සෞඛ්‍ය අමාත්‍යංශය නිරෝධායන මාර්ගෝපදේශ සකස් කොට අනුමතියට නැවත ජනාධිපති කාර්යාලයට යැවිය යුතුය. එවැන්නක් සිදුවන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ සිටින වෛද්‍යවරුන්ටත් වඩා “වෙද්දු “ජනාධිපති ලේඛම් කාර්යාලයේ සිටින නිසා විය යුතුය.
ඒ අනුව පසු ගිය දා සකස් කරනලද නිරෝධායන මාර්ගෝපදේශයන් වල සටහන්ව තිබී ඇත්තේ “පුද්ගලයන් දෙදෙනෙකු ඉතාම සමීපව ස්පර්ශවන සම්භාහණ මධ්‍යස්ථාන (ස්පා ) ඇතුළුව දැනට ඇති සියල්ලම වැසිය යුතු බවටය. ඒත් ඊට ස්වල්ප වේලාවකින් ජනාධිපති ලේකම කාර්‍යාලයෙන් ඇමතීමක් සෞඛ්‍ය අමාත්‍යංශය ලබාදි වහාම සම්භාහණ මධ්‍යස්ථාන විවෘතව තැබිය යුතු බවට නියෝග කලේය.
ඒ අනුව නැවත සංශෝධනය කොට 2 වන ඇමුණුමක් අනුව නැවත එම මාර්ගෝපදේශණයන් වල ආගමික ස්ථාන හා ඉතාම දැනට ඇති ආකාරයට අන් සියල්ල වැසිය යුතු බවත් සම්භාහණ මධ්‍ය්‍යස්ථාන විවෘතව තැබිය යුතු බවටත්, සටහන් කල බව අප වෙතට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැන ගැනීමට ඇත.
දැන ගැනීමට ඇති ආකාරයට ජනාධිපති ලේඛම් කාර්යාලයේ බොහෝ සේවකයන් හා ඇමතිවරු විශාල සංඛ්‍යවක් රාත්‍රිකාලය ගතකරන්නේ කොල්ලුපිටිය හා බම්බලපිටිය සුපිරි මහල් නිවාසවල පවත්නා ස්පාවල බවයි.
සෞඛ්‍ය අමාත්‍යංශය යැව් මාර්ගෝපදේශය පහතින් ඇත.

