිත කාලය පුරා ඖෂධ ගත යුතු අතර විශේෂ ආහාර පානද ලබා ගත යුතුය. එහෙත් වකුගඩු මාෆියාව විසින් මේ පිලිබඳව භික්‍ෂූන්ව දැණුවත් නොකරන අතර මේ නිසා වකුගඩු දන් දුන් භික්‍ෂූන් ගේ ජීවිත අණතුරට පත්වී තිබේ. වකුගඩු මාෆියාවට රැවටී තම වකුගඩුව දන් දී තලල්ලේ උපාලි නම් භික්‍ෂුව අකාලේ අපවත් වූ බව වාර්තා වෙයි.