“..වසන්ත මුදලිගේ හා සිරි ධම්ම හිමි අරගලකරුවන් අතර සිටි ත්‍රස්තවාදීන් යැයි පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් තිබෙනවා.මෙරට සාමාන්‍ය අරගල කරුවන් මා එක්ක ඒ ගැන දැනටමත් කතා කරනවා.ඔවුන් පවසන්නේ අරගලය අවසානයේදී ඒ අය අරගලයෙන් එළියට විසිවෙලා මේ ත්‍රස්තවාදීන් අරගලය අතට ගත්තා කියලයි..”

මේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ කතාවේ සංක්ෂිප්තයයි.අරගලකරුවන් ත්‍රස්තවාදීන් යැයි ප්‍රකාශ කරන ඇමති ටිරාන් අලස් ගේ ප්‍රකාශය කියවන අපට දැනෙන්නේ ඔක්කාරයකි.බඩ දඟලන තරමේ අපුලකි.ඒ ඔහුගේ පැටිකිරිය ගැන අප හොඳින් දන්නා නිසාය.අපි දන්නා හරිය මේ රටේ අධිකරණ විසින් හරියට විනිශ්චය කෙරුවා නම් ටිරාන් අලස් අද සි⁣ටිය යුත්තේ වැලිකඩ ජම්පරය ඇඳගෙනය.

රාධා ආයතනය……..

සුනාමි ව්‍යසනයෙන් නිවාස අහිමි වුන උතුරේ ජනතාවට නිවාස ව්‍යාපෘතියක් ඇරඹීම අරමුනු කර ගනිමින් මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ කාලයේදී රාජ්‍ය අනුග්‍රහය යටතේ රාධා නම් ආයතනයක් 2006 වර්ෂයේදී පිහිටුවා තිබේ.මහා භාණ්ඩාගාරයේ වැය ශීර්ෂ 803 යටතේ මහා භාණිඩාගාරයෙන් ජනාධිපති කාර්යාලය හරහා මෙම රාධා ආයතනයට මුදල් ලබා දී ඇත.එහිදී රාධා ආයතනය හා සම්බන්ධ කර ගනිමින් බීඑම්කේ හෝල්ඩින් ආයතනය හා එවර්ස්ට් සිවිල් ඉංජිනියරින් ආයතනය නැමති ආයතන පිහිටුවා ගැනීමක් කර ඇති අතර මෙම ආයතන පිහිටුවා ගෙන ඇත්තේ නිවාස ඉඳිකිරීමේ කොන්ත්‍රාත් ආයතන විදියටය.එහෙත් ⁣එවරස්ට් සිවිල් ඉංජිනයරින් ආයතනය කිසිදු ලියාපදිංචියක් නොවූ ආයතනයක් වන අතර බීඑම්කේ හෝල්ඩින් ආයතනය ලියාපදිංචි කර ඇත්තේ ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කරමිනි.මෙම ආයතන වල ලිපිනයන් පවා ව්‍යාජ ඒවා බව ⁣පසුව හෙළිවී තිබුණි.

ටිරාන් අලස් එල්ටීටී ත්‍රස්තවාදීන්ගේ උදව්කරුවකු…….

මහා භාණ්ඩාගාරයෙන් ජනපති කාර්යාලයට ලැබෙන මුදල් ජනාධිපති කාර්යාලයෙන් රාධා ආයතනයට බැර කර තිබේ .පසුව රාධා ආයතනය මගින් බීඑම්කේ හෝලඩින්ස් නැමැති ව්‍යාජ ආයතනය හා සම්බන්ධ ඌම්ස් ටෙක්ස්ටයිල් ආයතනයට එම මුදල් බැර කර ඇත.මෙම ආයතන දෙකේම අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත්තේ ශාන්ති කුමාර් ගජන් නැමැත්තකු වන අතර අධ්‍යක්ෂ මණ්ඩලයේ අනෙකුති සාමාජිකයන් වන්නේ ඔහුගේ මව හා සහෝදර සහෝදරියන් වේ. රාධා ආයතනයෙන්
ඌම්ස් ටෙක්ස් ටයිල් ආයතනයට බැර කරන ලද මුදල් නැවත ටිරාන් අලස් හා එල්ටීටී සාමාජිකයකුව සිටි එමිල් කාන්තන් යන දෙදෙනා විසින් ලබා ගෙන ඇති බව පොලිස් පරීක්ෂණ වලදී හෙලි වී තිබේ.මේ අනුව රාධා ආයතනය වෙත මහා භාණ්ඩාගාරයෙන් බැර කර ඇති මුදල මිලියන 645කි.එහෙත් මෙම මුදලින් උතුරු නැගෙනහිර කිසිම නිවසක් ඉඳිකර නොතිබූ බවද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය විය.එම රුපියල් මිලියන 125 ක් චෙක්පත් 9 ක් මගින් වංචා කර ඇති අතර 2006 වර්ෂයේදී රාධා ආයතනය වසා දමා තිබේ.

 ටිරාන් අලස් එදා රාජපක්ෂලාගේ වහලෙක් වී රනිල්ව පතුරු ගැසු ඒ සුන්දර දසුන……..

ටිරාන් අලස් එල්ටීටී ත්‍රස්තවාදීන්ගේ උදව්කරුවකු වූයේ එසේය.මෙම මුදල් තොගය එල්ටීටියට ප්‍රදානය කරන ලද්දේ බැසිල් රාජපක්ෂගේ සැලසුමක් අනුවය.එහිදී ටිරාන් අලස් මෙම ගනුදෙනුවේ අතරමැදි නියෝජිතයෙක් විය.අද වසන්ත මුදලිගේ හා සිරිධම්ම හිමියන් ත්‍රස්තවාදීන් යැයි චෝදනා කරන ටිරාන් අලස් එල්ටීටී ත්‍රස්තවාදීන් හා එක මල්ලේ ලුණු කෑවේ ඔන්න ඔහොමය.

මේ ටිරාන් අලස් යනු ලෝකෝත්තර කපටියෙකි.ආණ්ඩු බලය හිමි පක්ෂයේ හැඩයට සිය ස්වරූපය වෙනස් කරගන්නා කටුසු ජාතියේ සත්වයෙකි.
විපක්ෂයේ නායකයන් බොහෝ දෙනෙකුගේද ටිරාන් අලස් අඹ යාළුවෙකි.දැලි පිහියෙන් කිරි කන ජාතියේ බඩුවක් වන ටිරාන් අලස්ට විපක්ෂය හෙට පිහිටුවන ආණ්ඩුවේ වුවද ඇමතිකමක් ෂුවර්ය.

මේ ආණ්ඩුවේ මහජන ආරක්ෂක ඇමති කම කරන ටිරාන් අලස්ට විරුද්ධව පාර්ලිමේන්තුවේ කිසිවකු කටක් අරින්නේ නැත.හැමදෙනාම පතුරු ගහන්නේ දේශබන්දු තෙන්නකෝන්ය.

නම්බුකාර පියා……….

ටිරාන් අලස් ගේ තාත්තා ඩී.එස් විදුහලේ ප්‍රථම විදුහල් පතිවරයාය.ඔහු මෙරට ගුරු සේවයේ සි⁣ටි දක්ෂයෙකි.කොළඹ හතේ කූඹ් කැලේ එළි පෙහෙළි කොට ⁣හදා ගත් ගොඩනැගිල්ලක අලස් විදුහල්පති වරයා ආරම්භකල විදුහල 1967 වර්ෂයේදී ඩීඇස් සේනානායක විදුහල ලෙස රූපාන්තරණය විය.අලස් ගේ නමත් ඩීඑස් විදුහලේ නමත් කිරට පැණි සේ කියවුනේ එතැන් සිටය.මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට පියා මව පුතා යන ආදරණීය වචන හඳුන්වා දුන්නේ අලස් විදුහල්පතිවරයාය.විදුහල්පති වශයෙන් ⁣අලස් විදුහල්පති තුමා අත්සන් කළ ලිපිවල සඳහන් වූයේ විදුහල් පති පියා ලෙසිනි. අනෙකුත් ගුරුවරියන් අත්සන් කෙරුවේ ගුරු මෑණියන් ලෙසින් වන අතර ගුරුවරුන් ගුරු පියා ලෙසින් අත්සන් ⁣කරන ලදී.

ඩීඑස් විද්‍යාලයේ ප්‍රථම විදුහල්පති වරයා වීමට පෙර අලස් වෘත්තීය සමිති කාරයෙකි.ද්විතීයක පුහුණු ගුරුවරුන්ගේ වෘත්තීය සමිතියේ ප්‍රථම සභාපතිවරයා වූයේ ⁣ඔහු වේ.එවකට අධ්‍යාපන අමාත්‍යවරයා වූ ඊරියගොල්ල ඉදිරිපති කළ අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහිව රට බලවත් විරෝධයක් මතු විය.අලස් සභාපතිකම දැරූ වෘත්තීය සමිතියද එම විරෝධයේ ප්‍රධාන කොටස් කරුවන් විය.

ආණ්ඩුවේ නොපනත් කම් වලට එරෙහිව නැගී සිටි එහෙව් වෘත්තීය සමිති කාරයෙකු ගේ ⁣පුත්‍රයකු වූ මහජන ආරක්ෂක අමාත්‍යවරයා ගේ කෙරුවාව තමන් වැදූ නම්බුකාර පියාගේ කෙරුවාවට වඩා හාත්පසින්ම විරුද්ධය.තම පියාගේ නම උකසට තබා ඉහලට එසවුන මේ හාදයා ගේ කෙරුවාව තුළ පවතින්නේ තනිකර අමු තක්ඩිකමය.

ටිරාන් අලස් ගේ මේ තක්කඩි හැසිරීමට ගැන සමාන කළ හැකි අපූරුම විග්‍රහයක් චන්ද්‍රරත්න මානවසිංහ ඒ කාලයේ ලංකාදීප පත්‍රයට ලියන ලද වගතුග තීරුවේ තිබුණි.ඒ වගතුග තීරුවේ චන්ද්‍රරත්න මානවසිංහ “කීර්තිමත් පියෙකුගේ අපකීර්තිමත් තක්කඩි පුතකු” හඳුන්වා තිබුණේ මේ විදියටය.

“….උප්පැන්න සහතිකේ අර මනුස්සයාගේ නම තිබුණාට ඕකාගේ ඇඟේ දුවන්නේ කාගේ ලේද කියල උගේ අම්මාවත් දන්නේ නෑ.අප්පාගේ නම පාවිච්චි කළාට හැම නොට්ටිගේම පුතාම මහ එකාට ජාතක වෙලා නෑ….”

මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් පසුගියදා පාර්ලිමේන්තුවෙි කළ ත්‍රස්තවාදී කතාවට අපට අද ලියන්න ඇත්තේද චන්ද්‍රරත්න මානවසිංහ එදා ලියු මේ ටිකමය.

By ajith

Leave a Reply

Your email address will not be published.