ජනාධිපති කාර්යාල අපගේ තොරතුරුකරුවන් විසින් පෙන්වා දෙන්නේ ඉතාම හදිසියේ අද (7) වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හදිසි හමුවක් පැවැත්වෙන බවයි.
ඒත් මේ තොරතුරු සත්‍යතාවය පිලිබදව විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ද කර ගැනීමට සුදානම් වුවත් මේ වනවිට අළුයම කාලය වන නිසා අද උදෑසනම මේ පිලිබදව විමසීමට අපේක්ෂා කරන්නෙමු . රාජපක්ෂ ආණ්ඩුව මේවනවිට සියළුම තැන් තුලින් දැඩි ජනතා අප්‍රසාදයට ලක්ව ඇති මොහොතකි. එසේම තම දේශපාලන සගයා වු රංජන් රාමනායක රාජපක්ෂලා ගේ වුවමනාව මත සිරකර තැබීම නිසාත් ආණ්ඩුව සමඟ කුමන මට්ටමේ හෝ සාකඡ්චාවක් කිසි සේත් ජනතාව අපේක්ෂා නොකරන බව සටහන් කල යුතුය.
එසේම ජනතා අප්‍රසාදයට හා ජනතාව ගේ වෛරයට පාත්‍රවී ඇති ගෝඨාභය ආණ්ඩුව සමඟ කතා කිරීම සමගි ජනබල වේගයේ සෞඛ්‍යයට හිතකර නොවන බවට ඉතාම විශ්වාසවන්ත තොරතුරු ලැබී ඇත. තවද පසු ගියදා රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් ආරක්ෂක කවුනසිලයට ද වාර්තා කර ඇත්තේ ආණ්ඩුව ඉතාම සිග්‍රපිරිහීමකට ලක්ව ඇති බවයි. ඒ නිසාම ආණ්ඩුව විවිධ උපක්‍රම යොදා පවතින දේශපාලන පක්ෂ විනාශ කිරීමට සුදානම් විය හැකි බව අපගේ මතයයි.
කෙසේ නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථිරවම ජනාධිපති හමුවෙනු ඇතැයි තහවුරු කොට නැත.අපි මේ හමුව පිලිබදව දැඩි අවධානයෙන් සිට කඩිනම් විස්තරක් ඔබවෙතට ගෙන එන්නෙමු.