උණුසුම් පුවත්

දෙයියන්ට නොපෙනෙන මහනුවර කතරගම දේවාලේ බස්නායක නිලමේ ගේ කෝටි ගනන් ගැහිල්ල .

Spread the love

කතරගම දේවාලයේ බස්නායක  නිලමේ වලිසුන්දර මහතා ආර් ප්‍රේමදාස මහතාගේ උදව්වෙන් අම්බැක්ක කතරගම දේවාලයේ බස්නායක නිලමේ වශයෙන්ද පසුව, හඟුරන්කෙත මොරපේ කතරගම දේවාලයේ බස්නායක නිලමේ වශයෙන්ද කටයුතු කරන අතර තුර එම දේවාල දෙකේම තිබූ දඹරන් බුදු පිළිම අස්ථානගත කර ඇත.
මේ හේතුව නිසා මොනම දේවාලය කටවත් වැද්ද නොගත් නෙරන්ජන් විජේරත්න දියවඩන නිලමේ ඔහුට විරුද්ධව දැඩි ස්ථාවරයක කටයුතු කළහ. 2005 දළදා මාලිගාවේ දියවඩන නිලමේ සඳහා වූ  මැතිවරණයේදී නිලංග දෑලට උදව් කර නිලංග දෑල දියවඩන නිලමේගේ ජයග්‍රහණයෙන් පසුව ඔහුගේ උදව්වෙන් පස්ගම දේවාලෙ ට  බස්නායක නිලමේවරයා ලෙසින් පත්විය.
පසුව බස්නායක නිලමේ ධුර කාලය අවසන් විය මීට ප්‍රථම මාස 4 ක් තිබියදී නැවත මැතිවරණයක් කැඳවන ලදී. එම මාස හතර තුළ ලංකාවේ දිගම වටිනාම ඇත් දළ ජෝඩුව ඔහු විසින් සොරාගෙන ඇති අතර පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කලහ.
පොලිසියේ එම පරීක්ෂණ අතරතුරදී ඔහුගේ නිවසේ ආරක්ෂිතව සඟවා තිබූ තවත් ඇත්දළ ජෝඩුවක් හමුවී ඇත .ඒ සම්බන්ධයෙන් පොලිසිය හා වනජීවී දෙපාර්තමේන්තුව විසින් පවරන ලද නඩුව22/05/2021  වෙනි දින මහනුවර අධිකරණයේ විභාග වීමට නියමිතයි.
ඊට පසුව කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධුරයට පත්වූ දා සිට ඔහු සතු දේපළ පහත සඳහන් වේ
(1)    අලි අදින ලොරිය ( මෙම ලොරිය පිළිගෙන ගමගේ විනිසුරුවරයාට අයිතිව තිබූ ලොරිය) වටිනාකම ලක්ෂ 35යි
(2)    මාවනැල්ල ප්‍රදේශයේ අක්කර 12 ක ඉඩමක් මිලදී ගෙන ඇත.
(3)    පල්ලෙකැලේ රජයේ නිවාස සංකීර්ණයට යාබදව සුපෝගබෝගී සුවිසල් නිවසක් වටිනාකම ලක්ෂ 260 ක්
(4)    ටොයොටා හයිලුක්ස් කැබ් රථය වටිනාකම ලක්ෂ 85 යි
(5)    toyota prado වර්ගයේ ජීප්රථය වටිනාකම ලක්ෂ 240
(6)    මාතලේ ප්‍රදේශයෙන් අක්කර දහයක ඉඩමක් වටිනාකම ලක්ෂ 200
(7)    අම්බොක්ක දේවාලයේ දියවඩන නිලමේ සඳහා වූ මැතිවරණයේදී ඔහුගේ පුතා වෙනුවෙන් එක ලේකම්වරයෙකු සඳහා ලක්ෂ 25 බැගින් වියදම් කර ඇත
(8)    මහනුවර සම්පත් බැංකුවේ ඔහුගේ නමින් ඇති ගිනුමේ ශේෂය ලක්ෂ 900 යි
එමෙන්ම හඟුරන්කෙත විෂ්ණු දේවාලයට අයිති අලියා බස්නායක නිලමේ ට තමන් වැදූ අම්මා  හිලව් කොට දේවාලේ අලියා තමන් ලබාගෙන අවුරුද්දට රුපියල් 3000.00 බැගින් වූ කුලී පදනම මත අලියා ලබාගෙන අද වෙනතුරු ඔහු සන්තකයේ තබාගෙන කෝටි ගණන් මුදල් උපයාගෙන ඇත.
එමෙන් ම තමා මවට තලාතුඔය නිවසේ දී පහර දී මරා දැමීමට තැත් කළ අවස්ථාවේ අසල්වැසියන් හා පොලිසිය මැදිහත් වී බේරා ගන්නා ලදී.
2015 දි වෑගොඩපොල නිළමේ පැරදුනාට පසු වෑගොඩපොල නිලමේ විසින් දේවාල ඉඩම් අල්ලාගෙන ඇති මුස්ලිම් ජාතිකයන් 25 දෙනෙකුට දමා තිබූ නඩු 25ක් ඉල්ලා අස්කරගෙන ඔවුන්ගෙන් ලක්ෂ පනහ බැගින් ලබාගෙන ඇත. එමෙන්ම එසේ ඉල්ලා අස්කර ගැනීමට කිසිදු නීතික් හො අයිතිවාසිකමක් ඔහුට නොමැති අතර එම සඳහා නීත්‍යානුකූල අයිතිය ඇත්තේ බෞද්ධ කටයුතු කොමසාරිස් වරයාට සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට පමණි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ඈත පළාත්වල පන්සල් ගරාවැටී එහි සාමනේර හිමිවරුන්ට අඳින කටක්වත් නැතිව වේලක්වත් හරියට වළඳන්න දානයක් වත් නොමැති තත්ත්වයන් තුළ දළදා මාලිගාව සහ එ ආශ්‍රිත දේවාල සඳහා දේවාලගම් පනත ඇති යම් අයිතිවාසිකම් වලට මුවාවී දළදා මාලිගාව හා දේවාල සතු ධනය කොල්ලකෑම එකම අරමුණ කර ගත් මේ නිළමේවරුන් හා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ගේ කටයුතු සම්බන්ධව ජනාධිපතිවරයා විසින් කොමිසමක් පත්කරන මෙම බෞද්ධ සිද්ධස්ථාන සහ දේපළ ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතුව ඇත.

Spread the love

Leave a Comment

You may also like