ශ්‍රි ලංකාවේ චීන ආයෝජනයක් ලෙසට ගොඩ නැගු පෝට් සිටි ව්‍යාප්තෘය රටේ ආර්ථිකය වෙනුවෙන් ආයෝජය සදහා මීට පෙර වෙන්ව තිබු නමුත් වර්තමාන ගෝඨාභය රජය බලයට පත් විමත් සමඟම එම ආථික මධ්‍යස්ථානය මුළුමනින්ම රටෙන් බෙදා වෙන් වු වෙනමම භූමි කලාපයක් කලේය. ඊටම ආවේනිකව බැංකු, මුදල් වෙනත් අණ පනත ස්ථාපිත කල හැකි ආකාරයට වෙනමම පනතක් ගේන ආවේය.
ඒ පනත තුලින් ලෝකයේ කිසිදු රටක් නිතියානුකූල නොවන ජාත්‍යන්තර විරෝධි හා සදාචාර විරෝධි කිසිවක් තුලින් ආයෝජනයන් අපේක්ෂා නොකරන නමුත්, චීනය ගොඩ නගන මෙම පෝට් සිටිය තුලින් ශ්‍රි ලංකාවේ සංස්කෘතිය හා සදාචාරය විනාශ කරනු ඇත. එසේම මෙහි ඇති ඉතාම බරපතලම කාරනය මෙම පොට් සිටි පනත තුලින් විදේශ රටවල නිතිවිරෝධිව උපයන කළු සල්ලි සුදු කිරීමට හැකි ආකාරයට මෙම පනතෙන් අවශ්‍ය නිතිමය වට පිටාව සකස් කොට ඇත.
එය ලෝක මත්ද්‍රව්‍ය කරුවන් වඩාත් ආකර්ශණය කර ගැනීමට හා ලෝක අපරාධකරුවන් ,කොල්ලකරුවන් උපයන ධනය මෙරටට ගෙන ඒමට පෙල බවිමක් සිදු කිරීම ඉතාම විනාශ කාරි ක්‍රියාවකි. ඒ නිසාම මෙම පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 27 ක් ඉදිරිපත්කොට තිබුණි. ඒම විභාගයෙන් පසුව අද කතානායක වෙතට ලබාදි තිබු පංච පුද්ගල නියෝගය වු යේ ඒම පොට් සිටි පනතේ වගන්ති 25 ක ක් පිලිබදව අනනුකූල බව දක්වා ඇත .
16 ක් වෙනුවෙන් පාර්ලිමේන්තු 2/3 වැඩි පහුතරයකින් සම්මත විය යුතු බවත්,
9 ක් පිලිබදව පාර්ලිමේන්තු 2/3 අමතරව ජනමත විචාරණයක් මගින් ඒ පිලිබදව ජනතාව ගේ අදහස් විමසිය යුතු බවටත් නිගමනය කොට ඇත.
එසේ නොවු නානම් මෙම කොටස ඉතාම භයානකම සිද්ධියකි. ඒ පෝට් සිටි පනතින් එම භූමිය තුල සිදුකරණ වරදක් පිලිබදව දඩුවම් කිරීම හා අධිකරණ බලය ද ,ප්‍රජා නිති පනත සම්මත කිරීම, එම නිති පැන වීම ,බදු සහන ලබා දීම වැනි ඒවා තුලින් රටේ ඒකීය භාවය ,හා භෞමික අඛණ්ඩතාවයට, පවා තර්ජනයක් වනු ඇත. පෝට සිටිය තුලින් අවසානයේ රාජපක්ෂ ආණ්ඩුව ලොවටම බලවත් තර්ජනයක් වෙන ආකාරයට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන ගේ ක්ෂේම භූමිය වීම, චීනයට පවා වැලකිය නොහැකි වනු ඇත.