අතීතයේ…….අදින් වසර දෙකකට එපිටින්
මටත් තිබුණා හීන ගොන්නක්
මගේ දෙපසින් තනි රකින්නට මෙන්
මටත් හිටියා සුරංගනාවියන් වන්
පැංචියන් දෙන්නෙකුත්
ඒ ආදරේ අරුත් ගැන්වු
දයාබර සැමියෙකුත්…….
විශ්වාසයෙන් ඇදහු
දෙවියන් යැද්දා…………………….
ඒ පාස්කුවෙත් අපි බැතින්
එක්ව සිව් දෙනාමත්
“දෙවියන් නොසිටි “
දෙව් මැදුරෙන්
සොරාගත් මගෙ සිහිනය
මා තනිවීය කතර මැදදි ඔබ තිදෙනා නොමතිව……
අදත් අතීතය තුල සාරා
දෙනෙත් බොද උණු කදුලින්
හැඩුම් නැදින් මා
හෙටක් නොමති
අද පමණක්
ජීවත් වෙමි.
21 අප්‍රේල් 2021 නිරංජලී.
කතෘ සටහන……..
ඒ වේදනාව පාස්කු මහ මොළකරුවන්ට ශාපයක්ම වේවා…….!!