බංකොලොත් රාජ්‍යයක එළිපත්තේ සිටින රට ඒ අවදානම් කාරී තත්වයෙන් මුදවා ගැනීම පිළිබඳව වැඩපිළිවෙළක් පොදු ජන පෙරමුණු රජයට නැත.අගමැති වරයා ඇත්තේ කොමා තත්වයෙනි.පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවකින් විඳවමින් සිටින අගමැති වරයාට කළ පව් පල දෙමින් තිබේ.මිල්ටෙරි නන්දසේන ගේ ගොබ්බ කෙරුවාව ඔහු විශිෂ්ටයකු ලෙස ඔසවා තැබූූ චීවරදාරී ගනින්නාසේලා විසින්ද විවේචනය කරමින් සිටී
කෙසේවෙතත් මිල්ටරි නන්දසේන විවේචනාත්මක මත නොඉවසන ඉක්මනින් කෝපයට පත්වන ගොං වස්සෙකි.ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නැලිගොඩ වැනි මාධ්‍යවේදීන් ඉතා සාහසික ආකාරයෙන් මරා දැමුවේද මිල්ටෙරි නන්දසේන ආරක්ෂක ලේකම් ධූරයේ සිටියදීය.ඒ කාලය තුළදී තවත් අවස්ථාවක පෝද්දල ජයන්ත හා සනත් බාලසූරිය ගෙන්වා මරණීය තර්ජනය කරන ලද්දේය.ඉන් නොනැවතී පෝද්දල ජයන්ත ඝාතනය කිරීමටද මිල්ටෙරි නන්දසේන උත්සාහ කරන ලදී.
මෙලේචඡයෙක් ලෙස සිතනපතන මිල්ටෙරි නන්දසේන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පිළිබඳව කිසිදු අදහසක් හෝ පලපුරුද්දක් නැත්තේය.හමුදා ජනරාල්වරුන් රජයේ පරිපාලනය තනතුරු පත් කරගනිමින් රාජ්‍ය පාලනය කිරීමට මිල්ටෙරි නන්දසේන ගත් වෑයම අද ඇස් පනා පිට අසාර්ථක වී තිබේ.පරිපාලනයට පත් වූ ජනරාල් වරුද ගොබ්බයන් රැසකි.මේ ගොබ්බ ජනරාල් වරුද කල්පනා කරන්නේ ඇඟේ හයියෙන් රටේ ප්‍රශ්න විසඳන්නට පුළුවන් බවය.
ගොබ්බ ජනරාල්වරු………
මේ ගොබ්බ ජනරාල්වරු ඉදිරි අනාගතයේදීී සිරි ලංකාව යනු මියන්මාරය නොවන බව තේරුම් ගන්නා බව නම් නිසැකය.සමහරවිට මේ ජනරාල්වරුන්ගේ ජීවිතයේ අවසාන භාගය වැලිකඩ ගෙවන්නටද සිදු වෙනු ඇත්තේය.මිල්ටෙරි නන්දසේන ඇමරිකාවට හීන් සීරුවේ මාරු වී යනු ඇති බවද සිතිය හැකිය.මිල්ටෙරි නන්දසේන ගේ අසූචි හෝදන යම් දිනයක විනිසුරුවරුන්ටද අවාසනාවන්ත ඉරණමකට මුහූණ දීමට සිදුවනු ඇති යැයිද සිතිය හැක.අප ඒ ගැන අනතුරු අඟවා සිටිමු.
ජනරාල් සලේ නම් මී වස්සා…….
ජාතික බුද්ධි සේවයේ ප්‍රධානී ජනරාල් සලේ නම් මී වස්සා ලංකා දවසේ කර්තෘ ගැන සොය වාර්තාකරන ලෙසට නියෝගකළ බවද අපි දනිමු.ලංකා දවසේ කර්තෘ වරයා මහා බ්‍රිතාන්‍යයේ පුරවැසියෙකි.සලේගේ ජනරාල් කම ලංකාවට මහ ලොකු වූවාට බ්‍රිතාන්‍යයේ අපට පඩයක් තරම්වත් වැදගත් කමක් නැත.කෙසේවෙතත් ලංකා දවස කර්තෘ වරයා ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජයට පැමිණිලි කර ඇති බව මෝඩ චූන් සලේට දන්වා සිටිමු.ඒ ගනුදෙනුව එලෙස බ්‍රිතාන්‍ය නීතියෙන් බේරාගැනීමට අප සූදානම් බව මිල්ටෙරි නන්දසේනගේ කීකරු සුනඛ සලේට දන්වා සිටිමු. සලේට කියන්නට ඇත්තේ මේ වන විට මිල්ටෙරි නන්දසේන දවල්ට කෑවේ මොනවාද නිදා ගන්නේ කුමන පැත්තකට හැරීද යන්න කියන්නට තරමේ හිතවත් තොරතුරු කියන්නන් ගනනාවක් අප සමග කටයුතු කරන බවය.
මිල්ටෙරි නන්දසේනට දැන් පිස්සු වැටී ඇත්තේ අපට මේ ලැබෙමින් පවතින රහස්‍ය තොරතුරු හා සමාජ මාධ්‍ය වලින් සිදු කරන විරෝධතා ආකල්ප පිළිබඳවය.
ගාල්ලේදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු අත් අඩංගුවට…….
මේ නිසා ඇරඹී ඇති මර්දන ක්‍රියා දාමයේ එක් ආදර්ශයක් අද සවස ගාල්ලෙන් අපට වාර්තා විය.ඒ මිල්ටෙරි නන්දසේනගේ සෘජු උපදෙස් පරිදි ගාල්ලේදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනාරත්න ඇතුළු කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගැනීමයි.දණ්ඩ නීති සංග්‍රහයේ 120වගන්තිය හා පරිගණක අපරාද පනත යටතේ රජය අපහසුතාවට හා රජය පෙරළීමේ කුමන්ත්‍රණයක් කිරීමට කටයුතු කරන ලදැයි චෝදනා කරමින් සුමුදු වෛද්‍යරත්න නම් වූ තරුණයා මෙලෙස අත් අඩංගුවට ගෙන තිබේ.අත් අඩංගුවට ගත් එම තරුණයා ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල වෙත ඉදිරිපත් කරමින් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා ඇත්තේ මෙම සැකකරු විසින් සමාජ මාධ්‍ය මගින් x press perl නෞකාව රජය විසින් සංවිංධානාත්මකව ගිණි බත් කර ඇති බව ප්‍රචාරය කොට රජය කෙරෙහිි මහජනතාව අපරාදයක් සහ කෝපයක් පල කිරීමට පොළඹවා ඇති බවකි.එහෙත් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රජීන්ද්‍ර නාරංගොඩ හා නීතිඥ විශ්වනාත් අරඹවෙල විනිසුරුවරයා වෙත කරුණු දක්වමින් කියා ඇත්තේ සැකකරු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දහහතර ව්‍යවස්ථාවට අනුව පුද්ගලිකව අදහස්දක්වා ඇති බවත් භාෂණයේ නිදහස ඔහුට හිමි බවත්ය.එහිදී ඔහු අසත්‍ය තොරතුරු සමාජගත කොට නැති බවද ඔහු විසින් ගිණිබත් වූ නෞකාව හා කෝවිඩ් වසංගතය පිළිබඳව තම අදහස් දක්වා ඇති බවද නීතිඥවරු විනිසුරු වරයා වෙත වැඩිදුරටත් කරුණු දක්වමින් කියා තිබේ.
ගෞරවණීය විනිසුරු…….
එහිදී සැකකරු දින දහ හතරක් බන්ධනාගාර ගත කරන ලෙස අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම ඉවත දැමූ විනිසුරුවරයා සැකකරු රාජ්‍ය විරෝධී වරදක් කර නැති බව බැලූ බැල්මට හැඟී යන බවට කරුණු දක්වා සැකකරු ලක්ෂ පහක පුද්ගලික ඇපකර දෙකක් මත මුදා හරින ලදී.
මෙහි ඇති විශේෂත්වය වන්නේ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු වෙත ඉදිරිපත් කළ චෝදනා ඇප ලබා දිය නොහැකි වරදවල් වීමයි.සැබවින්ම මේ අවස්ථාවේ ගාල්ලේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස මිල්ටෙරි නන්දසේනගේ අසූවි හෝදන හෙංචයියෙක් සිටියේ නම් මෙි සුමුදු වෛද්‍යරත්නට ඇප ලැබෙන්නේ නැති වග ස්ථිරය.එහෙත් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් දේශපාලන හෙංචයියෙකි නොවන අධිකරණ සේවයේ කීර්ති නාමය ආරක්ෂා කරන ගෞරවණීය විනිසුරු වරයකු බව අපට වාර්තා වී තිබේ.
කෙසේවෙතත් මිල්ටෙරි නන්දසේන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් මර්දනය සඳහා කළ සැලසුමක් ලත් තැන ලොප් වී තිබේ.මේ නෛතික පරාජය දැන ගැන්මට ලැබීමෙන් පසු මෝඩ තකතිරු මිල්ටෙරි නන්දසේන අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන්ට අම්මා මෝ නැතිවන ආකාරයෙන් බැණ වැදීී ඇති බවද අපි වගකීමෙන් යුතුව ලියා දන්වමු.