On Tue, 21 Sep 2021 at 17:40,
වියට්නාමයේ නිර්මාතෘ හෝචිමින් විසින් චීනුන් ගැන වියට්නාම් ජනතාව දැනුවත් කරපු කාරණයක් ඔහු විසින් රචිත සිරගත නොවූ සිතුවිලි ග්‍රන්ථයේ සඳහන් වන්නේ මෙි ආකාරයෙනි.
“මෝඩයිනේ චීන්නු අපේ රටේ රැඳී සිටීම යනු කවරක්දැයි නුඹලා වටහා නොගන්නේ ඇයි?නුඹලාට මතක නැද්ද අතීතය.අන්තිමට චීන්නු අපේ රටට ආපු සැරේ ඔවුන් අවුරුදු දාහක් මේ රටේ ලැග්ගා.ප්‍රංශකාරයන් පරදේශකාරයන් ඔවුන් දුර්වලයි.යටත්විජිත කෙරුවාවන් දැන් මිය යමින් තියෙන දෙයක්.සුද්දා ක්‍රමයෙන් ආසියාවෙන් ඉවත් වෙමිනුයි ඉන්නෙ.ඒත් චීන මෙහෙ නැවතුනොත් උන් ආයෙ කවදාවත් ආපහු යන්නෑ.මට නම් මුළු ජීවිත කාලෙම චීනන්ගෙ අසූචි කකා ඉන්නවට වඩා හොදයි ප්‍රංශ කාරයන්ගෙ අසූචි ඉඹ ඉඹ ඉන්න එක“….
හෝචිමින් විසින් රචිත මෙම “සිරගත නොවූ සිතුවිලි” ග්‍රන්ථය ලක්ෂාන්ත අතුකෝරාළ ලේඛකයා සිංහලට පරිවර්තනය කර තිබේ.අප හෝචිමින් ගේ ප්‍රකාශය උපුටාගන්නා ලද්දේ ලක්ෂාන්තගේ සිංහල පරිවර්තනයෙනි. මේ වනවිට අපේ රටේ ජනතාවද සූදානම් වී සිටින්නේ චීනුන්ගේ අසූචි කෑමටය.එදා වියට්නාම් ජනතාව චීන මකරා ගෙන් ගලවාගන්නට හෝචිමින් වැනි දුර දක්නා නුවනක් ඇති දේශප්‍රේමී නායකයෙක් සිටි නමුත් අද මෙරට සිටින්නේ අපට චීන අසූචි කවන්නට වෑයම් කරන නායක නොසන්ඩාල පවුලකි.සිංහල බෞද්ධකමට මුවා වී ජනතාව ගොන් වස්සන්ට අන්දා මෙරට ආණ්ඩු බලය ගත් මිල්ටෙරි නන්දසේන හා රාජපක්ෂ පවුලේ තක්කඩි කෙරුවාවේ තරම රටේ ජනතාවට විඳ දරාගන්නට බැරි තරමේය.එහෙත් කිසිවකුගේවත් හාවක් හූවක් නැත. කෝවිඩි වසංගතය රාජපක්ෂ වරුන්ට රට ඕනෑ විදියට පාලනය කරන්නට දුන් ලැයිසොමක් වාගේය.මේ වන විට මිල්ටෙරි නන්දසේන ගේ ගොබ්බ හෙංචයියන් හා රාජපක්ෂ පවුලේ කසල ශෝධකයන් රාජ්‍ය පරිපාලනයේ ව්‍යවස්ථානුකූල ගෞරවණීය බව හා ස්වාධීනත්වය මිනී කනත්තට දක්කාගෙන යමින් තිබේ.රට ඇද වැටෙමින් ඇත්තේ මහා ප්‍රපාතයකටය. රාජපක්ෂවරුන් විසින් මෙරට පරිපාලනය තුළ ඕනෑ කමින් මුදා හරින ලද මේ මහා අවුල් සහගත බව ඔවුන් විසින් ඉතා සැළසුම් සහගතව සිදු කරමින් පවතින මහජන දේපොල කොල්ලයට හා දූෂිත ජාවාරම් වලට මහත් පිටුවහලක්ව පවතී.ඔවුන් ඒ සඳහා මෙරට අධිකරණය පොලීසිය හා හමුදා සේවාවන් හා යුක්තිය පසිඳලීමට සම්බන්ධ සියළු ආයතන පවා නපුංසකරණයට ලක් කරන ලදී.ඉදිරි කාලයේදී රාජපක්ෂවරුන්ගේ මේ අධිපතිවාදී හැසිරීමට විරුද්ධ වන ඕනෑම කෙනෙකුට හිට්ලර් පන්නයේ දඬුවමකට යටත් වන්නට සිදු විය හැකි බව නම් නිසැක කාරණයකි.
රාජපක්ෂවරුන්ගේ සියළු නොසන්ඩාල වැඩ හෙට අනිද්දා වන විට මේ රටෙි නීතිය බවට පත් වනු ඇති බවට අප කැට තබා සදහන් කරමු. මිල්ටෙරි නන්දසේන බලයට පත් වූ විගස විසි වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ රාජපක්ෂ වරුන්ගේ ජාවාරම්කාර තක්කඩි ක්‍රියාදාමයේ පහසුවට මිස රටේ ජනතාවට ඇති කරුණාව නිසා නොවේ.දෙබිඩි පුරවැසිකම පාර්ලිමේන්තු නියෝජනයට බාධාවක් නොවන බවට යෝජනා කොට එය මෙරට ව්‍යවස්ථානුකූල අයිතියක් කර ගත්තේ පවුලේ වුවමනාවටය.මේ දෙබිඩ්ඩන් පාර්ලිමේන්තුවට එනවාට එරෙහිවූ ඊනියා දේශප්‍රේමීන් හා කසඩ චීවරධාරීන් අද ආගිය අතක් නැත.ඔවුන් සියල්ලන්ම රාජපක්ෂ තක්කඩියන්ගේ ඔඩොක්කු කුක්කන්ය.යහපාලනය
සමයේ රටේ එක බිම් අඟලක් හෝ විදේශිකයන්ට විකිණීමට ඉඩ නොදෙන බවට මහා ජන ගංඟා ඉදිරියේ සිංහ ගර්ජනා කළ රාජපක්ෂ තක්කඩියන්ට අත්පොළසන් දුන් හා පාවඩ දැමූ කෂඩ චීවරධාරීන් හා ඊනියා දේශප්‍රේමීන් ගේ රෙදි අද වන විට ගැලවී හමාරය.
එහෙත් තවමත් ඔවුන් තක්කඩි රාජපක්ෂ වරුන් ආරක්ෂා කරගැනීම සඳහා සෙත් පිරිත් කියති.ජය ගෝෂා නගති.කවි ලියති.වොයිස් කට් දෙති.විපක්ෂය සමග ගහ මරා ගන්නට දඟලති.සැබවින්ම ආතක් පාතක් නැති මේ ඔඩොක්කු කුක්කන් නාඩගම්කාර නපුංසක බහුබූතයන් බව දැන් සමාජයට වැටහී අවසන්ය’
මිල්ටෙරි නන්දසේන හා රාජපක්ෂ තක්කඩියන් තමන්ගේ ජාවාරම්කාර ගණුදෙනු වැඩි වශයෙන් කරන්නේද චීනය සමගය.චීනයද දැන් මෙරට භූමිය ඉතා සැළසුම් සහගතව අත්පත් කරගනිමින් සිටීමෙරට කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන් විනාශ කිරීම චීනයේ අපේක්ෂාවයි. චීනයේ ඒ වුවමනාව ඉටු කිරීමට රාජපක්ෂ පවුලද සූදානමිනි.ඒ සදහා තක්කඩි රාජපක්ෂ වරුන්ට චීනයෙන් ලැබෙන ගණුදෙනුව අති විශාලය.
මෙරට ජනතාවගේ ආඩම්බරකාර ස්වභාවය ඇත්තේ කෘෂිකර්මාන්තය තුළ බව චීනය දනී.පියවරෙන් පියවර එය විනාශ කිරීමෙන් මෙරට ජනතාව බයාදු හිඟන්නන් බවට පත් කොට තම අරමුණු සාක්ෂාත් කර ගැනීම ඔවුන්ගේ සැළසුම වී ඇත්තේය.මේ අතර රාජපක්ෂ වරුන්ද තමන්ගේ නොසන්ඩාල ව්‍යාපාර ජාලය මෙරට තහවුරු කරගැනීමට පියවර ගනිමින් සිටී.යුක්රේනයෙන් ගණිකාවන් මෙරට ගෙන එන්නේ එම ව්‍යාපාර ජාලයේ පළමු පරිච්ඡේදය අරඹමිනි.ඉදිරියේදී මෙරට වැව් පද්ධතිය සංචාරක කටයුතු යොදා ගනු ඇත්තේය.එම වැව් තාවුල්ලේ ඇවිදින මං තීරු ඉඳිකරමින් පවතින්නේ ඒ නිසාය.
මේ වනවිට පිදුරුතලාගල සීගිරිය හා කොග්ගල ජලාශය ආදී ආකර්ශනීය ස්ථාන සඳහා ප්‍රවේශ වීමට කේබල් කාර් ව්‍යාපෘතියක්ද සැළසුම් කොට හමාරය.මෙම ව්‍යාපෘතිය භාරව ඉන්නේ මිල්ටෙරි නන්දසේනගේ උපදෙස් මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්දන විසින් වීම විශේෂයකි. මහනුවර දළදා මාලිගය ආසන්නයේ නුවර වැව ඉහළින් ද ශ්‍රීපාද කන්ද ආශ්‍රිතවද මෙම කේබල් කාර් ඉඳිකිරීමට අපේක්ෂිත නමුත් එය පසුවට කල් දමා ඇත්තේ පළමු ඉඳිකිරීම් වලින් පසුව කේබල් කාර් යනු මොනවාදැයි ජනතාව දැනුවත් වීමෙන් පසුව එම ඉඳිකිරීමට මිල්ටෙරිි නන්දසේන උපදෙස් දී ඇති නිසාය.
මෙරට සම්ප්‍රදායික කෘෂිකර්මය හා අපනයන බෝග වගාව විනාශ කිරීම දැනටත් රාජපක්ෂ කොල්ලකරුවන් අරඹා තිබේ.මිල්ටෙරි නන්දසේන සිය ගජ මිතුරාගේ ඇවන්ගාඩ් සමාගමට බින්තැන්න ප්‍රදේශයෙන් අක්කර දෙදහසක් දෙන්නේ මේ රටේ භූමිය ඒකාගේ මුසල්මානු මී මුත්තාගේ බූදලයක් ලෙස සිතාගෙන වෙන්නට ඕනෑය.මේ අක්කර දෙදහසට වන සංරක්ෂණ කලාපයද අයත් වී තිබේ.
මෙරටට රසායනික පෝර ගෙන්වීම අත්හිටුවීමද මෙම න්‍යාය පත්‍රයේ තවත් අංඟයකි.රාජපක්ෂලා මේ හැම හොර මගඩියක්ම සිද්ධ කරන්නේ දේශප්‍රේමිත්වයේ සළු පොරවාගෙනය. පෝර අපනයනය අත්හිටුවීම සමාජගත කරන්නේ මෙරට මහා කාබනික වගා ව්‍යාපෘතියක් දියත් කළ විදියටය.කිසිදු විකල්ප සැලසුමක් නැතුව හෙණයක් වැදුන තාලයට පෝර අපනයනය නැවැත්වීම තුලින් රාජපක්ෂ තක්කඩියන්ගේ අපේක්ෂාව මෙරට කෘෂිකර්මාන්තය අංග විකල කර දැමීමය.චීනයෙන් මෙරටට ගෙන ඒමට අපේක්ෂා කරණ විස රසායනික අඩංගු කාබනික පොහොර යෙදීමෙන් මෙරට කෘෂිකර්මාන්තය හා අපනයන බෝග වගාව සම්පූර්ණයෙන්ම විනාශ වී යනු ඇත්තේය.
කෝවිඩ් වෛරසය මෙරටට මුදා හරින ලද්දේ චීනය බවට ජාත්‍යන්තරය තුළ මේ වන විටත් සැකයක් පවතී.එවැනිම රසායනික ප්‍රහාරයක් චීනය අපගේ රබර් වගාවට එල්ල කොට ඇතැයි කියවෙන තොරතුරක් අපට ලැබී තිබේ.අපගේ රබර් ලෝක වෙළඳපොළෙහි ඉහල වටිනාකමක් ලබා ගත් අපනයන භාණ්ඩයකි.රබර් වතු පිහිටා ඇති ප්‍රදේශයන්ද ස්වභාවික ජල ගහනයෙන් සුසැදි භූමියන්ය.ඒ කාරණා මූලික කර ගනිම්න් අපේ රබර් කර්මාන්තය ගැන අවධානය යොමු කළ හොත් එක්කෝ අප රබර් කර්මාන්තය තව දුරටත් ව්‍යාප්ත කළ යුතුය.එසේ නැතහොත් ඒ ආශ්‍රිත ඉඩමි සංචාරක කර්මාන්තයට යෙදා ගත හැක්කේය.ඒ හා සබැඳිව තක්කඩි රාජපක්ෂලා හා චීනය අතර රහස් සම්මුතිය වන්නේ මේ ප්‍රදේශ සංචාරක කර්මාන්තයට යෙදවීමය.
චීනය අපේ රබර් කර්මාන්තය සුන්නත් දූලි කර දැමීමට රසායනික ප්‍රහාරයක් යොදා ගෙන ඇතැයි අපට ලැබුන තොරතුර අප යම්තාක් දුරකට හෝ විශ්වාස කරන්නේ ඉහත කරුණු පාදක කරගනිමිනි. මේ වන විට මෙරට කෑගල්ල රත්නපුර කළුතර මොනරාගල ආදී භූමි ප්‍රදේශ ආවරණය කරගනිමින් තිබෙන රබර් වගාවන් තුල කොල පතනය සිදුවන දිලීරයක් ව්‍යාප්ත වී තිබේ.සාමාන්‍යයෙන් ජනවාරි සිට මැයි දක්වා කාලය තුල රබර් ගසෙහි ස්වභාවික කොල වැටීම සිදු වේ.එහෙත් දැනට රබර් වතු වල ව්‍යාප්ත වන කොල පතන දිලීරය නිසා රබර් කර්මාන්තය සම්පූර්ණයෙන් බිඳ වැටෙන වටපිටාවක් නිර්මාණය වී ඇත. දෙදහස් විස්ස අවුරුද්දේ රබර් අපනයනයෙන් මෙරට ලැබූ ආදායම බිලියන අටසිය දාසයකි.මෙම දිලීර රෝගය ව්‍යාප්ත වුවහොත් මෙම අපනයන ආදායම රටට අහිමි වන බව පැහැදිලිය.රබර් වතු පුරා ව්‍යාප්ත වෙමින් පවතින මෙම දිලීර රෝගය පළමුවෙන් සොයා ඉන්දුනීසියාවේ බවද අනතුරුව ඉන්දියාවට ව්‍යාප්ත වූ බවද කියවේ.අපේ රට තුලට මෙම දිලීර රෝගය ආවේ සුළඟ නිසා යැයි අදහසක් පවතී.එහෙත් අප අපගේ රටට බලපාන මෝසම් වැහි සමග හමන සුළං රටාව නිරීක්ෂණය කරන විට කෑගල්ලේ රබර් වතු වලින් මෙම රෝගය ආරම්භ වීමට කිසිදු පදනමක් නැත.මෑතකදී යූ ටියුබයේ වූ දෘශ්‍ය ප්‍රකාශනයක අප දුටුවේ කෑගල්ල ප්‍රදේශයේ ගමක චීන ජාතිකයන් පදිංචිව සිටින ආකාරයයි.චීනය සිය අවශ්‍යතාව ඉටු කර ගැනීම සඳහා මෙරට බොහෝ දේවල් සිදු කරමින් සිටින බවද අප දනිමු.චීනයේ උපක්‍රමශීලීව අරඹා ඇති ලංකාව ග්‍රහණයට ගැනීම සංස්කෘතිකමය ලෙසද ආගමික ස්වරූපයෙන්ද සංවර්ධන ව්‍යාපෘති ආකාරයෙන්ද රහස් මෙහෙයුම් විදියටද ආදී ලෙස විවිධ හැඩයන්ගෙන් රට තුළ විහිදී යමින් තිබේ.ඒ සඳහා ඔවුන්ට තක්කඩි රාජපක්ෂවරුන්ගේ සහයෝගය හා උපකාරයද නොඅඩුව ලැබෙමින් පවතී.මෙරට රබර් කර්මාන්ත යේ විනාශයද රාජපක්ෂ තක්කඩියන්ගේ
හා චීනයේ රහස් ව්‍යාපෘතියක කොටසක් ලෙස අප සැක කිරීමේ වරදක් නැතැයි සිතෙන්නේ අද මෙරට සිදුවෙන ඇඟ හීතල වෙන පුවත් ඇසෙන විටය.
කෙසේ වෙතත් අප මේ ලියවිල්ලේ ආරම්භයේදී සඳහන් කළ හෝචිමින් වීරයාගේ ප්‍රකාශය අපට ගලපා ගත හොත් කිව හැක්කේ අපේ දරුවන්ට හෙට දවසේ චීන අසූචි බුදිමින් ජීවත්වන්නට හැකි බවය.සැබවින්ම ඔබ ඒ සඳහා සූදානම්දැයි අපි ඔබගෙන් විමසමු .