උණුසුම් පුවත්

සිරිසේන ඉදිරියේදි තවත් පක්ෂයකට හේත්තු වෙයිද …?

Spread the love

 මේවනවිට රට තුල උද්ගතව ඇති බොහෝමයක් ගැටලු වලට වගකිවයුතුම පුද්ගලයා මෛත්‍රිපාල සිරිසේනය .ඒ හා සමානවම රනිල් වික්‍රමසිංහද ඊට අඩු නැතුව වගවිය යුතුය. රටේ ජනතාව ගේ ප්‍රථම අභිලාශය බල්ලට දමා එදා පලමු දින රාත්‍රියේම රාත්‍රි භෝජන සංග්‍රහ දුන්න සිරිසේන සර්පයෙක් කියා කවුරු නොදනිතත් රටේ ජනතාව ඉතාම හොදින්දනි.

පාස්කු ප්‍රහාරය මුළුමනින්ම සිරිසේන දැනුවතව නැවත බලය ලබා ගැනීමට ඒවකට යුධහමුදා බුද්ධි අධ්‍යක්ෂක වු වර්තමාන රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ජනරාල් සුරේෂ් සලේ ගේ අනු දැනුම ඇතිව ගෝඨාභය ගේ ආශිර්වාදයෙන් සිදු වු බවට නොදන්නේ මෙරටේ සිටින මන්ද බුද්ධිකයන් පමණි. ඒ සියල්ලට වගකිවයුතු මෛත්‍රිපාල වලංගු කාසියක් නොවේ. ඒත් නැති වටිනාකමක් ලබාදී එවැන්නකු තවත් කුමණ හෝ පක්ෂයකට ලංකර ගන්නේ නම් ඉන් ඇතිවන්නේ තමා ගේ පාක්ෂිකයන් කැඩියාමය. මෙරටේ ඇති පවුල් දේශපාලනයට වහාම තිත තැබිය යුතුමය.

ඒ නිසාම රාජපක්ෂලා සමඟ සිටින පුද්ගලයන් හදුනා ගැනීම කල යුතුය. එසේ නොවු නොත් සිදුවන්නේ මහත් විනාශයකි. දැන් රාජපක්ෂලා ගේ බහින කලාවය. ඒ නිසාම රාජ්‍ය පරිපාලනය මුළු මනින්ම හමුදා ජුන්ටාවක් වී ඇත්තේ ඒ නිසාමය. ඒත් මෛත්‍රිපාලලා නැවතත් කවරෙකු හෝ හේතු කරගන්නවා නම් ඉන් සිදුවන්නේ රටට හෝ ජනතාවට යහපතක් නොවන බව අපි සහතික කොට කියන්නෙමු.


Spread the love

Leave a Comment

You may also like