උණුසුම් පුවත්

මංත්‍රිවරුන්ට ඇණවුම් කල අධිසුඛෝපභෝගි වාහන 225  ස්ථිරවම ගේනවයි – අතර මැදි කරු සිංගප්පුරුවේ හොංකොං ඇන්ඩ් ෂැංහයි බැංකුව

Spread the love

රටේ ජනතාව ජීවිතයත් මරණයත් අතර සටන් කරමින් සිටින අවස්ථාවකදි ගෝඨාභය ජනාධිපතිවරයා මේ මිහිපිට කිසිවකුත් අපේක්ෂා නොකල අවස්ථාවකදි ජපානයෙන් අධි සුඛෝපභෝගි ජීප් රථ 225 ක් ගෙන්වීමට පසු ගියදා කැබිනට් මණ්ඩලයේ අනුමතිය ලබා ගත්තාය.

මෙරට  ICU ඇදන් නොමති බවත් නිසි ලෙසට ප්‍රතිකාර ලබාදීමට ප්‍රමානවත් තරම් වෙන්ට ලෙටස් නැති බවත්, ඒ වෙනුවෙන් රටේ දානපතියන් ගෙන් පසු ගිය දා සෞඛ්‍ය ඇමතිනි ආධාර ඉල්ලා සිටියාය. ඒත් මේවෙනවිට ලංකා බැංකුවේ අන්තර්ජාතික ශාඛාව ණයවර   (L C ) ලිපි නිකුත් කොට අවසානය.

ඒ වෙනුවෙන් රටේ මාධ්‍ය තුලින් බරපතල විවේචනයක් එල්ල වු විට ඒම තීරණය වෙනස් කොට තාවකාලිකව එම වාහන ගෙනවීම නතර කොට ඇත. ඒත් පසුගිය සිකුරාදා අගමැති කාර්යාලයෙන් දැනුම් දි ඇත්තේ සුපුරුදු පරිදි ඒම වාහන ගෙන්වීමේ කටයුතු සිදු කරන ලෙසයි.

මෙම වාහන ගෙන්වීමට ශ්‍රි ලංකා ආණ්ඩුවට ලංකා බැංකුව හරහා ණයවර (L C ) ලිපි ඉතාම ලෙහෙසියෙන් නිකුත් කල හැකිව තිබුණත්  ඒවා ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව සිංගප්පුරුවේ පිහිටි චීන කොම්පැණියක් වු හොංකොං ඇන්ඩ් ෂැංහයි බැංකුව අතර අතර මැදියකු ලෙසට සිටීම තුලින් පෙනියන්නේ  චීනය මෙම වාහන ගෙන්වීම තුලින් රාජපක්ෂලාට විශාල කොමිස් මුදලක් ලබාදිමට ක්‍රියාකර ඇති බවකි.

මෙරට ඩොලර් සංචිතය පියවා ගැනීමට පවා 1971 වසරේ රටක් වශයෙන් ජාත්‍යන්තරයට එක්වු බංගලිදේශයෙන් පවා ඇමරිකානු ඩොලර් මිලියන 227 ක ණයක් ලබා ගෙන තිබුණි. එසේම මේ වනවිට රටේ ජනතාවට නියමිත කෝවිඩ් එන්නත් ලබාගැනීමට හෝ මුදල් නොමති බව රජය කියන  නමුත්  ,ජනතාව ගේ මළ මිනිඋඩින් වාහන පැදීමට පාර්ලිමේන්තු මංත්‍රිවරුන්ට වාහන ලබාදීමට ගෝඨාභය ජනාධිපතිවරයා ක්‍රියාකර ඇත.

එය 69 ලක්ෂයේ ජනතාව පැතු වෙනසක් බව දැන් ඉතාම පැහැදිලිය.මෙය කෙසේ හෝ නතර කිරීමට රටේ ජනතාව හඩ අවධිකල යුතුය.


Spread the love

Leave a Comment

You may also like