ඇමති නිමල් සිරිපාලද සිල්වාට එල්ලවී ඇති අල්ලස් චෝදනාව පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට අල්ලස් හා දූෂණ කොමිෂම තීරණය කර ඇතැයි වාර්තාවේ.ඒ දූෂණ විරෝධී පෙරමුණ අල්ලස් හා දූෂණ කොමිෂමට කළ පැමිණිල්ලකට අනුවය

ජපානයේ තායිසේ සමාගමෙන් ඇමතිවරයා අල්ලස් ඉල්ලූ බවට කෙරෙන චෝදනා සම්බන්ධයෙන් දූෂණ විරෝධී පෙරමුණ මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
මෙම පැමිණිල්ලට අදාලව අල්ලස් හා දූෂණ කොමිෂම ජපන්  තානාපති කාර්යාලයෙන් හා ජපාන තායිසේ සමාගමෙන්ද කරුණු විමසීමට නියමිත බවද දැන ගැන්මට ඇත.
ඇමති නිමල් සිරිපාලද සිල්වා තම සමාගමෙන් අල්ලස් ඉල්ලූ බවට චෝදනා කරමින් තායිසේ සමාගම පැමිණිලි කරන ලද්දේ හිටපු ජනපති මිල්ටෙරි නන්ද⁣සේනටය.එහිදී මේ සම්බන්ධයෙන් ජපන් තානාපතිවරයාද  මිල්ටෙරි නන්දසේන දැනුවත් කළ බවද ඒ දිනවල ජනමාධ්‍ය මගින් වාර්තා කෙරිණි.
පසුව ජනපති රනිල් රාජපක්ෂ විසින් මෙම අල්ලස් සිද්ධිය ගැන විමර්ශනය සඳහා තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පත් කරන ලදී.මෙම කණ්ඩායම විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන ගේ සභාපතිත්වයෙන් යුතුව විශ්‍රාමලත් ඡෙ.නියෝජ්‍ය පොලිස්පති
එස්.එම් වික්‍රමසිංහ හා විශ්‍රාමලත් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිළධාරියකු වූ එස්.එම්.ජී.කේ.පෙරේරා යන අයවළුන් නියෝජනය කෙරිණි.
මෙම විමර්ශන කණ්ඩායම නියෝජනය කළ විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්දන හා විශ්‍රාම ලත් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිළධාරියා වූ එස්.එම්.ජී.කේ පෙරේරා බලපිටිය මැතිවරණ කොට්ටාශය ජන්ම භූමිය  කරගත් සලාගම කුලයට අයත් වූවන් අතර ඔවුන් දෙදෙනාම ඇමති නිමල් සිරිපාලද සිල්වාගේ පිය පාර්ශවයේ සමීපතම ඥාතීන් වේ .එම විමර්ෂණ කණ්ඩායමේ සභාපති කම විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී පත් කරන ලෙසට ජනපති රනිල් රාජපක්ෂට යෝජනා කර ඇත්තේද නිමල් සිරිපාලද සිල්වා බව අපට අනාවරණය වී තිබේ. ඒ කණ්ඩායම නියෝජනය කළ විශ්‍රාමලත් ඡෙ.නියෝජ්‍ය පොලිස්පති වික්‍රමසිංහද පොලිස් දෙපාර්තමේන්තුවේ සිටි අන්ත දූෂිතයෙකි.
⁣මේ සිදුවීමේ තවත් අපූරු දෙයක් පවතී.නිමල් සිරිපාලද සිල්වා මේ අල්ලස් චෝදනාවට ලක් වූයේ  වරාය හා ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස මිල්ටෙරි නන්දසේන ජනපති වරයා කටයුතු කරන අවදියේය.එහිදී මිල්ටෙරි නන්දසේන අමාත්‍ය ධුරයෙන් ඉවත් වෙන ලෙසට නිමල් සිරිපාලද සිල්වාට නියෝග කළ අතර මේ අතර තුර කාලයේදී ඔහු⁣ට ජනපති ධුරයෙන් ඉවත් වීමට සිදු විය.නව ජනපතිවරයා ලෙස පත්වූ රනිල් රාජපක්ෂ සිය අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී වරාය හා ගුවන් සේවා අමාත්‍ය ධුරය⁣ට කිසිවෙකුත් පත් නොකරන ලදී.නිමල් සිරිපාලට වූ අල්ලස් චෝදනාව පිළිබඳව නව ජනපතිවරයා විමර්ෂණ කණ්ඩායමක් පත් කරන ලද අතර එහි වාර්තාව ලද විගස හිස්ව පැවැති වරාය හා ගුවන්සේවා අමාත්‍ය තනතුරට නැවත නිමල්   සිරිපාලද සිල්වා පත් කෙරිණි.
විමර්ශන කණඩායමේ වාර්තාව ලැබෙන තුරු ඇමති තනතුර හිස්ව තබා ගැනීමත් ගැන හොඳ සිහියෙන් විමසන ඕනෑම කෙනෙකුට ඒ සිද්ධිය තුළ ඇති කළු කුහරය චකිතයකින් තොරවම අනාවරණය කර ගත හැකිය.
මේ වන විට අල්ලස් හා දූෂණ කොමිෂමද ආරම්භ කර ඇති විමර්ශනයේ අවසානය ගැන කිසිවෙකුත් බලාපොරොත්තු තබා ගත යුතු නැත.ඒ මන්ද යත්. අල්ලස් හා දූෂණ කොමිෂම යනු රාජපක්ෂ ඔඩොක්කු කුක්කන්  බව කවුරු කවුරුත් දන්නා නිසාය.
අල්ලස් ඉල්ලා නෝන්ඩි වූ පසු සිය ලේ ඥාතීන්ගේ කමිටුවකින් නිදහස් වූ  නිමල් සිරිපාලද සිල්වාට ඒ ගැන සතුටු විය හැකි නමුත් මෙරට ජනතාවට මේ හේතුවෙන් ජපානය දී ඇති දඬුවම ඉතා බරපතලය.ඒ මේ වන විටත් මෙරට තුළ ජපානය මැදිහත්ව අරඹා තිබූ සංවර්ධන ව්‍යාපෘති ගනනාවක් අත් හිටුවීමට කටයුතු කර ඇති නිසාය. 

By ajith

Leave a Reply

Your email address will not be published.