දවසේ සිකුරාදා………………..මහින්ද නතර කළ තැනින් මෛත්‍රියි බෑනයි පටන් ගනී…..යුද්දේ නැතත් සුද්දේ දිගටම රුපියල් කෝටි 16000 කට ආසන්න මුදලක් වැයකරමින් යුධ නැව්, යුධ ටැංකි, ගුවන්යානා, මිලට ගන්න කැබිනට් අනුමතිය.

කාලන්තරයක් පුරාවටම ලංකාවේ යුද්ධයක් පැවතීම සාමාන්‍ය ජනයාට මර බියක් ඇතිව තිබුණි. ඒ ත් පාලක පැලැන්තියට යුද්ධය ඕනෑය ඒ ඔවුන්ගේ ව්‍යාපාරය වන නිසාය.
ශ්‍රිලංකාවේ ප්‍රධානම අවි සැපයුම් කරුවන් අතර රුසියානු රජය මුල් තැනක් ගෙන තිබුණි.
රාජපක්ෂ පාලනයේ මුදල් ගසා කෑම ප්‍රධානම තැන වුයේ අවි හා උණ්ඩයි. යුද්ධය රටේ පාලකයන්ට සුර සැප ගෙන දුන්නේ ඒවායෙන් ලැබෙන කොමිස් ලැබෙන්නේ ඇමරිකානු ඩොලර් එසේත් නැතිනම් රුපියල් කෝටි ප්‍රකෝටි ගනන් විම නිසාය.
2010 වසරේදි මහින්ද රාජපක්ෂ යුද්ධ නැවක්, ඇන්ට්නෝව් ප්‍රහාරක යානාවක්, යුධ ටැංකි 33 ක් හා ක්‍රොක ඩයිල් වරගයේ හෙලිකොප්ටර් 03ක් රුසියාවෙන් මිලට ගැනීමට සියලු ගිවිසුම් අත්සන් කොට තිබුණි.
ජනාවගේ ලේ උරා බිබී ,අඟනන් සමග කම් සැප විදි අප්පලා පුතාලට ජනතාව පයි ගසා එලවා දැම්මේ මේ ඩීල් නිසා බව හැමෝම දන්නා සත්‍යකි.
2010 ඒ අවි ගිවිසුමට මෛත්‍රිපාල ජනාධිපති දැන් යමක් කලයුතුමයි. එක ඇත්ත කතාවකි. එත් දෙයියනේ අපේ ජනතාවට පාන් කියාගන්න බැරුව නොකා නොබි ඉන්න වෙලාවක ඇ.ම ඩොලර් මිලියන 158.5 ක යුධ නැව් ජනතාව ගිලිනද…? 2010 රාජපක්ෂ පාලනය ඇ.ඩො.මිලියන 165 ක් 2015 වන විට වියදම් කර හමාරය. ඒවාට උන දෙයක් නැත.
ඒ පාලනය පෙරලා ජනතාව යහපාලනයක් ඇතිකරේ උන්කෑවා ඇති දැන් උඔලත් කාපල්ලා කියලානම් නෙමේ. ඒත් දැන් වෙන්න යන්නෙත් ඒ දේ මය.
මෛත්‍රිපාල ජනාධිපති මුලට දාගෙන රුපියල් කෝටි 6000ක් ජනතා මුදල් ගසා කන්න තටමන අය ජනතාවට කියන්නේ නම් “සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට ” කියාය. දැන් මේ ලියන මොහොත වෙනතුරුත් අප බලන් ඉන්නේ ජනාධිපති වරයා ඊට දක්වන ප්‍රතිචාරය දිහාය.
දැන් අපිට ඇත්තටම යුද්ධයක් ඇත . ඒ සදහා අවශ්‍ය වන්නේ දිරාගිය ප්‍රහාරක් නැව් නොව, ශක්ති සම්පන්න ස්ථිර ආර්ථික ප්‍රතිපත්තියක් තුලින් ජනතාවගේ ජීවන තත්වය නගා සිටවීමටය්
රාජපක්ෂලා ජනතාව ගොනාට අන්දලා හොදට යහමින් හම්බ කර ගැනීම නිසාම තමා යුද්ධයට දේශපාලන නායකත්වය දුන්න නායකයාට පවා පයින් ගසා පන්න දැම්මේ.
මෛත්‍රි ජනාධිපති අනුන්ගේ දිරච්ච ලනුකාලා දිරච්ච නැව් අරගෙන ජනතා සල්ලි කෝටි ගානක් ගිලින්න ඔනි පාර කපා දෙන්නයි දැන් ලහිලහියේ සුදානම.
යුද්ධයක් දිනු මහින්දටත් ජනතාව පයින් ගසා එලවා දැම්මානම් මෛත්‍රිට කුමන කතාද…?
රටකට ආයුධ සැපයිම ලෝකයේ ප්‍රධාන පෙලේ ව්‍යාපරිකයන්ගේ ආදායම් මාර්ගයයි. දැන් සිරස නාලිකාවත් ඊට අවශ‍ය්‍ය සියලුම වැඩ සිදු කොට හමාරය. කොහොම උනත් මෙම යුද්ධ නැව් ජනතාවට කිසි සෙත් අවශ්‍ය නොවන නිසා එම ගිවිසුම නැවත සලකා බැලීමට රුසියානු රජය සමග සාකඡ්චාකල යුතුය.
දිරච්ච යුදධ නැව්,ආමට්කාර් ,හා වසර 10 ක් පැරණි හෙලිකොප්ටර් අරගෙන කෝටි 5000 ක ට වඩා වැඩි මුදලක් කොමිස් ගහන්න දිවා රැනිදි නොලබා මහන්සි ගන්නේ තමාගෙම බෑනා “තිලිණ” හා සිරස නාලිකාවේ අයිතිකරු බව ජනධිපති හොදාකාරවම දනී.
ශ්‍රි ලංකාවට අවි ජාවාරමට සිරස අයිතිකරුවන්ගේ සම්බන්දයක් නැත්නම් එසේ තමා නිර්දොශි කියා කිවයුතුය.
මේවන විට සිංහල බෞද්ධයන් ඉතාම අසරණ තත්වයකට පත්ව ඇති බව පසුගිය සතියේ පෙනුනි. බුදුදහමේ පැවැත්ම වෙනුවෙන් පෙනී සිටින සමහර හාමුදුරුවරුන්ගේ කතා විලාසය, හා හැසිරීම පිස්සු බල්ලන්ගේ සපා කෑමට දෙවනි නැත.
සිත්පිත් නැති තිරිසන් බල්ලන් සේ අහිංසක අනාථ මිනිසුන්වට කර ගන පහර දීම කිසිම මනුෂයෙක් අනුමත නොකරනු ඇත.
මේවනවිට ශ්‍රි ලංකාවේන් යුරොපයේ ඇතුලු ලෝකයේ බොහො රටවල් වලට ගොස් තමා සරණාගත බවට පත්ව ඇතැයි කියමින් ඒ ඒ රටවල රැකවරණ ඉල්ලා සිටින පිරිස අති විශාලය. ඒ රටවල මිනිස්සු රජයේ වියදමින් කෑම ,බීම ගෙවල් දොරවල් පවා ලබාදි ඔවුන්ව රැක බලා ගනි . කිසිම පල්ලියක පුජ්ක වරයෙක් හෝ අඩුම තරමින් කිසිම මිනිස්යෙක් ඒ අයට වචනයකින්වත් හිංසාවක්, නොකරයි.
ඒත් පුදුමේ නම් ඒ අයගෙ දෙමාපියන් ,මිතුරන් ලංකාවට අහම්බෙන් එන සරණාගතයන්ට පහර දීමට පෙරට ඒමයි. රොහින්න්‍යා ඒ සරණාගතයන්ට පහර දීමට ජනතාව
පොලබවන ලද ” පොලිසිය යන්න අපි මුන්ව ඔහොම්මම ගිනිගහලා දාන්නම් ” ……කියා කහ සිවුරක් දමාගෙන මුලු රටටත් ජාතියටත් සම්බුද්ධ සාසණයටත් අගෞරවයක් කල ඒ කාලකන්නි පාපතර “පික්සුව” වහාම අත්වඩංගුවට ගත යුතුය.
ලෝකයේ කිසිම සරණාගතයෙක් ලංකාවේ ආරක්ෂාව , රැකවරණය පතා නම් හිනෙන්වත් නොයන බව විශ්වාසය. යුරොපය පමනක් දිනකට සරණාගතයන් 4000 ක් පමණ භාර ගෙන රැකවරණය දෙන බව මොවුන් නොදනී.
මෛත්‍රි ජනාධිපති බෑනාගේ හා සිරසේ අයිති කරුගේ පදේට නැටුවොත් ,ඔහුට සිදුවන්නේ තවත් ලංකාවේ ඓතිහාසික වාර්තාවක් තැබීමටය.
ඒ යහපාලනයේ හිටපු ජනාධිපති ගැනත් පොලිස් මුල්‍ය කොට්ඨාශය මගින් පරික්ෂණ සිදුකොට අත්වඩංගුවට ගෙන රක්ෂිත භාරයට පත්කලා යන්නයි.

අජිත්…

Be the first to comment on "දවසේ සිකුරාදා………………..මහින්ද නතර කළ තැනින් මෛත්‍රියි බෑනයි පටන් ගනී…..යුද්දේ නැතත් සුද්දේ දිගටම රුපියල් කෝටි 16000 කට ආසන්න මුදලක් වැයකරමින් යුධ නැව්, යුධ ටැංකි, ගුවන්යානා, මිලට ගන්න කැබිනට් අනුමතිය."

Leave a comment

Your email address will not be published.


*