උණුසුම් පුවත්

ලංකා දවසේ සිකුරාදා…… ජාවාරම්කාර නිරු තිරු සමාගම හා රාජපක්ෂ තක්කඩියන් පැන්ඩෝරාවෙන් එළියට…

Spread the love

සියුස් දෙවියා ලොව පළමු කාන්තාව වූ පැන්ඩෝරාට තෑගි දුන් පෙට්ටිය කිසිදා විවෘත නොකළ යුතු පෙට්ටියකි.එහෙත් ඒ පෙට්ටිය තුල තිබුණ දෑ බැලීමේ ආශාව පැන්ඩෝරාට ඇතිවිය.ඉවසී⁣මේ සීමාව ඉක්මවූ තැන පැන්ඩෝරා ඒ පෙට්ටිය විවෘත කළාය.එවිට එහි සිටි අවලස්සන කුඩා කුඩා කෘමීන් එළියට විත් පැන්ඩෝරා සපා කා  ඉවතට පියඹා ගියේය.ඒ දිනය ලෝකය අඳුරු වූ දිනයක් විය.ලෝකය පුරා වසංගත රෝග මරණය වෛරය නියඟය ඉරිසියාව යුද්දය  ඇරඹෙන්නේ එදා සිටය.සියුස් දෙවියන් මේ සියල්ල පෙට්ටියක බහා පැන්ඩෝරා⁣ට දී එය විවෘත නොකළ යුතු යැයි උපදෙස් දී තිබුණේ ඒ නිසාය. පෙට්ටියෙන් ඉවතට ගිය දුක් කරදර නැවත බහාලන ලෙස පැන්ඩෝරා සියුස් දෙවියන් ගෙන් ඉල්ලා සිටියාය.එහෙත් ඒ වන විට ඒ සියලු දුක් කරදර ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් පැවතුනි. පැන්ඩෝරාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප විය.

අද ලෝකය ආන්දෝලනයට පත් කරමින් පැන්ඩෝරා සුනාමියක් පැතිරී තිබේ.අපේ රටද මේ පැන්ඩෝරා සුනාමියෙන් විශාල කම්පනයකට ගොදුරුව සිටී.මේ පැන්ඩෝරාව යනු විශ්වයේ ගවේෂණාත්මක මාධ්‍යවේදීන් විසින්  අක්‍රමිකතාවන් වලින් ධනය උපයා ගත් ජාවාරම්කරුවන් පිළිබඳව ඉතා රහස්‍ය ලෙස ගවේෂණාත්මකව සොයාගත් තොරතුරුය.මේ මාධ්‍යවේදී පැන්ඩෝරාව
අනාවරණය කෙරෙන්නේ වසර හතෙන් හතටය.පසුගිය තුන්වනදා විවෘත කෙරුණ මාධ්‍ය පැන්ඩෝරා පත්‍රිකා 
අනාවරණය කිරීම් තුල ලෝක ඉතිහාසයේ පළමුවරට විශ්වයේ විවිධ රටවල සිටින මහා පරිමානයේ දේශපාලනික හා විවිධ ක්ෂේත්‍රවලට අයත් ප්‍රධාන පෙලේ ජාවාරම්
කාරයින් විසින් දූෂිත ආකාරයට අත්පත් කරගෙන සඟවාගෙන සිටින දේපොළ හා මුල්‍ය වත්කම් ගැන අනාවරණය කර ඇත.මෙම අනාවරණය කිරීම් සඳහා දායකත්වය දරා ඇත්තේ ජාත්‍යන්තර විමර්ශන මාධ්‍යවේදීන්⁣ගේ සම්මේලන යයි.
මේ සඳහා ගවේෂණාත්⁣මක මාධ්‍යවේදීන් හයසිය පනහකට ආසන්න පිරිසක්
සහභාගී වූ බව වාර්තා වෙි.
අපේ රට මේ පැන්ඩෝරා සුනාමියට අසු වූ ඇත්තේ ජනපති මිල්ටෙරි නන්දසේන
ගේ ඥාති දියණියක වූ නිරූපමා රාජපක්ෂ හා ඇයගේ සැමියා සතුව විදේශයන්හි තිබෙන බිලියන ගනනාවක වටිනා මුල්‍යමය දේපොළ පිළිබඳව ඒ තුළින් අනාවරණය කර ඇති නිසාය
අද අපේ රටේ ජනතාව සිටින්නේ වේල් දෙකක් බඩ පුරවාගන්නට බැරි අහේනියකය.පොඩි එකෙකුට දෙන්නට කිරි කඳුළක් නැතිය.බේත් ඖෂධ වල මිල ගනන් අහස උසට ගිහිල්ලාය.අතේ සතේ නැති දුගී සමාජයක දුක්
 අදෝනාවන් රට පුරා පැතිර යමින් තිබෙන වටපිටාවක මිල්ටෙරි නන්දසේන ගේ ඥාති බෑනා ගේ ගිනුම් 
වල සැගවූ බිලියන ගණන් මුදල්ය.
ලෝකය සමහර රටවල මිලට ගත් වටිනා ඉඩකඩම්ය.මිල්ටෙරි නන්දසේන
ගේ ඥාති දියණියට හා තිරු නඩේෂන් බෑණනුවන්ට මේ වත්කම් සතරවරම් දෙවියන් දුන් තෑගි නොවන බවද විශ්වාසය.මොවුන්සන්තකයේ ඇතැයි පැන්ඩෝරවෙන් අනාවරණය කර ඇති මේ දේපොළ මෙරට ජනතාව ගොනාට අන්දා සිදුකරන ලද කූඨ ජාවාරම්වලින් උපයා ගත් ඒවා බවට කිසිම සැකයක් නැත.සැබැවින්ම අද මේ රට තුළ හිඟන දුගී සමාජ වටපිටාවක් නිර්මාණය වූයේ
මේ තක්කඩි ජාවාරම්කාරයන් නිසා බව සමාජය දැන්වත් තේරුම් ගත යුතුය.
වාර්තා වන ආකාරයට මිල්ටෙරි නන්දසේනගේ ඥාතී මේ ජාවාරම්කාරකාර ජෝඩුවගේ අබිරහස් ධනස්කන්දය ඩොලර් බිලියන එකසිය හැටකට වඩා 
අධික බව කියවේ.මෙරට මධ්‍ය වාර්ෂික ආදායම ඩොලර් හාරදාහකට අඩුය.මේ රටේ බොහොමයකට මේ බිලියන ගනන් සිම්පල් කතාය.ඒ ගැන ⁣හොඳ නිදර්ශනයක් මෙම ලියුම්කරු සතුව ඇත.මෙරට වැදගත් නම්බුකාර වෘත්තිකයන් ලෙස සළකන වෛද්‍යවරයෙකුගෙන්ද ඉංජිනේරුවෙකු ගෙන්ද පැන්ඩෝරා සිද්ධියෙන් කියවෙන
තිරු නිරූපමා ජෝඩුව විසින් දූෂිතව උපයාගෙන ඇති දේපොළ පිළිබඳව අදහස කුමක්දැයි මෙම ලියුම්කරු විමසන ලදී.ඔවුන් දෙදෙනාගේම  පිළිතුර
වූයේ ඔවුන් විසින් හොඳින් හෝ නරකින් උපයාගෙන ඇති වත්කමි තමන්ට අදාල නොවන බවකි.මේ රට තුළ  ජීවත්වන වෘත්තිකයන් යැයි ලියාපදිංචි කෙරුන
පුරවැසියන් බොහොමයකගේ සිඟිති ආකල්ප ඔය විදිය බව කිව හැකිය.රටට හෙන ගැහෑව්වාට තමන්ගේ කූර පයියට හානියක් නොවෙනවානම් ඔවුන්ට ඒ ඇතිය.මිල්ටෙරි නන්දසේන හා  රාජපක්ෂ පවුල  කෙතරම් තක්කඩි ජාවරම්කාරයන් බවට සාක්ෂි සහිතව 
අනාවරණය වුවද මෙරට සමාජය තුළ පවතින ආත්මාර්ථකාමී ස්වභාවය නිසාම ඔවුන්ට ආරක්ෂාකාරීව සිය බඩජාරී පැවැත්ම තහවුරු කර ගැනීමට හැකිව තිබේ
අපේ රටේ මනස නොවැඩුන සිඟිති වෘත්තිකයන් එසේ කල්පනා කරද්දී පැන්ඩෝරා පත්‍රිකා අනාවරණය කළ විමර්ශන මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර 
සම්මේලනය නිරූ තිරු ජෝඩුව ප්‍රශ්ණ කිරීමකට ලක් කර ඇත
ඒ මෙසේය……
1990 මුල් භාගයේ සිට 2000 අතර කාලයේදී ඔබ ලන්ඩන් හා සිඩ්නි ප්‍රදේශයන්හි දේපොළ මිලදී ගැනීමට
සහ උපදේශන සේවා සැපයීම සඳහා
පිහිටුවා තිබුණ රොසෙට් ලිමිටඩ් නම් 
අක් වෙරළ සමාගමේ පාලක පක්ෂය
ලෙස පෙනී සිට ඇති බව අපට ලැබී ඇති පත්‍රිකා වලින් තහවුරු වේ.මෙම තොරතුරු නිවැරිදිද?
ඔබේ රට වන ශ්‍රී ලකාවේ බලාත්මක නීතිය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී
වරියක ලෙස ඔබ රොසෙට් ලිමිටඩ් ඔබට අයිති සමාගමක් බව හෙළි කර
සිටියාද ?ඔබේ දේපොළ පිළිබඳව හෙළි 
කළාද?
රොසෙට් ලිමිටඩ් නම් සමාගම කොන්ත්‍රාත් කරුවකු ලෙස සම්බන්ධ කර ගත්  ලංකා රජයේ ආයතන වලට
රොසෙට් ලිමිටඩ් ආයතනය ඔබට අයත් 
සමාගමක් බව හෙළි කර සිටියාද?එ⁣සේ
නොකළානම් ඒ ඇයි?
පැන්ඩෝරා පත්‍රිකා මගින් පෙන්නුම් කරන ආකාරයට ,ඔබ ඇමරිකානු ඩොලර් මිලියන පනස් එකක වටිනාකමින් යුතු කලා කෘති එකතුවක්
ඇති පැසිපික් භාරයේ ප්‍රතිලාභියකු බව පෙනී යයි.එය ඇත්තක්ද? එය ඇත්තක්
නම් ඔබ ඔබේ රටේ බදු නිළධාරීන් ඒ
පිළිබඳව දැනුවත් කළාද?
මෙම ප්‍රශ්න වලට පිළිතුරු දීම නිරු තරු ජෝඩුව ප්‍රතික්ශේප කර  ඇති බව අපට දැනගන්ට ලැබී තිබේ.ඒ අතරේ සත්ගුණවත් තිරු නඩේෂන් මුදලාලි පැන්ඩෝරා හෙළිදරව්ව ගැන කමිපාවට පත්ව මිල්ටෙරි නන්දසේනටත් අගමැති 
මහින්දටත් ලියුම් දෙකක් යවමින් කියා ඇත්තේ මෙි සිදුවීම් සොයන්නට විනිශ්චකාර වරයකු ⁣පත් කරන ලෙසටය.පාන්දර හීලටත් දහවල් දාන වේලටත් අරලිය ගහ මන්දිරයේ  කෑම මේසයේදී රාජපක්ෂ  පවුල හමුවන සත් ගුණවත් තිරු මුදලාලි රටේ නීතියෙන්
ඉටු කළ කාර්යභාරය ගැන නිර්දේශ ඉදිරිපත් කරම්න් මිල්ටෙරි නන්දසේනට තමන් පිළිබඳව ඉදිරිිිියේදී  ක්‍රියා කළ  යුතු ආකාරය මේ යැයි ලිඛිතව දෙන උපදෙස අපට නම් ⁣බඩ කොරවෙන තරමේ විහිළුවකි.
ඒ තවත් විදියකට තේරුම් ගන්නේ නම් නිරු තිරු ජෝඩුව ගැන ගත යුතු ඉදිරි ක්‍රියා මාර්ග පිළිබඳව තක්කඩි රාජපක්ෂ පවුල විසින් ඔවුන් සමගම සාකච්ඡා කොට ගත් තීන්දු තීරණ බළලා මල්ලෙන් එළියට පැන්නා වාගේය.
තිරු උඹ දැන් මට අහවල් අහවල් විදියට කරන්නැයි යෝජනා කොට ලිපියක් යොමු කරපන් යැයි මිල්ටෙරි නන්දසේන  පවසා ඇති බව අපට සිතේ. මේ තිරු නඩේෂන් සෙල්ලම් පොරක් නොවේ.ඔහු හා රාජපක්ෂ වරුන් අතර පවතින ළබැඳියාව තහවුරු වන බොහෝ සිදුවීම් පේලියට ලියන්නට අපට පුළුවන.බැසිල් රාජපක්ෂට මල්වානේ නිවස පිහිටි ඉඩමේ ඔප්පුව තිබුණේ මේ තිරු මුදලාලිගේ නමටය. මේ හේතුවට යහ පාලනය සමයේදී තිරු මුදලාලි අත්අඩංගුවට ගත්  නමුත් එක දවසින් ඇප ලබා ගන්නා ලදී. මේ අත් අඩංගුවට ගැනීමට පෙර ඔහු අගමැති රනිල් වික්‍රමසිංහට ලිපියක් යැවීය.ඒ ලිපියේ සඳහන් කර තිබුණේ බැසිල් රාජ
පක්ෂ තමා සතු දේපොළෙහි නිවසක් තනා ඇති බව ප්‍රවෘත්ති වලින් කියවෙන තුරු නොදන්නා බවය.රනිල් මැදිහත්ව එදවස සත්ගුනවත් තිරු මුදලාලි බේරාගත්තේය.තක්කඩි රාජපක්ෂලාට එරෙහිව යහපාලනය සමයේදී පැවරූ නඩු වලදී විත්තිකාර පාර්ශවය වෙතින් 
අධිකරණයට සිය නිදහස පතා ඉදිරිපත් කළ සාක්ෂි එවැනි විහිළුකාර ඒවා විය.ඩේසි ආච්චිගේ මැණික් මල්ලද එවැනි සාක්ෂියකි
මෙරට අධිකරණයේ නපුංසක නඩුකාරයන් විසින් මෙම විහිළුකාර සාක්ෂි පිළිගැනීමද අප විශේෂ අවධානයට ගත  යුත්තකි.
කෙදිනක හෝ අපේ රට වැදගත් ආකාරයට සංවර්ධනාත්මක ප්‍රවේශයකට එළඹෙන්නේ නම්
පළමුවෙන් සුද්ද කළ යුත්තේ මේ දූෂිත අධිකරණයයි.එහිදී රාජපක්ෂ තක්කඩියන්ගේ ඔ⁣ඩොක්කු කුක්කන් වී සිටින නපුසංක නඩුකාරයන් ගේ කොට් බෑ ගලවා අධිකරණ භූමියෙන් එළවා දැමිය යුත්තේමය.මේ නපුසංක කාලකණ්නියන් අධිකරණයට සිදු කරන ලද හානිය  ගැන එහිදී ජනතාව දැනුවත්

කළ යුතුය.එසේ නැතිනම් මේ අධිකරණ

මාෆියා නපුසංකයන් විසින් ගරු අධිකරණය ⁣මේං කෙලසනවෝ යැයි බෙරිහන් දෙන්නටත් බුරන්ටත් විලාප දෙන්ටත් පටන් ගනු ඇත්තේය.

තක්කඩි රාජපක්ෂ පවුලේ සියළු ජාවාරම් වලට ආරක්ෂාව සපයන්නේ පාදඩ සුනඛයන්ටත් අන්ත මෙම අධිකරණ මාෆියාව විසින් බව මේ රටට ආදරය කරන දේශපාලඥයන් දැන ගත යුතුම කාරණයකි.

තිරු නඩේසන් වැනි ජාවාරම් කාරයන්ගේ තක්කඩි ගනුදෙනු වලට නිත්‍යනුකූල බව ප්‍රදානය කරන්නේද  මෙම අධිකරණ මාෆියාවෙනි.මේ වන විට නිරු තිරු ගේ පැන්ඩෝරා ගණුදෙනු ගැන සොයන්නට මිල්ටෙරි නන්දසේන අල්ලස් කොමිෂම

උපදෙස් දී ඇත.ඒ උපදේශය හරියට හොරාගෙ අම්මාගෙන් පේන අහනවා වාගේ වැඩක් යැයි හැඳින්නුවාට කිසිම වරද නැත.

මේ තිරු නඩේෂන් තක්කඩි රාජපක්ෂ පවුලට කෙතරම් සම්බන්ධ දැයි තහවුරු කර ගත හැකි හොඳම සාක්ෂිය මලිත් ජයතිලක ලියු ජනවාරි අට වෙනිදා විප්ලවය ඇසින් දුටු සාක්ෂි පොතේ ලියවී තිබේ.මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරණයෙන් ජයගැනීමත් සමගම

අරලිය ගහ මන්දිරයේ සිර වී සිටි මහින්ද රාජපක්ෂ ඇතුළු තක්කඩියන් ආරක්ෂා කර ගැනීමට එහි පැමිණියේ තිරු නඩේෂන් හා රනිල් වික්‍රමසිංහ බව එහි දැක්වේ

සත්ගුණවත් තිරු නඩේෂන් මුදලාලි හා රාජපක්ෂ තක්කඩියන් හා ළබැඳියාව ඒ තරමට සමීපය.සැබැවින්ම රාජපක්ෂ වරුන්ගේ දූෂිත ජාවරම් වල තැන්පත් කරු මේ තිරු නඩේෂන්ය.ඊයේ පෙරේදා ලහි ලහියේ ඇමරිකානු පුරවැසි  ඇමති බැසිල් මුදල් විශිද්ධිකරණ පනත සම්මත කර ගත්තේ ඔය තිරු නඩේෂන් ලා ලඟ රාජපක්ෂ වරුන් සඟවා ඇති කලු  සල්ලි සුදු කරගැනීමේ අදහසින් බව මේ සිද්ධ වෙන ඒවායෙන් අපට සිතා ගත හැක්කේය⁣

රටේ ජනතාවගෙන් හතරෙන් තුනක් දැන් තක්කඩි රාජපක්ෂලාට හෙණ ඉල්ලමින් සිටී.මේ පවුකාරයන් පවුල් පිටින් හැඳි ගෑවී යුතුයැයි පලිගසති.

දෙවියන් ඉන්නවායැයි පිලි ගත්තද නොගත්තද රාජපක්ෂ තක්කඩියන්ට දැන් දැන්  මුහුණ දෙන්නට සිදු වී ඇති කුණ්ඩවාල දෙස බලන විට අපට හිතා ගන්නට තියෙන්නේ මොවුන්ගේ පවුකාරකම් දැන් පල දෙමින් තියෙන 

බවය.මහින්ද රාජපක්ෂ යනු බෞද්ධකම පොරවා ගත් අමු තක්කඩි සොර දෙටුවෙකි.සිය බඩජාරී පැවැත්ම සඳහා ශිරන්ති හාමු පවා ඕනෑම එකෙකුට පාවා දෙන්නෙකි.තජුඩීන් අකාලයේ මරා දැමෙන්නේ ශිරන්ති හාමු සමග සිදු කළ රහස් රති සෙල්ලම් දුර දිග ගිය නිසාය.අරලිය වලව්වේ සිද්ධ වූ මෙවැනි හොඳ හොඳ සෙල්ලම් කවදා හෝ එළියට එනු ඇත

තක්කඩි මහින්ද රාජපක්ෂ යනු අනාගතයේ දවසක කිසියම් අකාරුණික දෛවයක බලපෑමෙන් අපේ රට ඉස්ලාමික පාලනයකට යටත් වුව හොත් තමන් අල්ලාගේ සමීපතම ඥාතියෙක් බවට හතර අතේ දිවුරන ජාතියේ එකෙකි.එවැනි කාලකණ්නි චෞර පවුලේ පාලනය මේ රටේ පවතින තුරු

නිරු- තිරු ජඩයන්ද යෙහෙන් වැජඹෙනු ඇතැයි අපට කිව හැකිය.


Spread the love

Leave a Comment

You may also like