දවසේ සිකුරාදා………දේශපාලන බ්ස්නස් එකට අනුර කුමාරගෙන් වැටක්, දේශපාලන ව්‍යාපාරිකයන්ට 2020 අසුභ පෙර නිමිති

දැනට ලංකාවේ අති සාර්ථකම ව්‍යාපාරිකයන් සිටින්නේ පාර්ලිමෙන්තුවේයි..ඔබ නොදන්නවාට එක් ඇමතිවරයෙකු ඔහුට ලොකු බැංකුණයක් ගෙවන්න තියන් නිසා ඇමතිකමක් ජනාධිපතිගෙන් ඉල්ලලා වැදවැටෙනවා.. මේ රටට ආදරේටද නෑ………
මෙහෙම කියන්න ශ්‍රි ලංකා නිදහස්පක්ෂයේ හෝ එක්සත් ජාතික පක්ෂයේ කිසිම මැති ඇමත්තෝන්ට සධාචාරාත්මක අයිතියක් නැහැ. ඒත් ඒ අයිතිය මුලුමනින්ම ජනතා විමුක්තිපෙරමුණට ඇති බවට විවාදයක් නැත.
රාජ්‍ය බුද්ධි අංශ ලබාදුන් වාර්තා සමග බුද්ධි උපදේශකලා දැන් අනුර කුමාරගේ කතා දවසට දෙතුන් සැරේ අසමින් “යකෝ බලන් යන්කොට ඒ කතාව ඇත්තනේ ” කියමින් ඔවුනත් ජේ.වි.පි ඒකටම ලකුණු දි ඇත.

නමුත් පසු ගිය සතියේ මහත් ආන්දෝලනයක්ට ලක්ව තිබු යහපාලන ආණ්ඩුවේ කෝටි 16,677 ක් ගිල දමමින් මෛත්‍රිපාල ජනාධිපතිවරයා කැබිනට් මංඩලයට ඉදිරිපත් කරන් ලද කැබින්ට් පත්‍රය එකමතිකව සම්මත විය.
මෙය යහපාලන ආණ්ඩුව මුළු මනින්ම ජනතාවගේ මතයට ද්‍රෝහි වීමකි. මේවනවිට ජනතාවදැඩි ආර්ථික පිඩාවකින් ජිවිතය යන්තමින් ගෙවා ගනී.
මින් පසුව ශ්‍රි ලංකාවට සියලුම අවි,ආයුධ ගෙන්වනු ලබන්නේ සිරස අධිපති කිලිමහාරාජාය. මෛත්‍රිපාල ජනාධිපතිගේ බෑනාවන තිලිණ ද මෙම අවි ජාවරමේ පිටුපස සිටින තවත් චරිතයකි.
මෙම සිද්ධියට කිසිදු ඇමතිවරයකු තබා අඩුම තරමින් ඒකාබද්ධ විපක්ෂයේ අයවත් කතානොකරන්නේ නම් මෛත්‍රිට බයේ නොවන බවත්, සියල්ලෝම සිරසට බරට මුඛපුට්ටු කොට ගෙන ඇත. ලංකාවේ තිබෙන අතොරක් නැති මිඩියාලා -හමිඩියාලා කිසිවෙක් ඊට විරුද්ධව කතානොකරන්නේ සිරසෙන් ගහයි කියාය.
කෙසේ නමුත් ජනතාව කියන්නේ වෙනම කතාවකි.මේ යුධ නැව මෛත්‍රි මිලට ගත්තේ දුර දිග කල්පනා කර ලා මිළඟ මැතිවරණයෙන් පස්සේ රනිල්ලා,හා ඇමතිමංඩලය ද සමග රටින් පැනලා යාමට බවයි.
ආණ්ඩුව යුධ නැව් අරගෙන් යුධයට ලෑස්තිවෙනකොට අනුර කුමාර වෙනම යුධයකට බලමුලු තරකර මින් සිටින බවට ලංකාවේ විවිධ පලාත් වලින් වාර්තා විය. 56 සිටම ලංකාවේ ජනතාව තට්ටු මාරු ක්‍රමයටම ශ්‍රි ලංකා, යු.ඇන්.පි. පක්ෂ දෙක දිගින් දිගටම බලයට ගෙනෙන ලදි. ඒ පක්ෂ දෙකේම කියුම් කෙරුම් ගැන ආපස්සට බැලුවානම් මේ විට ශ්‍රි ලංකාව ලියු ක්යුවාන්ලා හැදු සිංගප්පුරුව වගේ දෙකක් හදන්න තිබුණි. කෙරුවේම කට්ටියක් කාලා අනිත් කට්ටියට දුන්විට නොවරදවාම එයාලා කාපු තැන ඉතාම ඉක්මනිම හොයාගෙන ඊළඟ උන්කන එකය. 1956 සිට මේ දක්වාම රටට කෙරුව එකම දේ ජනතාවට නොමිලේම මරාගන්න සිවිල් යුධ දෙකක් උරුම කරදීමය.
මේ තට්ටුමාරුව නතර කොට දෙගොල්ලන්ම එකගෙයි කෑමට 2015 දි එකඟව “යහපාලනය ” අටවා ගත්තාය යහපාලනය මේවනවිට “නෑ පාලනයක් ” දක්වාම ගොස් දැන් දැන් දෙගොල්ලන්ම තනි තනිව කමින් සිටි.
ජනතාවට දැන් නම් මේ දෙගොල්ලන්ම වහකදුරුය, එදා අම්මා ,තාත්තා, පක්ෂයට ඡන්දෙ දිලා හොරකම් කරනකොට අපේ පක්ෂේ මංත්‍රිතුමානේ … කියක් හරි ගත්තයි කියලා මොකද ……කීවේ එදාය මේ වනවිට අම්මා ,තාත්තා මොන පක්ෂේ හිටියත් හොරකන් නොකරන රටේ ධනය අවභාවිතාවේ නොයදන්නේ කවුද? කියන එක ගැන නුතනයේ විශාල කතා බහක් ඇත.
ජනතාව දැන් බලන්නේ මෙතෙක් අපිට වැරදුන තැන හදාගෙන ,අපිව ගොනාට අදන් නැත්තේ කවුද ? කියාය . වරප්ප්‍රසාද ,වරදාන යාන වාහන ඊට අමතරව පවුලේ උන්ට රටේ ධනය හුරා කන්න ඉඩ නොදෙන ඒකම පක්ෂයක් තවමත් ඒ නරකාදියට නොවැටි තිබිමම ඇදහිය යුතු කරුනකි.
මෙ වනවිට ජේ.වි.පි ඒක ඉතාම විශිෂ්ඨ වු සංධිස්ථානයක්ට ගෙන ඒමට අනුර කුමාර මංත්‍රිවරයාගේ චතුර කථිකත්වය මෙන්ම අනුපමිය කැපයිම ශ්‍රි ලාංකිකයන් ලෙසට අගය කලයුතුය.
ලාභ දායිම ව්‍යාපරයට අනුර කුමාර මංත්‍රිවරයා ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ තිත තබන බවනම් එක හෙලාම කිව හැක . වසර ගන්නාවක් සිහින මැවු ජනතාවට රටේ ධනය හුරා නොකන , වචනයේ පරිසමාරතයෙන්ම මෙතෙක් දේශපාලනයේ සිදු වු ඇමති මංඩලය වෙනුවෙන් ජනතාව දුක් වින්ද බවකි. නමුත් උගත්, වියත්, පරිනත කොටස් තුලින් ඇත්තටම ජනතාව වෙනුවෙන්ම සිටින ඇමති මංඩලයක් බිහිකොට රට නව මාවතකට ගෙන යාමට මේවනවිට අනුර කුමාරගේ නායකත්වයෙන් රට පුරාම වැඩ අල්ලා ඇත.
මෛත්‍රි ,රනිල් දෙන්න යුද්ධයක් නැති රටකට නැව් ගන්න ගියෙත් දෛයිවයේ සරදමකට දෝයි වරක සිතේ ඊටම නැවක් අරගන්න තෝරා ගත්තේත් කිලි මහාරාජයා,වසර 10 පරණ නැවක් අරන් දී ආණ්ඩුව ගිල්ලවා දැමීමට සැලසුමක් තිබෙනවා දැයි සැකයක් අපටනම් ඇත.

අජිත්…..

 

Be the first to comment on "දවසේ සිකුරාදා………දේශපාලන බ්ස්නස් එකට අනුර කුමාරගෙන් වැටක්, දේශපාලන ව්‍යාපාරිකයන්ට 2020 අසුභ පෙර නිමිති"

Leave a comment

Your email address will not be published.


*