පින් ජනපති හිට්ලර් මහල්ලා ඉන්නේ මග හිටියොත් තෝ නසී ගෙදර ⁣ගියොත් තෝ නසී  පසුබිමකය.හෙට අනිද්දාට අයවැය තෙවන කියවීමෙන් පසු සම්මත කර ගැනීම පිළිබඳව අවදානමක පවතින බව “ලංකා දවසට” වාර්තා වී තිබේ.

මේ වන විට ඇමරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂ පින් ජනපති  හිට්ලර් මහල්ලාට බලපෑම් කරමින් සි⁣ටින්නේ අයවැය තෙවන වර කියවීම⁣ට පෙර නව අමාත්‍ය මණ්ඩලය පත් කරන ලෙසය.බැසිල් රාජපක්ෂ පින් ජනපති හිට්ලර් මහල්ලාට අවධාරණය කර ඇත්තේ එම නව අමාත්‍ය මණ්ඩලයට රත්තරං රෝහිත,අරක්කු ජොන්ස්ටන් ආදීන් පත් කළ යුතු බවත්,ඔවුන්ට වරාය මහමාර්ග ආදී ප්‍රබල අමාත්‍ය ධූර ලබා දිය යුතු බවය.
ජනපතිගේ අමුඩය…….

මෙය පින් ජනපතිගේ පාර්ශවය බරපතල අභියෝගයට ලක් කරන හේතුවක් වී තිබේ.පින් ජනපතිගේ අමුඩය අස්සේ හැංගී සිටින ගෝපයි එන්ජී⁣ඕ ලීඩර්ලා  හා කබරගොයා මාර්ක් ⁣මේල් නර්ස් සමන් රත්නප්‍රිය ඇතුළු දාර අපතයන් ⁣බැසිල් රාජපක්ෂගේ මේ ඉල්ලීමත් සමග අපහසුතාවට පත් වී සිටී.මුළු රටම පිළිකුල් කරන එම පාදඩයන් ඒ ප්‍රබල අමාත්‍ය තනතුරු වලට පත් කිරීම සිඳු කළ හොත් ඔවුන්ගේ රෙදි ගැලවී නිර්වස්ත්‍ර වන බැවිනි.ඔවුන් පින් ජනපතිවරයාට බලපෑම් කරමින් සිටින්නේ අයවැය සම්මත වෙන තුරු නව අමාත්‍ය මණ්ඩලය පත් නොකරන ලෙසය.මේ වන විටත් විපක්ෂ නායකයන් අතරද අය වැය පරාජයට පත් කිරීමේ රහස්  සාකච්ඡාවක් පවතී.පොදුජන පෙරමුනට සම්බන්ධ වී සිටින කැත කුණු පිළිබඳව චෝදනා නැති මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂය හා එක්වීමට “ආසයි බයයි” නැඹුරුවක සිටී.

මේ රටේ හෙට දවසේ ආර්ථික  ස්ථාවරත්වය පවතින්නේ අයවැය සම්මත කිරීම පිළිබඳව මේ “ආසයි බයයි” මන්ත්‍රී කණ්ඩායම ගන්නා තීන්දුව අනුවය.
13 වන ව්‍යවස්ථා සංශෝධනය එළියට………..
පින් ජනපති රනිල් රාජපක්ෂ හිට්ලර් මහල්ලා සිය විධායක බලය ආරක්ෂා කර ගැනීම සඳහා සුළු ජාතික නියෝජනයන් සහිත දේශපාලන පක්ෂ චූන් කරමින් සිටී.මේ  මහල්ලා  මේ වන විට පාර්ලිමේන්තු හමස් මල්ලෙන් 13 වන ව්‍යවස්ථා සංශෝධනය එළියට ගෙන දේශපාලන පිටියට දමා තිබේ.පින් ජනපති හිට්ලර් මහල්ලාගේ මේ සැලසුම නිසා සමස්ත සමාජය පුරා නැවත වාර්ගික අර්බුදයක් ඇවිලෙන බව නිසැකය.⁣මොහුගේ යටි අරමුණ තුළ සැඟවී ඇත්තේ උතුරු නැගෙනහිර ⁣ප්‍රශ්ණය දේශපාලන සූදුවක් බවට පත් කර ගැනීමය.රට පුරා වාර්ගික අර්බුදයක් ඇති කරන ආකාරයට විපක්ෂයේ සිංහල බෞද්ධ පක්ෂ නන්නන්තාර කිරීමද පින් ජනපතිගේ අදහස වී තිබේ.මේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල නිසා අප සමාජය තුළ නැවත අසූ තුනේ කළු ජූලිය ප්‍රතිනිර්මාණය වීමට වේදිකාවක් සැකසීමට ඇති ඉඩකඩ බොහෝය.එය එසේ සිඳුවන බවද පින් ජනපති හිට්ලර් මහල්ලා දනී.එහෙත් මේ තක්කඩියාට අවශ්‍යවී ඇත්තේ මේ රට තුළ එවැනි පරිසරයක් නිර්මාණය කර ගැනීමය.ඒ තුළ උන්දෑ අපේක්ෂා කරන්නේ සුළු ජාතික ප්‍රශ්ණය උකසට තබා ජාත්‍යන්තර සහයෝගය තම පාර්ශවය වෙත ලබා ගැනීමය.දෙමළ ඩයස්පෝරාවට සිය හිතේෂීවන්ත බව පෙන්නූ විට මෙරට ඩොලර් සංචිතය ඉහළ දමා ගත හැකියැයි වැඩිදුරටත් මේ උන්දෑ කල්පනා කරන බව අපට සිතේ.
සිංහල බෞද්ධ සමාජය තුළ තමාට පදනමක් නැති බවද පින් ජනපතිවරයා හොඳින් දනී.
කුමන්ත්‍රණය…………
එහෙත් මේ තක්කඩියා හදන්නේ මෙරට සුළු ජාතිකයන් නැවත වාරයක් අමාරුවේ දමන්ටය.රට පුරා දැනට පවතින සාමකාමී පරිසරය කඩා බිඳ විනාශ කිරීමටය.සිංහළ දෙමළ මුසල්මානුවන් අතර විරසකයක් ඇති කරන්ටය.මේ කුමන්ත්‍රණය කෙතරම් බරපතල ආකාරය⁣ට ක්‍රියාත්මක වෙනවාද කියතොත් මෙරට මාලදිවයින් ජනපතිවරයා ලෙස පත් වී ඇත්තේ අලි ෆායිස් නැමත්තා ⁣මාලදිවයිනේ බෞද්ධ විරෝධී ව්‍යාපාරයක නායකයෙකි.2012 වර්ෂයේ මාලදිවයිනේ ජනපති මොහොමඩ් නෂීඩ් කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කිරීමෙන් පසුව එරට බෞද්ධ විරෝධය සුනාමියක් ලෙස පැතිරිණි.එම බෞද්ධ විරෝධය පෙල ගැස්වූයේ අලි ෆායිස්ය.මෙම ආරවුලේදී මාලදිවයිනේ තිබූ බෞද්ධ සිද්ධස්ථාන හා එහි ජාතික කෞතුකාගාරයේ තිබූ බෞද්ධ පුරාවස්තු පවා විනාශයට පත් කෙරිණි.

අලි ෆායිස් රෝ ඔත්තු සේවාවට සම්බන්ධ අයෙකු බවද පැවසේ.හෙට අනිද්දාට ඉන්දියාව ඊළඟ මැතිවරණයට සූදානමින් සිටී.2019 දී බීජේපියට ජයග්‍රහණයට පාර කැපුවේ ලංකාවේ පාස්කු බෝම්බයයි.එය ඩබල් ගේමකි.රෝ ඔත්තු සේවාව සිය ඒජන්තයන් යොදා ගනිමින් ලංකාවේ බුද්ධි සේවාව නොමග යවා සිදු කළ මෙහෙයුමකි.මේ මෙහෙයුම තුළ  ගෝඨාභය රාජපක්ෂ ගොඩ දැමීමද සිදු කෙරුණේ ඒ නොමග යැවීම තුළය. එහිදී රෝ ඔත්තු සේවය යොදා ගත් පුලස්තිනී රෝ ඔත්තු සේවයට සම්බන්ධ කරන්නේ දකුණු ඉන්දියාවේ ඊළාම් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විමුක්ති පෙරමුණේ නායක ඥාන ප්‍රකාශම් ඥානසේකරම් හෙවත් පරන්තන් රාජන්ය මේ පක්ෂය සෘජුවම රෝ ඔත්තු සේවාවට සම්බන්ධ වූ පක්ෂයකි.

බෞද්ධ විරෝධී අලි ෆායිස්ලා මෙරට තානාපති ලෙස පත්වීමත් ඉන්දියානු මහ මැතිවරණය ආසන්න වීමත් තුළ මෙරට කවර ආකාරයේ බෝම්බයක් පිපිරේද යන්න කීමට තව කල් වැඩිය.

ඒ පිපිරීම  නැවත පාස්කු බෝම්බයක් නොවනු ඇති බව නම් විශ්වාසය.

එහෙත් පින් ජනපති උන්දෑ මේ වන විටත් ඒ සඳහා අඩිතාලම දමා ඇති බව නම් අපට කිව හැකිය.ඒ නිසා මෙරට විපක්ෂයේ ප්‍රධාන පක්ෂවල නායකයන්ගෙන් හා සියළු ක්‍රියාකාරිකයන් ගෙන් අප ඉල්ලා සිටින්නේ පින් ජනපති මහල්ලාගේ තක්කඩි ගේම් වලට අසු නොවන ලෙසය.  

By ajith

Leave a Reply

Your email address will not be published.