උණුසුම් පුවත්

රාජපක්ෂලාගේ වාහන ජාවාරම අතේ කෝට්.

Spread the love

පසුගිය දිනවල කෝවිඩ් රෝගීන් ප්‍රවාහනය සඳහා ගිලන් රථ ගෙන්වීමෙන් අත යට ගණුදෙනුවක් කළ කාලකණ්නි ජනපති ගෝඨාභය රාජපක්ෂ ගේ ජාවාරම්කාර ගජ මිතුරු වෙළඳ මාෆියාව ජනතාවගේ ඇස් වසා 2755සීසී ආසන හතේ සුඛෝපබෝගී ලෑන්ඩ් කෘෂර් රථ ගණනාවක්ද ගෙන්වීමට සැළසුම් කරන ලදී. ඒ රාජපක්ෂ පවුලට ගානක් කපා ගැනීමේ අරමුණනින් බව දන්නෝ දනිති.
මේ වනවිට ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම කෝවිඩ් රෝගීන් හා මරණ වාර්තා වෙමින් තිබේ.රෝගී ප්‍රතිශක්ති එන්නත් කරණයද සිත්පිත් නැති ජාවාරමිකාරයන් අමු අමුවේම සිදු කරන ජරා බිස්නස් එකක් බවට පත් කර ගෙන ඇති බවද අනා⁣වරණය වෙමින් පවතී .එහෙත් මේ තොරතුරු සමාජයට අනාවරණය වූවාට කාලකණ්ණි රාජපක්ෂ පවුලේ වුන්ට ලැජ්ජාවක් දැනෙන්නේ නැත.මේ කාලකණ්නියන්ගේ පවුලේ මහ එකාගේ සිට පොඩි එකා දක්වා ජානගත විනෝදාංශය වී ඇත්තේ හොරකමය.බොරුකීමය.පාදඩකම් කිරීමය.මේ හැතිකරය වාසිය සඳහා ආගම ධර්මය පමණක් නොවේ ජාතක කළ අම්මාද විකුණන උන්ය.අහිංසක දුක් විඳින ජනතාවගේ දුක් පීඩාවන් උන්ට ගානක් නැත.රටේ සතර අත පැතිරයන කෝවිඩ් රෝගය මේ කාලකණ්නියන්ට මැණික් ඉල්ලමකි.
රට පුරා රෝගීන්ට ප්‍රතිකාර සඳහා අවශ්‍ය කෙරෙන ඖෂධ නැත.වෛද්‍ය උපකරණ හිඟයකි.හෙද කාර්ය මණ්ඩලයට අවශ්‍ය පහසුකම් නැත.එහෙත් කාලකණ්නි නන්දසේනත් පවුකාර රාජපක්ෂ පවුලේ උන් හා එක්ව රෙණවිරු මිල්ටෙරි කාරයාත් ශ්‍රී ලංකාව අමු සොහොනක් බවට පත් කිරීමට සැලසුම් කරමින් සිටී.මේ පෙරේත කාලකණ්නියන් හෙට අනිද්දා වන විට මිණීපෙට්ටි අලෙවියද පටන් ගන්නා බව නම් සහතිකය.
ආර්ථිකය බිංදුවට වැටී තියෙද්දී මේ ජාවාරම්කාරයන් සුඛෝපභොගී වාහන ගෙන්වීමට අර අඳිති.අධිවේගී පාරවල් හදති.මේ සෑම ව්‍යාපෘතියකින්ම රාජපක්ෂ සනුහරය අපේක්ෂා කරන්නේ අත යට ගණුදෙනුවකි
මේ සියලු ජඩ කරද්දීත් ඒවා සමාජයට අනාවරණය වෙමින් තිබියදීත් විපක්ෂය හීතල මාධ්‍ය සාකච්ඡා පවත්වමින් හුරතල් වෙමින් සිටී.මෙම රාජපක්ෂ හොර හැත්ත වහා එලවා දැමිය යුතුය යන හඬ නැගෙන්නේ හුදකලාවමය.මේ හුදකලා හඬ ශක්තිමත් දේශපාලන අඩිතාලමක් මත ස්ථාවරව තහවුරු වෙන තුරුම රාජපක්ෂ මාෆියාව රට වනසනු ඇත්තේය.


Spread the love

Leave a Comment

You may also like