උණුසුම් පුවත්

ගෝඨා ගේ ඇඹනියවු සීතා ගේ ගාන කැපිල්ලට පොල්ල දැමු මහාචාර්ය ගෙදර යවයි.

Spread the love

ආයුර්වේද දෙපාර්තමේන්තු කොමිසමේ කොමසාරිස් වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් රජය හා දෙරණ එක්ව මහා ප්‍රචාරයක් ගෙන ගිය ධම්මික පැණිය සඳහා දී තිබුණු තාවකාලික බලපත්‍රය ඉවත් කර ගන්නා බව දැන්වීය.
වෙදෙකු යැයි හඳුන්වා ගත් ධම්මික නමැත්තා මෙම ධම්මික පැණිය සොයා ගනිද්දී ඔහුට රාජ්‍ය අනුග්‍රහයද නොඅඩුව ලැබුණු අතර අසරණ ජනතාව මුලා කරමින් මාස කිහිපයක් මුළුල්ලේ ඔහු කෝටි ගණනක් මුදල් හම්බ කළේය.
පාර්ලිමේන්තුවේ කථානායක වරයා පවා මෙම පැණියට ප්‍රචාරයක් ලබා දුන්නේය.
එම අවදියේ නව නිපැයුම් කොමිසමටද සීතා අරඹෙපොල ඇමතිනිය හා ඇයගේ අමාත්‍යාංශ ලේකම් වරයා එක්ව මෙම පැණියට පේටන්ට් බලපත්‍රයක් ලබා දී පැණිය පිළිගෙන ඒ සඳහා මිලියන තුනක් ගෙවන ලෙස බල කර තිබුණි.
එහෙත් එහි කොමසාරිස් මහාචාර්‍ය හල්වතුර මහතා විසින් එය ප්‍රතික්ෂෙප කර තිබේ.
මේ හේතුවෙන් මහාචාර්‍ය හල්වතුර මහතා සමග වයිර බැඳ ගත් සීතා ඇමතිවරිය මහාචාර්‍ය වරයා පන්නා දැමීමට කාලයක් මුළුල්ලේ ප්‍රයත්න දැරීය.
තමන්ට කොමිස් ලැබෙන අවස්ථා කිහිපයක්ම හල්වතුර මහතාගේ අවංක භාවය මත මග හැරී යාම හේතුවෙන් කෝපයට පත්ව සිටි සීතා ඇමතිවරිය පසුගියදා ඔහු නව නිපැයුම් කොමසාරිස් ධූරයෙන් ඉවත් කරන්නට යෙදිණ

Spread the love

Leave a Comment

You may also like