රටේ කවුරු කොහොම කයිවාරු ගැසුවත් අද ශ්‍රේෂ්ඨාධිකරණය තින්දුවක් නොදුන්නා නම් සියල්ලම සිදුවන්නේ මහින්දලාට, ගෝඨලාට උවමනා ලෙසටය . මේ සියල්ල පිලිබදව ඉතාම හොදින් අධ්‍යනය කල බැසිල් ආණ්ඩුව නන්නත්තාර කිරීමට අවශ්‍ය සියල්ලම සුක්ෂමව සිදුකලාය . බැසිල් දැඩි චීන විරෝධි පුද්ගලයකු නිසාම රටේ කොටසක් චීනයට ලියා දීම වැලකී ගියා යැයි අප වෙතට අදහස් දැක් වු බැසිල් වාදී මංත්‍රිවරයා කියා සිටියේය. ඉදිරි දින කීපය තුලදි මහින්ද ,බැසිල් ,ගෝඨා ත්‍රිත්ව සටන කරලියට එන බව සහතිකය.
මේ ගිවිසුම පිලිබදව බැසිල්ගේ නිතිඥයන් කියාඇත්තේ මෙය අලි සබ්බ්‍රි කලේ කොලේ වසා ගැසීමට ගිය ගේමක් බවයි.
එම තොරතුරු හෙලි කිරීමට තවම කල්වැඩිය. කෙසේ වෙතත් මුස්ලිම් ,දෙමළ හා බැසිල් වාදි කිසිවෙක් ආණ්ඩුවට 2/3 ලබාගැනීමට ඡන්දය පාවිච්චි කිරීමට සුදානම් නොවන්නේම බැසිල් ඔවුන් පිටුපස සිටින නිසා බව අද මහින්දට හිත්වත් මංත්‍රිවරුන් කියා ඇත. බැසිල් රාජපක්ෂ ගැසු උගුලේ දැන් ගෝඨා ගේ ආණ්ඩුව මහින්දත් සමඟම සිරව අවසන්ය. දැන් බැසිල් නැතිව ගෝඨාට හෝ මහින්දට කිසි සේත් මෙය ලිහා ඟත නොහැකිය. බැසිල් රට යන බව ගෝඨාට කිවේ යන දවසේ රාත්‍රියේමය ඒ වනවිටත් පෝට් සිටි පනත පිලිබදව හා ලැබෙන තීන්දුව ගෝඨා ජනාධිපති වුවත් ඔහු නොදනිතත් , බැසිල් දන්නවාය . ඒ බැසිල්ය. බැසිල් තවත් සතියකින් මෙරටට පැමිණෙන්නේම තවත් වැඩක් කිරීමටය .
ඒ පිලිබදව අපි බැසිල් පැමිණි පසු හෙලිකරන්නෙමු.