උණුසුම් පුවත්

ලේ මාපිල්ලු හදුනා ගන්න  (02 වන කොටස )……..නඩරාජා ගොඩයන – ” ජහමනයා වලට ” යන වෛද්‍ය ප්‍රසන්නගේ එන්නත් කෙරුවාව.

Spread the love

අප ගේ ජුනි 07 වන දින හෙලිකල කරුණු සියල්ලම සත්‍ය බව පවසමින් ලක් මාතව ගේ කොන්ද නොකැඩුන වෛද්‍යවරුන් විශාල ප්‍රමානයක් අපට ඇමතීය . ඒ සමඟම තවත් නොසිතු තොරතුරු ගලා එමින් ඇත.

මේ වන විට ජනගහනයෙන් ඉතාම කුඩා ප්‍රමානයකට එන්නත් ලබා දී ඇත. ඒත් සෞඛ්‍යට සිටින ඇමතිලා 03 දෙනා රටේ ජනතාවට කියන ගනන් එකතු කල විට දැනට එන්නත් අඩුවක් නැති ගානට පම්පෝරි ගසමින් සිටි. ඒත් ඒතුල ඇති එන්නත් වල සල්ලි උරා බීමට බලා සිටින ලේ මාපිලුන් දෙදෙනා ගැන ඇමතිලා නොදනි අසරණ ඇමතිලා තිදෙනාම  (State Pharmaceuticals Corporation- SPC  ) වෛද්‍ය ප්‍රසන්නලා ළඟ සුරතල් පුස් පැටව්න්ය . ඒ තරමට වියත් මඟ බලවතය.

චන්න ජයසුමන වරෙක කීවේ අපි “මැයි මාසේ දි එන්නත් මිලියන 6 ක් ගේන බවය තවත් වරෙක පවිත්‍රාද ඒ ආකාරයටම මාධ්‍ය සංදර්ශණ දැමුවත් ඇත්තම තත්වය මෙසේය
1. ඇස්ට්‍රාසෙනිකා ලක්ෂ 09 ක්
2. ස්පුට්නික් ලක්ෂ 1,15,000 ක්
3 සයිනොෆාම් ලක්ෂ 31 ක් යනුවෙනි. ඒ රටේ ජනගහනය වු මිලියන 22 කටය. අද වන විට ගෙන්වා ඇති සමස්ථ එන්නත් ප්‍රමානය ලක්ෂ 41 කි.එම ප්‍රමානය ජනගහනයෙන් ඉතාම අල්පයකි.  ඊට හේතුව මේතුල ඇති මාෆියාවයි. දැන් ප්‍රසන්නලාට ,චන්නලාට වැක්සින් රස වැටිලාය. ඒ නිසාම නඩරාජා ගේ කෙලුම් ලෆ්   (Kelun Lifescience (pvt) ltd. , BOI, Pallekele. ) එන්නත් එලියට ගන්නකම්ම මේ ඉබි ගමනේම යනු ඇත.

චීනයෙන් මෙරටට බෑග් වල ගෙනවිත් කුප්පිවලට පිරවීමට චීනයේ ඇති පුද්ගලික සමාගමකින් සිනෝ වැක්ස්  මෙරට දී පිරවීමට අවශ්‍ය කාලය ගතකිරීම දැන් ප්‍රසන්නලා උත්පලලා, චන්න ජය සුමන ඇමති ගේ අනු දැනුමෙන් සිදු වෙමින් ඇත. මෙහි ඇති අපුරුම දේ නම් මෙරටට වසර 20 ක් පුරාවටම සිනෝවැක්ස් ආනයනය කිරීමේ බලයත් පල්ලකැලේ කෙලුම් ලෆ් නඩරාජටම (Kelun Lifescience (pvt) ltd. , BOI, Pallekele. ) ලබා දීමට ද සුදානම් බවටත් අපිට දැන ගැනීමට ඇත.

ඇමතිවරු කොපමණ කයිවාරු ගැසුවත් මෙරට දේශපාලන මාෆියාවට නොදවෙනි නිලධාරි මාෆියාවත් ඉතාම ප්‍රභල බව ප්‍රසන්නලා උත්පලලා රටට ඔප්පු කොට ඇත. මෙයින් සිදු වන්නේ නඩරාජා ගේ (Kelun Lifescience (pvt) ltd ) වැඩේ හරියන තුරු 69 ලක්ෂයේ  වුවත් ,නොවුවත් ලංකාවේ ජහමනයා වලපල්ලට යැවීමයි.


Spread the love

Leave a Comment

You may also like