උණුසුම් පුවත්

ලංකාවේ රාජපක්ෂලාගේ සිට ගසා නොකන එකෙක් නැති තරමට රටම දූෂිතයන්ගෙන් පිරිලාය -අධ්‍යාපනයේද එසේමය.

Also available in: English (English)

Spread the love

රටේම පාසල් මාස ගණනක් වසා ඇති නිසා උගන්වන්නේ ඔන්ලයින් ය.
එයද ඉගෙන ගත හැක්කේ ලැප් ටොප්, ටැබ් හෝ ස්මාට් ෆෝන් තියෙන අයට පමණි.
ඒ තිබුණත් වයි ෆයි සිග්නල් ප්‍රමාණවත් නොමැති කම්න් ඈත පිටිසර ළමුන් ඔන්ලයින් ඒමට එක්කෝ වහලට නගිති. එක්කෝ ගස් උඩ නගිති.
ඒ හැරුණු විට ඇත්තේ රූපවාහිනියේ අයි නාලිකාවයි. ඉස්සර ක්‍රීඩා පෙන්නූ මෙහි දැන් අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සියලු පන්ති වල විෂයන් උගන්වනු ලබයි.
මේ සඳහා ගුරුවරුන් තෝරා ගන්නේ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂකලාය.
එසේ රූපවාහිනියේ විෂයක් උගැන්වීමේ සමත් කමක් ඇති ගුරුවරුන් තෝරා ගන්නේ සම්මුඛ පරීක්ෂණ කිහිපයක්ම පවත්වාය.
මෙසේ තෝරා ගන්නා ගුරුවරු අදාල වැඩ සටහන සඳහා අවශ්‍ය සියල්ල තමන්ම සකස් කර ගත යුතුය.
අවසානයේ පට්ගත කිරීමට රූපවාහිනියට තමන්ගේ වියදමින් ආ,යුතුය.
එක් වැඩ සටහනකට ගෙවන්නේ රුපියල් 5400/= කි.
එයද ලබා ගැනීමට මාස ගණනක් බලා සිටිය යුතුය.
සෑම පටිගත කිරීමක්ම බැලීමට අමාත්‍යාංශයේ උසස්  නිලධාරියෙක් එයි.
නිකම් වාඩි වී උඩ බලාගෙන  සිට ආපසු යන මොවුන්ට ඊට වඩා වැඩි මුදලක් ගෙවනු ලබයි
දැන් දින ගණනාවක සිට එක දිගටම  විකාශය වන්නේ දෙමළ වැඩ  සටහන් පමණි.
මේවා සොයා බැලීමට ජී එල් පප්පාවත් නොමැත..එක්කෝ ඔහු නිදිය.
මේ අතර රූපවාහිනියේ කැන්ටිමේ බත් පැකට් එකෙනුත් ගසන බවක් කියවේ.
ඒ මෙම වැඩ සටහන් පටි ගත කරන්නට එන ගුරුවරුන් වෙනුවෙන් කැන්ටිමේ බත් පැකට් සඳහා දෙන ඕඩරයෙනි.
මේ ගුරුවරුන් වැඩි පිරිසක් මේ බත් පැකට් නොකෑවද බිල නම් හරි හරියට වැටෙන බව කියවේ.

Spread the love

Leave a Comment

You may also like