මේ වනවිට සමස්ථ ජනතාවම රාජ්‍ය ත්‍රස්ත්වාදීන් ගේ පහර දීම හා මරාදැමිම් වලට දිනෙන් දින ලක් වෙන බව අවස්ථා ගනනාවකදි අපි හෙලි කරඇත. රටේ ධීවර සම්පත ඉන්දියානු ධීවරයන්ට නිතිවිරෝධීව විකුණමින් අතයට මුදල් ගසාකන ඇමති ඩග්ලස් දේවානන්ද පිලිබදව යාපනයේදි හෙලිකල නිතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාට එදා ජීවිතය රැක ගැනීමට හැකි වුයේ අනු නවයෙනි.

ඊටම නොදෙවෙනි සිද්ධිය අද කොළඹදි මුහුණ දීමට සිදුවිය. නිතීඥ නාගානන්ද කොඩිතුවක්කු ඇතුළු පිරිසක් ඉතාම සාමකාමි විරෝදතාවයක් පවත්වන අතර තුර ඊට රාජ්‍ය අනුග්‍රහය ලබන රාජ්‍ය ත්‍රස්තවාදි කණ්ඩායමක් පමිණ ඒ අසල ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරින් ඉදිරිපිටදීම පහර දි චිරන්ත නැමති යුටියුබ් නාලිකාවක් මගින් මාධ්‍ය ප්‍රචාරක කටයුතු සිදුකර ඔහුටද පහරදි ඔහු ගේ දුරකථනය උදුරා ගැනීමට ද ක්‍රියාකොට ඇත.

ඒත් ඒ අසල සිටි පොලිස් නිලධාරින් ඊට ප්‍රමානවත් ආකාරයේ මැදිහත් වීමක් නොකල බවත්, එම පහර දීමට පැමිණි පිරිසට පොලිස් ආරක්ෂාව ලැබී ඇති බවත් වාර්තාවේ .

මේ සියල්ලම සිදුවන්නේ දේශ බන්දු තෙන්නකෝන් ගේ අනුග්‍රහය යටතේ බවට ප්‍රදේශයේ උසස පොලිස් නිලධාරියෙකු ගෙන් අපහට දැන ගැනීමට ලැබුණි.

මෙම මිලේච්ඡ පහර දීම පිලිබදව ගරු සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන්ද ඒ පිලිබදව ප්‍රකාශයක් නිකුත් කොට ඇත. එම ප්‍රකාශය පහත සදහන්ව ඇත.

ඊයේ (නොවැ. 28) ච්රන්ත අමරසිංහ සමාජ මාධ්‍යවේදියාට සහ නාගානන්ද කොඩිතුවක්කු මහත්මා ඇතුලු උතුරු ප්‍රදේශයෙන් පමිණ සිටි ධීවරයින් පිරිසකට ගාලු මුවදොර පිටියේදී මැරයින් පිරිසකගෙන් සිදුවූ ප්‍රහාරය කිසිසේත් අනුමත කළ නොහැකිය. ඊටත් වඩා බරපතල තත්ත්වය වන්නේ ඒ අවස්ථාවේ එහි සිටි පොලිස් නිලධාරීන්ගේ හැසිරීමයි. 

එහි සිටි මැරවර නායකයා චිරන්තට පහරදීමට සහ ඔහුගේ ජංගම දුරකථනය උදුරාගැනීමට පැමිණෙද්දී පොලිසියේ උසස් නිලධාරීන් ඔහු වැළැක්වීමට කිසිදු උත්සාහයක් නොගත් බව වීඩියෝ දර්ශනවලින් පැහැදිලිව පෙනීයයි. මැරවරයින් එතැණින් පළවාහැරීම හෝ ඔවුන් අත් අඩංගුවට ගැනීම වෙනුවට පොලීසිය කරන්නේ චිරන්තව සහ නාගානන්ද මහත්මා ඇතුලු පිරිසව එතැනින් බලෙන් ඉවත් කිරීමයි. මෙහි දී මෙන්ම තවත් බොහෝ අවස්ථාවලදී සාමාන්‍ය ජනතාව ලෙස අපට නැගෙන ප්‍රශ්නය වන්නේ පොලීසිය සිටින්නේ සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව සදහා ද නොඑසේ නම් දේශපාලකයින්ගේ සහ මැරවරයින්ගේ ආරක්ෂාව සදහා ද යන්නයි. ශ්‍රී ලංකා පොලීසිය මැරවරයින් කිහිපදෙනකු ඉදිරියේ මෙසේ අසරණව සහ බියගුලුව හැසිරීම ඔවුන්ට පඩි ගෙවා නඩත්තු කරන සාමාන්‍ය ජනතාව වන අපට ඉමහත් ලැජ්ජාවකි.

ඒ ලැජ්ජාවෙන් අප මුදාගන්නැයි අපි පොලිසියේ කොන්ද පණ ඇති අවංක නිලධාරීන් වේ නම් ඔවුන්ගෙන් ඉල්ලමු.

සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා.


 

By ajith

Leave a Reply

Your email address will not be published.