පොලිස්පතිතුමනි… ……ඔබ ශ්‍රි ලංකා පොලිස්පති බව ඉතා සංවේගයෙන් මතක් කරමි.

පුජිත් ජයසුන්දර සහකාර පොලිස් අධිකාරිවරයා ඉතාම ජනහිත්කාමි පොලිස් නිලධාරියකු ඔබ දුටු පලමු පලමු දිනේම මා සිතුවේ ඔබව දැන හදුනාගන නොවේ. ඔබගේ අගනා දේශනයට සවන්දිමෙන්නි.
ඒනවිටත් පොලිසිය නැමති උත්තරීතර ආයතනය තුලට හොර ගුල් වලින් බල්ලන්ද රින්ගා සල්ලිකාරයාගේ සරුවාන්ගයම ලෙවකන  උන් සිටින බව මාහටද පසක් වෙමින් තිබු යුගයකි. මා ඔබතුමා දැන හදුනාගත් විට සිතුවේ ..”කවදා හරි දවසක මෙවනි අයෙක් පොලිස්පති උනොත් …” දසසකුත් ආර්ථික අගහිගකම් ඇතිව තම් රාජකාරියට එන අහින්සක නිලධාරින්ට ඔවුන්ගේ ජිවන තත්වය ඉහල දමා සේවාවේ ගෞරවය ඇතිකල හැකිවේය කියාය.
කාකි කබාය තුල ඉන්න මිනිහාගේ බඩගින්න, වේදනාව හදුනා නොගෙන පොලිසිය තවත් වසර 150 ගියත් තව තවත් පහලට යනවා හැර ඉහලටනම් නොයන බව සහතිකය.
ඔබතුමාගේම වචනෙන් කියනවානම් …මුන්ගේ ජිවන තත්වෙ ඉහල දාල වෙලාවට ප්‍රොමෝෂන් ටික දුන්නනම් ඉවරයි බං………….
ඒ ඔබතුමා එදා හිතුව විදිහය.පොලිස් නිලධාරින් විශාල බලාපොරොත්තු ගොන්නක් ඔබ කෙරේ විශ්වාසයෙන් තැබුවාය. එත් ඒ සියල්ලට ඔබ පයින් ගසා ඔබත් “පෙර ඡේදය පරිදි ” යන පොලිස්පති කෙනෙකු වුවා පමණක් නොව ජනතාවට දිනපතා විහිළු සපයන්නකු වීම ඉතාම කණගාටුවට කරුනකි.
ඔබතරන් මවට ආදරය කරන්නෙකු නැතැයි සිතා ඔබ දැඩි බෞද්ධාගමිකයකු බව සමාජයට පෙන්නිමට ඔබ නොකරන්නේ මොනවාද…..? ශ්‍රි ලංකාව බහුආගමික ,බහුජාතිකයන් ජිවත් වෙන රටක් බව මා මතක් කලේ ඔබගේ දැඩි ආගමික බක්තිය නිසා එය අමතකවීදෝයි මට සිතුන බැවිනි.
ඔබ බෞද්ධයන්ගේ පොලිස්පති කෙනෙකු නොවිය යුතුවා සේම ඔබ ශ්‍රි ලංකාවේ පොලිස්පති විය යුතුය.ඔබට අවශ්‍ය නම් උදේ ,හවස, රාත්‍රියට තුන්වරුවම ආනාපානා සති භාවනාව, පිලිකුල් භාවනාව මේඑකි නොකි සියලු භාවනාවන් සිදුකලානම් පොලිස් නිලධාරින්ට හෝ මහජන්යාට ප්‍රශ්නයක් නැත.
අද අන්තගාමි සමහර භික්ෂුන්, මහජනතාව ඔබ ගොනාට අන්දවා බෞද්ධ ලේබලය අලවා සිංහල ජාතියටත් බෞද්ධාගමත් ලෝක අපවාදයකට පත්කරමින් සිටි.
රටට අහිමිවන ජිවිත ගැන ඔබට කිසිම හැගීමක් නැති බව ඉතා කණගාටුවෙන් කිවයුතුමය. රිය අනතුරු වලක්වාගැනීමට කිසිදු වැඩපිලිවලක් නැත පුරාණ්යේ පොලිස්පතිවරු කලාසේම ඔබත් ඔහේ යන්න දීබලා සිටින මානසිකත්වයට වැටිඇත.
ලංකාවේ දැන් සිටින වැඩිහිටියන්ට නැවත නිතියට අවන්ත වීමට ඉගැන්විම ඉබ්බගෙන් පිහාටු ගන්නවා වැනි බව අපි පිලිගත යුතුය.
එත් මතු උපදින හා දැනට ඉන්න දරුවන්ට රටේ නිතියට අවනත වීමට අධ්‍යාපන බලධාරින් සමග ,විශ්ව විද්‍යාල වල සහයෝගයද ලබාගෙන කිසියම් වැඩ පිලිවලක් සකස් කලහැකි නොවේද ..?
පොලිස්පති වැනි නිලධාරියකු පාරට බැස පාරේ යන වාහන නතර කොට ත්‍රිවිල් පොලවල් වලට ගොස් කොස්තාපල්ගේ වැඩේ කරනවානම් පොලිස්කොස්තාපල් කුමක් කරන්නදැයි  මාහට නොවැට් හේ එහෙත් එක් දෙයක් මා හොදාකරවම දනී ඒ පුහු ප්‍රචාරයට බවයි.
80 දශකයේ සෝභන වැඩවලට නුතන පරම්පරාව කිසිසෙත් පිලි නොගනි. ඔබගෙන් එවැන්නක් කිසි සෙත්ම මහජනතාව අපේක්ෂා නොකරන බව ඉතාම සතුටින් මතක් කරමි.ඩේ පැට්‍රල්, නඉට් පැට්‍රල් පිලිබදව සිතා ඔබ එවැන්නකටත් යයිදෝයි යන සැකයෙන් මා කිවේ පාරම්පරිකත්වයට එහා ගිය පොලිසියක් මහජනතාව බලාපොරොත්තුවෙනවා මිස පෙර පරිදිම පෙර ඡෙදේ පොලිසිය ම දැකලා මහජන්තාවට දැන් දැන් පොලිසිය වහකදුරුය.
කලකට සාමකොමිටු,කලකට ග්‍රාම පාලන,තවත් කලක කලාප මෙවා මහජනයාට පමණක් නොවේ පොලිස් නිලධාරින්ටද වහකදුරු බව බට කිවයුතු නොවේ.ජනතාව ගෙන්වන්නේ ද බලෙන් බව ඔබම දන්නා කරුණකි.
යහපාලනයේ පොලිස්පති වීම ඔබ ලද වාසනාවක් බව මානොකිවාට ඔබම දන්නවා ඇත. ඔබට අද මේ උදාවී ඇති ස්වර්ණමය යුගයක් නැවතත් තවත් පොලිස්පති වරයකුට පැමිණේදෝයි මා විශ්වාස නොකරමි. සල්ලිකාරයන්ගේ දෙපතුල ළග වැටෙන, දේශපාලකයන්ට නිතිය නමන , අහිංසක මහජනතාවට නිතිය අකුරටම ඉටුකරන පොලිසියක් වෙනුවට,ඔබටත් , මටත් උතුරේ සිට දකුණ්ටම එකම නිතියක් තියෙන හරි දේ කරන නිලධාරින් වෙනුවෙන් ඔබ හරි කියා හිට ගන්නවානම් අන්න එයයි ඔබෙන් සමස්ථ මහජනතාවම අපේක්ෂා කරන්නේ .ඔබට එසේ කිරිමට ඇති හැකියාව මම ඉතාම හොදින් දනී. එසේ නොකොට පොලිස් ගීත ( පොලිස් ගීයක් ඇති ලෝකයේ එකම රට ) පොලිස් නිලඇදුම් වෙනස් කොට, තොරම් ගසා කාවඩි නටමින් කාලය කාදමන දේශන මාලා පොලිසියේ හෝ ජනතාවට වු කිසිදු යහපතක් නොවීය.
එසේ නොමතිව ඔබ දිනෙන් දිනම පොලිස්පති නිලය තුලින් කලයුතු දැ නොකර කොස්තාපල් ගේ කාර්ය කිරිමට ගොස් ඔබ කරන්නේ නිලයේ ගෞරවය කා දමමින් ජනතාව අතර ඔබ “යහපාලනයේ පිණට බිහිවු කවටයකු  ” බවට පත්වීමයි.

Be the first to comment on "පොලිස්පතිතුමනි… ……ඔබ ශ්‍රි ලංකා පොලිස්පති බව ඉතා සංවේගයෙන් මතක් කරමි."

Leave a comment

Your email address will not be published.


*