උණුසුම් පුවත්

මුදල් , ආර්ථික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ අමාත්‍යධූරය බැසිල් රාජපක්ෂට. – IMF ආයතනයෙන් චීනය අභිබවා ණය පහසුකමක්.

Spread the love

හෙට දින පාර්ලිමේන්තු පැමිණීමට නියමිත් බැසිල් රාජපක්ෂ වෙතට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් මෙතෙක් කටයුතු කල මුදල් අමාත්‍යංශය ද ඊට අමතරව ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍යංශය ,ද ජාත්‍යන්තර වෙලදාම , පිලිබදව ක්‍රියා කිරීමට බැසිල් රාජපක්ෂට භාරවෙනු ඇත. ඒ සියළු අමාත්‍යංශ හා සංස්ථා  දෙපාර්තමේන්තු වෙන්කොට ජනාධිපති ලේඛම් විසින් ගැසට් පත්‍රය පවා මුද්‍රණයට යවා ඇති බව එක කැබිනට් ඇමතිවරයෙකු පැවසීය.

එසේම මේ බැසිල් ආගමනයට ගෝඨාභය හා මහින්ද දෙදෙනාම වැඩි කැමැත්තක් නැතත් බැසිල් රාජපක්ෂ පිටුපසින් ඇමරිකාව හා ඉන්දියාව ඒකටම සිට ගෙන සිටින බැවින් රාජපක්ෂ සොහොයුරන්ට විරුද්ධව සිටීමට ද අමාරු විය. මේ නිසාම ගම්මන්පිල්ල හා විමල් වීරවංශ ,දයාසිරි හා තවත් මහින්දට පක්ෂ පිරිසක් බැසිල් ගේ පැමිණීම වලකා ලීමට උත්සහා ගත් නමුත්, ඒ සියල්ල පරාජය විය.

බැසිල් ගේ පැමිණීමත් සමඟම ඇමරිකාව හා ඉන්දියාව චීනය අභිබවා ණය හා ආධාර ලබාදි ශ්‍රි ලංකාවේ මේවනවිට ඇති දැඩි මුල්‍ය අර්බුදය සමණය කිරීමට තීරණය වී ඇත.ඒ අනුව  IMF ආයතනය චීනය අභිබවා ණය පහසුකමක් ලබා දි ග්‍රිසියේ වැටුණ ආර්ථිකය නගා සිටු වීමට කල ආකාරයේ සිදු කිරීමට ද සියල්ල මේ වනවිට සැලසුම් කොට ඇත.

එහෙත් නාමල් හා යෝෂිත රාජපක්ෂ බැසිල් බාප්පා වෙතට මුදල් අමාත්‍යංශය ලබා දෙනවාට විරුද්ධ වී ඇති නමුත්, පවුලේ ඒකමතික තීරණයක් නිසාත් රටේ වැටි ඇති ආර්ථිකය නගා සිටවීමට ඇමරිකානු සහාය අත්‍යාවශය බව දැන් රාජපක්ෂලාට වැට හි ඇති නිසාම මුදල් හා ආර්ථික සංවර්ධන ,ජාත්‍යන්තර වෙලදාම අමාත්‍යංශය ලබා දීමට  මහින්ද එකඟ වී ඇත.

ඒ සියල්ලම සිදු වන්නේ 2024 ඉලක්ක කොට බව මෙහිදි අපහට දැන ගැනීමටඇත. එසේම ඉන්දන හා වෙනත් අත්‍යවශ්‍ය භාණඩ වල මිල පහල හෙලීමට ද ඉදිරි සති දෙක තුල ක්‍රියා කරනු ඇත. එසේම ශ්‍රි ලංකාවට විරුද්ධ ජාත්‍යන්තරය දිනා ගැනීමට ද මෙහිදි ක්‍රියා කිරීමට නියමිතය.


Spread the love

Leave a Comment

You may also like