යහපාලනය නිසා ජනතාව තලුමරමින් ප්‍රජාතන්ත්‍රවාදය සපාකනවා ආණ්ඩුව සියල්ල සිදුවෙනකන් බකන් නිලාගෙන

ජනාධිපති තුමනි තලුමරමින් ප්‍රජාතන්ත්‍රවාදය සපාකන්න ඉඩදී බකන් නිලාගෙන සිටිම ඔබව නිවටයකු සේ සලකාවි. නිවටයා දුටුවිට එළුවත් රැවුල බාන බව ඔබ අසා ඇත්දැයි අපිටනම් නොසිතේ.

මේ වන විට මාධ්‍ය මෙන්ම සමාජ ජාලයතුල නිතර සැරිසරන යුක්තිගරුක පුර වැසියන් කොතෙකුත් කීවත් ආණ්ඩුවක් ඇත්තටම් ලංකාවේ නැතිද කියා සිතෙන තරමට රට වල්මත්ව පවති.

පසුගිය සතිය තුල මෙන්ම අද වන් විටත් සිංහල බෞද්ධ කියන විවිධ සංවිධාන ගොඩ නගාගෙන ජාතීන් අතර අසමගිය ඇතිකිරීමට විවිධ උපක්‍රම අත්හදා බලමින් පවතී
ශ්‍රි ලංකාවේ ජනතාවට වසර ගන්නාවක් ප්‍රජාතන්ත්‍රවාදය යහමින් බුක්ති විදීමට බැරිවිය.
වසර ගනනාවක් උද්ගෝෂණ ,වැඩවර්ජන ,පෙලපාලි ගියානම් අපයිම යන්න වෙන්නෙත් සුදු වෑන් එකක නොයෙන්නම පෙලපාලි බව දැන් ජන්තාවට මතක නැත.
කොහොම උන්ත් මොකාටවත් රටක් ප්‍රජාතන්ත්‍රවාදය අනවශ්‍ය ආකාරයට බුක්ත්විදීමට ඉඩ නොතබිය යුතුය.
අහිංසක ජන්තාවගේ ජනජීවිතය අව්ල් කරමින් නැතිදේවල් කියමින් ජාතිවාදය වපුරවමින් ,සිංහල, දෙමළ ,මුස්ලිම් ජනතාව තුල භිතියක් ඇති කිරීමට ඉඩදී රටේ පාලකයන් බක්න් නිලාගෙන සිටිම කුමන ප්‍රජාතන්ත්‍රවාදයක් දැයි අපිනම් නොදනිමු.
මෛත්‍රිපාල ජනාධිපති පන්සල්ගානේ මල්වට්ට් තැබීමට පෙර බියලු නයාලු ගති පසෙක දමා රට පාලනය කරන බව ජනතාවට දැනෙන්න අවශ්‍යය. 2013 දී 2014 දී2015 දි සරණාගතයන් ලංකාවට ආවබව දැනන් හිටියේ රටේ කියෙන් කිදෙනාද ? නමුත් දෑන් තත්වය ඉට ඉදුරාම වෙනසය. සරණාගතයන් රටකට ආවම අපි රටක් ලෙසට ඔවුන් භාරගෙන කලයුතු ජාත්‍යන්තර ක්‍රම වේදයට කලයුතුය. නො එසේ නම් ගොත්‍රකයන් සේ කටයුතු කිරිමද රට වෙනුවෙන් යැයි කියා හඩ නගන සමහර කාලකන්නි ගේ බලාපොරොත්තුව.
කෙසේ වෙතත් අන්තර් ජාලය ඔස්සේ මේවනවිට විවිධාකාර බොරු අසත්‍ය කරුණු පතුරවමින් විවිධ ප්‍රචන්ඩකාරි දේවල් ජායාරූප පවා යොදා ජනතාවට දැඩි පීඩනයක් කරමින් සිටි. උගත් නුගත් බේදයකින් තොරව ඒවා දුටු විට දැඩි ආවේග ශිලිබවට නිරන්තරයෙන් පත්වේ ඒත් ඒපිලිබදව දැඩිව පරික්ෂා කිරිමේදි පෙනිගියේ පසුගිය යුද්ධය වකවානුව තුල ගම්මුන්ට ත්‍රස්තවාදින් විසින් පහර දිමේදි අන්තර් ජාලයේ ඇති ඡායාරූප බවකි.
තව දුරටත් ආණ්ඩුවක් මෙසේ මර නින්දේ සිටියොත් වන්නේ මුළු රටම ලේවිලකට යන පාර ආණ්ඩුවම කපා දීමකි.
කුමන තරාතිරමක ,කුමණාඅගමික මස පෙන්නන්නකු උවත් ජාතිවාදය අව්ස්සනවානම් වහාම අත්වඩංගුවට ගතයුතුය. මීටම සම ගාමිව නැවතත් කාලක්නනි වෛද්‍යවරුන් වැඩ වර්ජනයකට සුදානම් වෙමින් පවතින බවට ඉතාම විශ්වාස කටයුතු ආරංච්යක් අපවෙත් ලැබී ඇතිබැවින් රජයටත් ඒ පිලිබදව තොරතුරු ඇතිනිසා අහිංසක ජනතාවගේ ජිවිත් රැකදීම රජ්යේ වගකීම බව අපි දැඩිව රජයට මතක් කරමු.
ජනාධිපති තුමනි තලුමරමින් ප්‍රජාතන්ත්‍රවාදය සපාකන්න ඉඩදී බකන් නිලාගෙන සිටිම ඔබව නිවටයකු සේ සලකාවි. නිවටයා දුටුවිට එළුවත් රැවුල බාන බව ඔබ අසා ඇත්දැයි අපිටනම් නොසිතේ.

Be the first to comment on "යහපාලනය නිසා ජනතාව තලුමරමින් ප්‍රජාතන්ත්‍රවාදය සපාකනවා ආණ්ඩුව සියල්ල සිදුවෙනකන් බකන් නිලාගෙන"

Leave a comment

Your email address will not be published.


*