මිල්ටෙරි නන්දසේන බලයට පත් වූයේ සිංහල බෞද්ධ යැයි කියාගන්නා පාර්ශවය තුළ ජාතිවාදය ආගම්වාදය අවුස්සමිනි.ඔහු ජනපති වීමත් සමගම රනිල් රාජපක්ෂ කැළණිය විහාරයේ දායක සභාවෙන්ද එළවා දැමිණි.

මේ රනිල් රාජපක්ෂ පිළිබඳව රට හිතාගෙන හි⁣ටියේ අප්පට සිරි මාක් එකේ දේශපාලන නායකයෙක් විදියටය. එහෙත් මේ උන්දෑ ජනපති තනතුරට පත් වීමෙන් පසුව කරන කියන විහිළුකාර කෙරුවාව ගැන දැන් රටේ ජනතාව සිනාසෙන්නේ පශ්චාත් බාගයෙනි.

කවුරුන් මොනවා කිව්වත් රාජපක්ෂ තක්කඩි පවුල ප්‍රතිපත්තිගරුක උන්ය.එවුන් හැමදාම ජාතිවාදය හා ආගම්වාදය වෙනුවෙන් පෙනී සිටින්නන් වේ.එය මේ තක්කඩියන්ගේ දේශපාලන ප්‍රතිපත්තියයි.⁣හැකිතාක් හම්බ කර ගැනීම එවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තියයි.

එහෙත් ඒ මොහොතේ රනිල් රාජපක්ෂ පෙනී සිටියේ ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් පෙනී සිටින නායකයකු විදියටය.සමහර අවස්ථාවලදී මේ උන්දෑගේ සැබෑ ස්වරූපය පාර්ලිමේන්තුවේදී මතු වූවද එය එතරම් තදට සමාජයට දැනුනේ නැත.සමාජයේ ඔළුව හැදී තිබුණේ රනිල් රාජපක්ෂ යනු පොත් කාවෙක් බවය.ඒ තරමට පොත් කියවන පාඨකයෙක් පාර්ලිමෙින්තුවේ නොසිටින බව ජනතාව සිතා සිටි බව බොරුවක් නොවේ.පසුගියදා පැවැති අරගලයේදී මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිණි ඇවිලීමට වඩා සමාජය කතා කෙරුවේ රනිල් රාජපක්ෂගේ ⁣නිවසේ තිබුණ පුස්තකාලය ඇවිලීම ගැනය.

රනිල් රාජපක්ෂගේ පොත් කියවීම ගැන අදහසක් ගත හැකි කතාවක් පසුගියදා කවරකු හෝ සමාජ මාධ්‍යවල ලියා තිබුණි.එය මෙසේය.දේශපාලනික කටයුත්තක් සඳහා තමා පොත් කියවන්නකු බවට ඇඟවෙන ආකාරයට නිරූපනය වෙන ඡායාරූපයක් ගෑනීමට රනිල් රාජපක්ෂට අවශ්‍ය විය.දැන් මුන්දෑ ටයි කෝට් ඇඳගෙන වැඩේට සූදානම් වී ඡායාරූපය ගැනීම පෙර අතේ තබා ගැනීමට පොතක් සෙව්⁣වේය.ඡයාරූප ශිල්පියා යෝජනා කෙරුවේ සර් අපි මකියාවෙලි ගේ කුමාරයා පොත ගනිමු යැයි කියාය.

හ්ම් යැයි කියු රනිල් රාජපක්ෂ ඡායාරූප ශිල්පියාට කිව්වේ තම පුස්තකාලයට ගොස් පොතක් අරගෙන එන ලෙසය.එහිදී මේ උන්දෑට ඒ පොත ගැන අවබෝධයක් නැති බව ඡායාරූප ශිල්පියාට වැටහී තිබුණි.ඔහු පුස්තකාලයට ගොස් ඒ පොත සෙවූ නමුත් හමු නොවූ නිසා සද්ධර්මරත්නාවලිය පොත ගෙන විත් මේ උන්දෑ අතට දී ඡායාරූපය ගත්තේය.

ඡායාරූප ශිල්පියා මෙම සිදුවීමෙන් පසුව අවබෝධ කර ගෙන තිබුණේ රනිල් රාජපක්ෂට ඔය කියන තරමේ පොත් පත් ගැන අවබෝධයක් නැති බවය.

දැන් වැඩේ ඇත්ත බව කාට කාටත් තේරුම් ගොස් තිබේ.කවරකු හෝ ලියාදුන් ඒවා රනිල් රාජපක්ෂ පණ්ඩිතයකු විදියට පාර්ලිමේන්තුවේ කියවන්නේය.එහෙම නැති වෙලාවකට අනෙකාට අපහාස කිරීම ඔහුගේ සිරිතය.

ඒ ගැන අප මතකයේ තියෙන ආසන්නම සිද්ධිය සමගි ජන බලවේගයේ පාම ඉමිතියාස් බාකීර් මාකර්ට කළ අපහාසයයි.පාර්ලිමේන්තු මන්ත්‍රී බාකීර් මාකර් එක්තරා අවස්ථාවකදී රනිල් රාජපක්ෂ ගැන දේශපාලන කාරණයක් ප්‍රශ්ණයක් සේ මතු කෙරුවේය.රනිල් රාජපක්ෂ නයි දෙරණ සාකච්ඡාවකට සහභාගි වූ විට මේ උන්දෑ ගෙන් මාධ්‍යවේධියා ප්‍රශ්ණ කෙරුවේ ඉමිටියාස් බාකීර් මාකර් මතු කළ දේශපාලනික කාරණය ගැනය.එහිදී මේ උන්දෑ ඒ ප්‍රශ්ණයට පිළිතුරු දුන්නේ මෙහෙමය.

” මම කියන්නෙ ඉස්සරවෙලාම එයාට කොණ්ඩෙ පීරල එන්න කියන්න.ෂර්ට් එක මැදල නෑ.හරියට රැවුල බාලා එන්න කියන්න.ඊට පස්සෙ මං උත්තර දෙන්නම්.මං එයා ගැන හොදට දන්නවා.මම තමයි එයා දේශපාලනයට ගෙනාවෙ.හොඳ අත් දිග ෂර්ට් එකක් ඇඳ ගෙන එන්න කියන්න.ඊට පස්සෙ මම උත්තර දෙන්නම්..”

මේ තරමට අහංකාර පිළිතුරක් දෙන මේ මන්ද මානසිකයා ගැන ඉතින් තව අවධාරණය කිරීම් අවශ්‍ය වන්නේ නැත.ඉමිතියාස් බාකීර් මාකර් මතු කළ දේශපාලනික කාරණයට ඔහුගේ රැවුලේ ඇති සම්බන්ධතාව කුමක්ද යන්න මාධ්‍යවේධියා මොහුගෙන් ප්‍රශ්ණ කෙරුවේද නැත. තමන් ගේ නිරුවත අනාවරණය වෙන ප්‍රශ්ණකාරීී අවස්ථාවක අසාධාරණ අන්දමින් කෝපයට පත් වී ඒ කෝපය සිය ප්‍රතිවාදියාගේ ශරීරාංඟ වලට එල්ල කිරීමත් සිදු කරන අයවළුන් සම්බන්ධයෙන් ඇත්තේ මානසික අඩුවක ලක්ෂණයකි.මේ ඒ අඩුව රනිල් රාජපක්ෂ ගැන හදාරණ ඕනෑම අයෙකුට තේරුම් ගත හැකිය.

අද (29) පාර්ලිමේන්තුවේදීද බටලන්ද හිට්ලර්ගේ රනිල් රාජපක්ෂ බුද්ධාගම උකසට තබා මං පොර ජාතකය වදාරන්නට ගොස් කලිසමේ කක්කා ගා ගත්තේය.

⁣මේ උන්දෑ අද උදාහරණයට ගත්තේ අංගුලිමාල රහතන් වහන්සේය.අංගුලිමාල තෙරුන් සිවුරක් ඇඳ බුදුන්වහන්සේට හිරිහැර කළ බව මොහු පැවසුවේය.මේ නම් පටලැවිල්ලක් නොවේ.බටලන්ද හිට්ලර් ගේ නොදන්නාකමය. මීට ⁣පෙර දවසක මේ පස් දුන් නිසා පස් දුන් රට හැදුන බව කීවේය.එවැනි කතා බොහෝමයකි.

මේ හැම කයිවාරුවකින්ම තේරුම් ගත හැක්කේ රනිල් රාජපක්ෂ යනු හිස් ටින් එකක් බවය.

 

By ajith

Leave a Reply

Your email address will not be published.