පසු ගියදා රටක් කැලඹු පුවතක් වු බාලවයස්කාර දැරියක් අපචාරයේ යෙදවීමපිලිබදව ලද තොරතුරු මත තියුණු ඇසකින් ඒ පිලිබදව විමර්ෂණය කල ගල්කිස්ස මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක දිලීප .සී.පෙරේරා සියලු සැකකරුවන් හා එම බාල වයස්කාර දැරිය අත් අඩංගුවට ගැනීමට ක්‍රියාකලේය.
ඒත් සියල්ලම උඩු යටිකුරු කරමින් දුරකථ ඇමතුම් ගලා පැමිණියේ විවිධාකාර සමාජ මට්ටම් වල සිටින හා ව්‍යාපාරිකයන් ගෙනි. ඒත් ඒ සියල්ලටම පයින් ගැසීමට තරම් ඔහුට හැකිවී ඇත. ඒ අයෝමය ආත්ම ශක්තිය ඒ වනවිටත් තමාට ලබාදි ඇත්තේ ගල්කිස්ස වර්තමාන කොට්ඨාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්ප කුමාර මහතාය.
“හරියට කෙලින් වැඩේ කරන් යනවා මම ඉන්නවා පස්සෙන් බයවෙන්න එපා…”
එවනි අයෝමය ශක්තියක් දුන් ගල්කිස්ස ජේෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර මහතා තම ඉහල නිලධාරින්ද දැනුවත් කරමින්, වයස අවුරුදු 15 දැරිය සමඟ ලිංගිකව හැසිරුණු සියල්ලම තරාතිරම නොබලා කුදාලගෙන ඒමට අවශ්‍ය වටපිටාව සැකසීය ඊට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන මහතා ද දැඩි ස්ථාවරයක සිට මේ කුඩා දැරිය සමඟ ලිංගික වෙලදාම සිදුකල සියල්ලම නිතියේ රැහැනට හසු කර ගැනීමට මුලස්ථාන පොලිස් ස්ථානාධිපතිට ශක්තිය ලබා දි ඇත.
ඒ නිසාම පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයට වැඩිදුර විමර්ෂණයට භාර කොට ඇත. ඒත් එදා තමන් ගේ ඉහල නිලධාරින් ඒවනි ශකතියක් නොවි යට ගැසීමේ න්‍යාය පාවිචිචිකරානම් අදත් ඒ කුඩා දැරිවිය සල්ලාලයකු ගේ ගොදුරකි. පොලිසියට ගල් ගසනවා සේම අපි මල්මාලා දැමීමටත් නොබියව පෙරට එන්නේම රටේ පොලිසිය තුලින් රටේ ජනතාවට විනයක් ,ආරක්ෂාවක් හැර අන් සරණක් නැති නිසාමය . ගල්කිස්ස පොලිස් කොට්ඨාශයට ඉතාම මෑතක පැමිණි කොට්ඨාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර මහතා වැනි නිලධාරින් රටපුරාම අවංකව තම වගකීම නොපිරිහෙලා ඉටුකරනවානම් රටේ නිතිය හා සාමය මෙන්ම විනයත් පවතිවි.
ඒත් අද පුෂ්ප කුමාරලා ඇත්තේ ඉතාම සුළු පිරිසකි. එවනි නිතිගරුක නිලධාරින් පොලිසියෙන් එලවා දැමීමටත් වෙනනම මාෆියාවක් නැතුවාම නොවේ. තම සහෝදර නිලධාරින් ගේ සහායෙන් මේවනවිට ගල්කිස්ස වැනි සංචාරක කලාපයක නිතිවිරෝධි ක්‍රියා සුවිශේෂිත මැඩ පැවැත්වීමකට ලක් කොට ඇති බව අපගේ වාර්තාකරුවන් සොයා බලා සාක්ෂි සහිතව අප වෙතට වාර්තා කොට ඇත. අද රටම කතාකරන කුඩා දැරියව දුෂණය කල දුෂිතයන්ට මිලට ,බලයට ගැනීමට නොහැකි වු ඔබලා පොලිසියට ආඩම්භරයකි ,ජාතියට වාසනාවකි.