උණුසුම් පුවත්

එදා ” ලංකා දවසේ හෙලි දරව්ව ” දැන් කරලියට ඇවිත්  – රටම දන්නා කැසිනෝ ධම්මික හා ඇන්ටිජන් මෑන් දේවි බාලිකා ඉඩමට කෙලී………(උඩහමුල්ල පාසැලේ ඡායාරූප සමඟින්)

Spread the love

අප පුවත්පත පසුගිය මාර්තු 24 වන දින වසර 68 ක ඉතිහාසයක් ඇති පාසැලක් රටේ කැසිනෝ ව්‍යාපාරිකයෙකුට හා තවත් ජනතා මුදල් හිතු හිතු ව්‍යපෘති හරහා කොල්ලකන කොල්ලකරුවන් ගේ ග්‍රහනයට  නතුව ඇති බැව් හෙලිකලේය.   අප කී ආකාරයටම එදා මදුර විතානගේ පාර්ලිමේන්තු මංත්‍රිවරයා ,දිලිත් ජයවීර,ධම්මික පෙරේරාලාගේ කුමණ්ත්‍රනය දැන් ජනාධිපති හරහා ක්‍රියාතමක් කර ඇත.

දැන් දේවි බාලිකාව නුගේගොඩ, උඩහාමුල්ල විජයාරාම, මහාවිද්‍යාලයට ස්ථිරවම රැගෙන යාමට තීරණය කොට හමාරය. අධ්‍යාපන ඇමති වන ජී.එල්. පීරිස් නැමති පඹයා ඊට අවශ්‍ය සියළු ලිපිලේඛණවලට මේවනවිට අත්සන් කොට ඇති අතරම ඊට දේවි බාලිකා විදුහල්පතිනියද තම අනුමතිය ප්‍රකාශ කොට ඇති බව අපහට දැන ගැනීමට ඇත. ලංකාවේ කොරෝනා වසංගතයෙන් ගසාකන ගංජා දිලිප් හා මෙරට කෝටිපති සුදු ව්‍යාපාරික ධම්මික එකතුව මෙම අක්කර 2 1/2 ක භූමිය මංකොල්ලකෑම සිදුකරනු ඇත.

මෙය නියමු ව්‍යාපෘතියක් යැයි කීවත්  සිදුවන්නේ ඊට යාබද ක්ලබ් ඒකටම අල්ලා සුපිරි හෝටල් හා කැසිනෝශාලාවක් දැමීම බවට  ජනතාව තුල සැකයක් මතුව ඇත. ඊට හේතු වී ඇත්තේ ධම්මික පෙරේරා ඊට රුපියල් මිලියන 100 ක් ආයෝජනය කිරීමකි. ධම්මික පෙරේරා යනු ප්‍රකට සාර්ථක ව්‍යාපාරිකයෙකි. එසේම රටේ ජනාධිපති ගේ ඉතාම හිතෛෂි  අයෙකි. එවන් පුද්ගලයෙකු රටේ සුවිශේෂිත ආර්ථික මර්මාස්ථානයක පිහිටි ඉඩමක් ඩැහැ ගැනීමට සුදානම් වීම පුදුමයක් නොවේ.. මේ පිලිබදව දේවි බාලිකාව සුරකීමේ සංවිධානයේ සභාපතිනියද කියා සිටින්නේ මෙය විනාශ කොට ධම්මික පෙරේරා පදනම්කින් ප්‍රවාහන පහසුකම් දෙන බවකි.

රටේ පුරවැසියකු ලෙසට තමන් ඉපදුන රටට කුණු රැගෙන පැමිණි ආයතනයකට සම්බන්ධකම් තිබෙන ධම්මික පෙරේරා වැනි අයෙකු හා රටේ ජනතාවට කොරෝනා වැලදී ඇතිවිටක ජනාධිපති ගේ අස්සේ රිංගන් ජනතා මුදල් කොල්ලකන කොල්ල කල්ලියක් දැන් මේ රට පාලනය කරන බවට මෙය ඉතාම හොද සාක්ෂියකි. මේ පිලිබදව CNB සමඟ සම්මුඛ සාකඡාවක් පවත්වා දේවි බාලිකා සුරකීමේ සංවිධානයේ සභාපතිනිය පවසන්නේ කිසි සේත් මෙවනි ව්‍යාපාරිකයන්ට රටේ අධ්‍යාපන භූමි මංකොල්ලකෑමට ඉඩ නොදෙන බවයි.

 

අප මුලින්ම කල අනාවරණය පහත LINK එක තුලින් යාහැකිය.

“ඇන්ටිජන් ” මෑන් ගෙන් “ටයිල් මෑන්ට” ……….දේවි බාලිකාව උඩහමුල්ලටයයි – දේවි බාලිකා ඉඩම ගෝඨා ගේ “ටයිල් ” මෑන්ට | LankaDawasa

 

 


Spread the love

Leave a Comment

You may also like