ලංකාවෙ ක්‍රිකට් ආයතනය කියන්නෙ අන්ත දුෂිතම ආයතනයක්. උඩ ඉඳන් පහළටම ඉන්නෙ කොමිස් කාක්කොයි. ක්‍රිකට් ක්‍රීඩකයන් ගෙනෙන කෝටි ගණන් මුදල් වලින් කොටසක් ඔවුන්ට දුන්නත් වැඩි කොටසක් ක්‍රීඩාව නංවන්න කියමින් විවිධ ව්‍යාපෘති කරමින් කොම්ස් ගසා කෑම සිරිතක්. 

බැසිල් රාජපක්ෂගේ 10% න්‍යාය ක්‍රිකට් ආයතනයෙන් ඕඩර් කරන බත් පතෙනුත් අනුගමනය කරනවා කියන්නේ ඩොලර් ලක්ෂ ගණනකට වසර හතරකට වරක් අලුත් කෙරෙන අනුග්‍රාහකත්ව ගිවිසුම ගැන  කවර කතාදැයි කියන්න වෙනවා. 
ලංකා ප්‍රිමියර් ලීගය යනු මුදල් ගසා කෑමේ අලුත්ම ව්‍යාපෘතියයි. 
මෙහි කණ්ඩායම් මිළදී ගන්නන් ගැන ඇත්තේ අඳුරුම ඉතිහාසයක්. 
 කණ්ඩායම් අනුග්‍රාහකයන් ලෙස ඉදිරිපත් වන්නන්ට මින් ලැබෙන ලාභයක් නැතත් ඔවුන් කෝටි ගණනින් මේ සඳහා යොදවන්නෙ සඟවගෙන ඉන්න කළු සල්ලියි.
එහෙම සල්ලි යොදවපු ජෝෂි නම් ඉන්දියන් කාරයෙක් මුදල් විශුද්ධිකරණය යටතේ ඉන්දීය පොලිසියෙන් අත් අඩංගුවට ගෙන නඩු පවරනු ලැබුවා. 
මේ කණ්ඩායම් අනුග්‍රාහකයන් හෙවත් අයිති කරුවන් ලොව පුරාම ක්‍රිකට් ලීග වල කණ්ඩායම් අයිතිකරුවන් වෙන්නත් උත්සාහ කරන්නෙ ක්‍රීඩකයන් ලවා තරග පාවා දීම් සිදු කර බුකි ඇප් හරහා මුදල් උපයා ගැනීමටයි.
ලංකා ප්‍රිමියර් ලීගය දෙසැම්බර් 6 වෙනිදා ආරම්භ කරන්නට තියෙද්දි සති දෙකකට කලින් අලුත්ම  අනුග්‍රාහකයෙක් හෙවත් කණ්ඩායම් අයිති කාරයෙක් එකතු වෙනවා. 
මෙතෙක් හෙළිදරව් නොවූ එක්තරා පට්ට පල් හොරෙකු ගැනයි  ලංකාදවස අද අනාවරණය කරන්නේ.
දඹුල්ල කණ්ඩායමේ අයිතිය කෝටි ගණනකට මෙසේ මිළදී ගන්නේ ආචාර්‍ය විරන්ජිත් තාඹුගල නම් අයෙක්. ඔහුගේ ආදායම් ලබන ව්‍යාපාරය ලෙස හඳුන්වන්නේ කෝමාරිකා වගා කොට පිටරට යවන සමාගමක්.
මේ පුද්ගලයාගේ නම ඉදිරිපිට Dr. යනුවෙන් යොදනු ලබන්නේ කුමන සරසවියකින් ලැබූ ආචාර්‍ය පට්ටමක් නිසාද ආයුර්වේද දොස්තර වරයකු ලෙස හඳුන්වන නිසාද යන්න ගැටළුවක්.
මොහුගේ ඉතිහාසය බලන විට මුලින් කර ඇත්තේ රාජාංගනය ප්‍රදේශයේ රේඩියෝ යන්ත්‍ර අළුත්වැඩියාවයි.
පසු කලෙක හිටි අඩියේ කෝටි ප්‍රකෝටිපතියකු බවට පත්වූ මොහු අවුරා ලංකා නමින් ඖෂධ ව්‍යාපාරයක් , අවුරා නමින් සංගීත සංදර්ශන ව්‍යාපාරයක් අවුරා ස්පෝට්ස් යනුවෙන් නාමික ව්‍යාපාරයක් පවත්වාගෙන ගියත් අද වන තුරු ආදායම් බදු ලිපි ගොනුවක් හෝ පවත්වාගෙන නොයන අපූරු කෝටිපතියෙක්. 
වැඩි කාලයක් ඩුබායිහි වසන තාඹුගල නම් වංචාකාරයා තිළිණි ප්‍රියමාලි මෙන් හතර වටේටම හැඩි දැඩි  ආරක්ෂකයො ළඟ තියාගෙන ඉන්නා පුද්ගලයෙක්.අධි සුඛෝපභෝගී රථ ගණනාවක් මොහු සන්තකයේ ඇති අතර මොහුගේ ව්‍යපාර වෙනුවෙන් ඉදිරියට දමා ඇත්තේ ඉසුරු මානප්පෙරුම නම් තවත් තක්කඩියෙක්.අවිස්සාවේල්ලේ පොළී මුදලාලිගේ පුතා ලෙස ප්‍රකට මොහු කලක් ජපානයේ හිඳිමින් වාහන කෑලි ගලවා විකිණීම සිදු කොට ලංකාවට පැමිණි අයෙක්.
පහුගිය ටිකේ රට වටා නොමිළේ සංගීත සංදර්ශනද පවත්වන තාඹුගල  ළඟ ඇත්තේ රාජපක්ෂලාගේ කළු සල්ලි බවත් මොහු කරන්නේ ඒවා සුදු සල්ලි බවට පත් කිරීම බවත් අපි කියන්නෙ වගකීමෙන් යුතුවයි.
කෝමාරිකා වැවීම සඳහා උතුරු මැද පළාතෙන් ඉඩම් අක්කර ලක්ෂ ගණනක් බදු ක්‍රමයට ගත්තත් කර ඇත්තේ ඒවා ඩෝසර් කර කැලෑ හෙළි පෙහෙළි කිරීම පමණයි. 

මේ තක්කඩියා හදිසියේ කෝටි ගණනකට දඹුල්ල ක්‍රිකට් කණ්ඩායම මිලදී ගත්තේ කොහොමදැයි ක්‍රීඩා අමාත්‍යවරයා වහාම සොයා බැලිය යුතුයි. 

ආගමික නිකායකට ගොදුරු වී තිබෙන ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මේ තක්කඩි හොරුත් සමග යොමු වන්නේ කුමන දිසාවකටද යන්න සොයා බලා එක්කෝ මේ ප්‍රිමියර් ලීග තහනම් කළ යුතු බව අපි නැවතත් කියන්නෙ  වගකීමෙන් යුතුවයි.

By ajith

Leave a Reply

Your email address will not be published.