අපේ රට දැන් බංකොලොත්ය.අවුරුදු හැත්තෑ ගනනක් පුරා පාදඩ දේශපාලඥයන් විසින් ටෙස්ට් ටියුබයක දමා විද්‍යාගාර අත්හදා බැලීම් කළ මෙරට ආර්ථිකය දැන් ගොඩ වෙදකම්වලින් සනීප කරන්නට බැරි තරමට පැරලයිස් වී හමාරය.

ලෙඩා ඇඳේ බැරි මර ගාතේ සිටිද්දී හෙට අනිද්දාට වල පල්ලට යන්නට ඩිපාර්චර් ලෝන්ච් එකේ ඉන්නා කසිකබල් දේශපාලන මහල්ලන් කිහිප දෙනෙකු තවමත් චණ්ඩි කතා කියමින් අද නොවේ හෙට රට ගොඩ යැයි ජනතාව ගොනාට අන්දමින් සිටී.ඊයේ පෙරේදා දවස්වලදී පාර්ලිමේන්තුවේදී රනිල් රාජපක්ෂ හිටිලර් කෝළමට ඇන්දේ ඒ නාඩගමේ ජවනිකාවක් විදියටය.

මහජන ඡන්දයකින් පාර්ලිමේන්තුවට යන්නට බැරිවුන මේ මහල්ලා අද පිණට ජනාධිපති වී කියවන කියවිල්ල ඉල ඇට කැඩෙන විහිළුවක් විදියට ගන්නට පුළුවන.එසේත් නැතහොත් ඔළුව මංඥව කියවන කියවිල්ලක් විදියටද තේරුම් ගන්නටත් හැක.නමුත් මේ වයසක මහල්ලාගේ අඬෝවැඩියාව ගැන අපට වෙනත් අදහසක් තිබේ.

පින් ජනපති රනිල් රාජපක්ෂ ගැන ඇතමුන් හිතා ගෙන හි⁣ටියේ ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරන මාර සීරියස් පොරක් විදියටය.සමහර එන්ජීඕ කාරයන්ද මේ ව⁣යසක උන්දෑ ගැන තක්සේරු කරගෙන තිබුණේ එහෙමය.⁣මෙි වාහේ ගැන එවැනි තක්සේරුවක් තිබුණේ කෙරුවාව නිසා නොව ටයි කෝට් ඇඳිල්ල නිසා බව දැන් අපට පැහැදිලිය.මේ ලොන්ත මහල්ලා එක්තරා කාලයක මෙරට සමාජයේ ජීවත්වූ ටිප් ටොප් වෙදා වැනි සමාන ගති පැවතුම් ඇති පොරක් බව පින් ජනපති ලෙස කරන කියන කෙරුම් වලින් වටහා ගත හැකිය.

පින් ජනපති පදවියට මේ මහල්ලා පත් වන විට මේකාගේ වන්දිභට්ටයන් තප්පු ලන්නට ගත්තේ ලෝකයේ ප්‍රබල රටවල් දැන් ලංකාව ඉදිරියේ දණ ගහන විදියටය.⁣ඒත් මේකාගේ පින් ජනපකි පදවියට සුබ පැතුවේ ලෝක නායකයන් දෙතුන් දෙනෙකි.⁣මේ පින් ජනපතියාගේ තරම රටට දැනෙන්නට ගත්තේ ඉන් පසුවය.

ඊයේ පෙරේදා දවසක පාර්ලිමේන්තුවේ දී මම හිට්ලර් වගේ යැයි පොන්සි පාටි එකක් දැමූ මේ පින් ජනාධිපති ගැන දැන් අපට මෙහෙම සිතේ.ඒ මේකා මේ විදියට සද්දයක් දැම්මෙි වෙනත් දෙයක් හිතේ තියාගෙන බවය.මේ රටේ ජීවත්වන ඇතැම් දේශපාලඥයන් ගේ ඔළුවේ තිබුණේ රනිල් රාජපක්ෂ යනු මාර පොරක් විදියටය.විපක්ෂයේ සමහර වුන් අතරේද මේ අදහස නොතිබුණා නොවේ.මොනවා වුනත් මේකා ජනපති වීමෙන් පසු පණ අදින ආර්ථිකය යන්තමින් හෝ සනීප වෙනු ඇතැයි උන්දැලාගේ අදහස විය.රනිල් රාජපක්ෂගේ පෞරෂයට වශී වී අයිඑම්එෆ් එක සති⁣යෙන් දෙකෙන් ණය මුදා හරිනු ඇතැයිද සිතූ තකතිරුවන් ද වේ.ඒ අතරේම සංචාරකයන් පෝලිමේ ලංකාවට ⁣එන්නට පොරකනු ඇතැයිද සිහින මැවූහ.එහෙත් දැන් යථාර්ථය ටිකෙන් ටික හෙළි වෙමින් තිබේ.මේ පින් ජනපතියාට කරන්න පුළුවන් ලබ්බක් නැති බව මොනිටසෝරි දරුවාටද වැටහෙන්නට පටන් අරගෙන තිබේ.

දැන් පින් ජනපති රනිල් රාජපක්ෂට මතු වී ඇත්තේ ලැජ්ජාවකි.රට ගොඩ දාන එක තමන් ටයි කෝට් අඳින තරමට ලේසි නැති මේ උන්දෑට දැන් ලයින් වී තිබේ.දැන් මේ මහල්ලා ගහන්නට හදන්නේ අමුතුම ගේමකි.තමන්ගේ බැරි බැරියාව කෙසේ හෝ වසන් කර ගත යුතු බව මේ අම්බරු වයසක මහල්ලා දනී.පහුගිය දාක හිට්ලර් කෝලමට අඳින්නේ ඒ ගේමට සෙට් වීම සඳහා බව අපගේ කියවීමයි.

අපේ රටේ දේශපාලන කෙරුවාව ගැන ජාත්‍යන්තරය ඇස් කන් ඇරගෙන සිටින වටපිටාවක මේ පින් ජනපති හිට්ලර්ට කෝළමට ඇඳීම ඒ ජාත්‍යන්තරය කිරා මැන බලන්නේ විහිළුවක් විදියට නම් නොවේ.ජාත්‍යන්තරයේ ඒ පිළිබඳව දක්වන අවධානය ඉතා බරපතල විය හැකිය.රටේ ජනතාවට දෙන්න කල්පනා කරගෙන සිටි සහනාධාර පවා කප්පාදු කරන තරමට මෙි පින් ජනපතියාගේ කියවිල්ල බලපාන්නට පුළුවන. මෙලෙච්ඡ සාහසිකත්වය හා බැඳුන පින් ජනපතිගේ වෙන්ට හිට්ලර් කම ශිෂ්ඨ සමාජයට අදාල නැත.ඒ නිසා මේ මදාවි කයිවාරුවේ අවසන් ප්‍රතිඵළය විය හැක්කේ අපේ රට සමග පවතින ජාත්‍යන්තර සමිබන්ධතා තවත් දුරස් වීම පමණය.

අපට හිතෙන විදියට පින් ජනපති රනිල් රාජපක්ෂ මහල්ලාට ඕනෑ කර තිබෙන්නේත් ඒ දේ කර ගන්ටය.එය තමන්ගේ දේශපාලන වාසියක් කර ගැනීම ඔහුගේ යටි අරමුණ වී තිබේ.එය සිද්ධ වෙන්නේ මෙහෙමය.

පින් ජනපතියා තමාගේ ප්‍රතිවාදියා කරගෙන ඇත්තේ රාජපක්ෂ හොර තක්කඩි පවුලට එරෙහිව අරගල කළ ජනතාවය.දැන් ඔහු තර්ජනය කරන්නේ මේ කණ්ඩායමටය.තමන් කරන මේ තර්ජනයත් සමගම මේ අරගල කරන පාර්ශවය ඇවිස්සෙන බව මොහු දනී.⁣මේ තක්කඩි මහල්ලාට ඕනෑ වී ඇත්තේ ඒ ඇවිස්සීමය.ඉදිරියේදී තැන තැන ආණ්ඩුවට එරෙහිව අරගල මතුවනු ඇත.හමුදාවේ ලොකු වුන් මර්ධනය ඕකේ කරනු ඇත.ජනතාවත් මිල්ටේරියත් අතර දුරස්ත බවයක් හා නුරුස්නාබවක් නිර්මාණය කිරීම මහල්ලාගේ අපේක්ෂාවය.ඉන්පසුව මේ පම්කයා රටට කියනු ඇත්තේ අරගලය නිසා අයිඑම්එෆ් ලැබීම මිස් වූ බවය.කෙසේවෙතත් මේකාගේ හිට්ලර් කෝලම නිසා අයිඑම්එෆ් ණය වාරිකයට ඇමරිකාව ඇතුළු යුරෝපීය රටවල් තහංචි දැමීම ස්ථිරය.දැන් සිය නොහැකියාව අරගල කරුවන්ට පවරා මේකා සුදනා වෙන්නට හදන ප්ලෑන් එකකි මේ.

අනිත් පසෙකින් මේ තක්කඩි මහල්ලා හදන්නේ සංඝ බේදය ඇති කර එහි වාසියද තමන්ගේ සාක්කුවට දාගැනීමටය.මේ වන විටත් මල්වතු අස්ගිරි නායක උන්දැලා මේ වාහේගේ ඇවිලුම් බිලියට අසුවී අවසන්ය.මේ වටපිටාව තුල ග්‍රාමීය බෞද්ධ උපාසක උපාසිකාවන්ද අරගල කරුවන් කෙරෙහි විවේචනාත්මකව බලනු ඇත.

මේ සියල්ලම පින් ජනාධිපති මහල්ලාගේ පාදඩ උපක්‍රම බව කවුරු කවුරුත් දැන ගත යුතුය.අරගලකරුවන්ද මේ තක්කඩි මහල්ලාට මූන දීමට නව උපාය උපක්‍රම තෝරාගත යුතුය.අරගලයේ හැඩය වෙනස් කළ යුතුය.දැන් මේ ගොන් පම්කයාගේ යටි කූට්ටු අපේක්ෂාවේ කෙළවර ඇත්තේ මහා මිනිස් ඝාතනයක් බව අප වහා අවබෝධ කර ගත යුතුමය.මුගේ පිටුපස ඉන්නේ රාජපක්ෂ හොර තක්කඩි රැළය.මේ සියළු පාදඩයන්ට රට ගොඩ ගැනීමේ කිසිම ඕනෑ කමක් නැත.මේ පාදඩයන්ට ඕනෑ බලය රැක ගැනීම පමණය.ආණ්ඩුවට එරෙහි සෑම පාර්ශවයක්ම තේරුම් ගත යුතු වන්නේ ඒ සත්‍යයයි

 

By ajith

Leave a Reply

Your email address will not be published.