උණුසුම් පුවත්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දෙබිඩි පිළිවෙතට එරෙහි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය.

Spread the love

මගේ අංකය: JCPSM/Gen/2021 (11.1)
දිනය: 2021.06.09
අනුබද්ධ වෘත්තීය සමිති,
ශාඛා සංවිධාන ප්‍රධානීන්,
විධායක සභිකයන් මඟින්,
පරිපූරක වෛද්‍ය සේවාවේ සමස්ථ සමාජිකත්වය වෙත.
අමතර සේවා දීමනා වැඩිකිරීමේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දෙබිඩි පිළිවෙතට එරෙහි
වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය
වෛද්‍ය සේවාවේ අමතර දීමනා 78%කින් පමණ වැඩි කරමින් සෞඛ්‍ය අමාත්‍යවරිය රහසිගතව ඉදිරිපත් කරන ලද පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. ඒ අනූව අමතර දීමනා නමැති ලේබලය යොදා ගනිමින් ස්ථිර දීමනා වැඩි කර ගැනීමක් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය නොමඟ යවා ඇති අතර එමඟින් වෛද්‍ය නිළධාරීන් සඳහා මසකට  රු. 41,220.00 සිට රු. 78,120.00 දක්වා අමතර දීමනා වැඩිකිරීමක් සිදුව ඇත.
සෞඛ්‍ය සේවාවේ සියළු වෘත්තීය සමිති ඒකාබද්ධව ඊට සාපේක්ෂ දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලා රෝහල් නමයකදී (9) සිදු කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට අදාලව 2021.06.09 දින සෞඛ්‍ය අමාත්‍යවරිය සමඟ නිළ සාකච්ඡාවක් සිදු කරන ලද නමුත් ප්‍රධාන සේවා ඉල්ලීම් පිළිබඳව පිළිගතහැකි මට්ටමේ එකඟතාවයක් ලබා දීමට ඇය අපොහොසත් විය.
එනයින්, ඒ පිළිබඳව හා දිඟින් දිඟටම වෛද්‍ය නොවන සේවාවන් වලට සිදුවන අගතීන් වලට අදාල ඉල්ලීම් 15 ක් මුල්කර ගනිමින් සමස්ථ සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති ඒකාබද්ධව 2021.06.11 දින උදෑසන 7.00 සිට දහවල් 12.00 දක්වා සේවයෙන් ඉවත් වීමේ විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ විධායක සභාව ඒකමතිකව තීරණය කරන ලදී.
ඒ අනූව, අදාල කාලය තුල සේවාවෙන් ඉවත්ව නිරෝධායන නීති වලට අනුකූල වන සේ සියළු කාර්ය මණ්ඩලය සමඟ එක් ස්ථානයකට ඒකරාශී වන ලෙසත් දහවල් 12.00 ට අදාල සෞඛ්‍ය ආයතන ඉදිරිපිටදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කරන ලෙසත් ඉල්ලා සිටිමු. තවද මෙම පැය 4ක සේවයෙන් ඉවත්වීමේ ක්‍රියාමාර්ගය සඳහා සියළු අණුක ජීවී රසායනාගාර, මධ්‍යම ලේ බැංකුව, සියළු මාතෘ හා ළමා රෝහල්, සියළු පිළිකා රෝහල් දායක කර නොගන්නා නමුත් දහවල් 12.00ට පැවැත්වීමට නියමිත් විරෝධතා ව්‍යාපාරය සඳහා සියළුම රෝහල් වල සියළුම කාර්ය මණ්ඩලයේ සමුහික සහභාගීත්වය ලබා දිය යුතු බවද දන්වමු.
ඒ අනූව මෙම ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ගය සාර්ථක කර ගැනීම සඳහා සමස්ථ වෘත්තිකයන්ගේ සහයෝගය ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරමු.
ස්තුතියි!
මෙයට විශ්වාසී
රවී කුමුදේශ්
?️සභාපති
පරිපූරක වෛද්‍ය  වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය
?️කැවවුම්කරු
සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව

Spread the love

Leave a Comment

You may also like