දවසේ සිකුරාදා…..සයිටමයක් නිසා ජනතාව දුටු එක අත්තේ කුරුල්ලන්

ඒත් නුතන ජේ.වී.පී ය තුලින් ජනතාව කිසි විටකත් රටේ හැම දේටම රතු ඇදගෙන පෙලපාලි යාමක් අපෙක්ෂා නොකරයි. සාම්ප්‍රධායක් ජේ.වී.පි විරුද්ධ වීමේ ,පහර දීමේ මානසිකත්වයේ තවමත් ඔවුන් ජිවත් වෙනබව පොලිසියත් සමග ලාල් කාන්ත ඇති වු පැටලවිල්ලෙන් මනාව පෙනුනි.

පසු ගිය සතිය පුරාවටම රටතුල සිදු වු විශේෂ සිදුවීම් රාශියක් වුවත් ජනතා අවදානයට පත් ප්‍රධානම දේ වුයේ මුළු රට පුරා පැවති දොස්තර වරජනයයි. ඊට හේතුවුනේ සයිටමයයි.
සයිටමය ගැන අප කොතෙකුත් ලිපි පලකර ජනතාවට කියාසිටි පරිදිම අද වන විට බළලා එලියට පැන හමාරය ඇත්තේ සයිටම් විරෝධයක් නොව පැහැදිලිම ආණ්ඩු පෙරලා දමා රාජපක්ෂ හොර රැල හට නැවත බලය ලබා දීමටය.
පසු ගිය සතිය පුරාවටම ජනතාව බොහෝ සෙයින් කතා බහට ලක් කලේ බුදු දහමත රාජපක්ෂලා දේශපාලනයට එදා වගේම යොදා ගෙන තිබෙණ බවය.
කිසිදවසක බුද්ධ ච්වරය දරා මුදල් ඉල්ලා භික්ෂුවක් පිඩුසිගා වැඩ නැත. මෙය පක්ෂ බේදයෙන් තොරව ජනතාවගේ පිලිකුලට ලක්වු කරුණකි.
මීගමුවේදි ඇන්තනිට වෙඩිතැබු පොලිසිය ඔහු මරාදමා ජනතා උද්ගොෂණ මැඩලු ආකරය එසේය. එවක පොලිස්පති මහින්ද බාලසුරිය පැයකින් අරලිය ගහ මන්දිරයටගෙන්නා ගත් ජනාධිපති බාලසුරිය පොලිස්පතිට …”යකෝ එකෙකුට වෙඩිතිබ්බා කියල ගෝඨාභය කියපු නියෝග ඉටු කල නිලධාරින්ට තෝ ඇයි ………පුතා බැන්නේ මුන් මරන්න ඔනි එකෙක් නෙමේ සීයක් මැරිද්දෙන් ……තෝ…” කියා බාලසුරියට එල්ලකල පාපහරින් පොලිස්පති පඩිපෙලේ පඩි දෙක්කින් බිමට ඇද වැටුනි.
එහෙව් මහින්දට දැනුයි රටේ නිතියක් ගැන මතක් වෙලා තියෙන්නේ.
ජනතා සල්ලි රුපියල් ලක්ෂ 6000 ක් එක් පුද්ගලයෙකු වෙන්වෙන් ඔහුගේ අවශ්‍යතාවට වියදම් කල රජයේ නිලධාරින්ට දැඩි දඩුවම් දෙනතුරු මහජනතාව නොවිලසිල්ලෙන් බලා සිටි.
යහපාලනය දැන් දොරේ ගලායයි කියා ජනතාව මැසිවිලි නගන්නේ හැම තැනම උද්ගෝෂණ ,වැඩ වර්ජන නිසා ජන ජීවිතේ මුලු මනින්ම අඩාලවීමය.
සයිටමය වෙනුවෙන් තිබු කිසිම සාකච්චාවකට නොගිය ජනතා විමුක්ති පෙරමුණ එක් වරම කරලිය තුලට පැමිණීම ජේ .වී.පී එකට සහයෝගය දීමට වැට උඩ සිටි විශාල පිරිසක ගේ දැඩි අප්‍රසාධයට හේතු විය. ජේ.වී.පී එක රටේ කුමක් කලත් ඊට විරුද්ධව කතාකිරීම සාමාන්‍ය සම්ප්‍රධාය විය. එදා මෙදා තුරලංකාවේ කිසිම රජයක් යහපත් දෙයක් නොකලේමද..? එසේ නම් ඒ දෙට කිසිම දවසක් ජනතා විමුක්ති පෙරමුණ හොදයි කියා සහයෝගය දී තිබෙනවාද ?
සෝමවංස අමරසිංහ ගේ අධ්‍යාපනයත් සමග ඔහු තුලින් සෑම දෙයටම විරුද්ධ වීමේ ගතිය ජනතාවට ගැටලුවක් නොවේ.
ඒත් නුතන ජේ.වී.පී ය තුලින් ජනතාව කිසි විටකත් රටේ හැම දේටම රතු ඇදගෙන පෙලපාලි යාමක් අපෙක්ෂා නොකරයි. සාම්ප්‍රධායක් ජේ.වී.පි විරුද්ධ වීමේ ,පහර දීමේ මානසිකත්වයේ තවමත් ඔවුන් ජිවත් වෙනබව පොලිසියත් සමග ලාල් කාන්ත ඇති වු පැටලවිල්ලෙන් මනාව පෙනුනි.
ජනතාව සිතා සිටියේ ධනවාදි පක්ෂ දෙකක් වු එ.ජා.පය හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අහිංසක ජතාව වෙනුවෙන් පෙනි නොසිටියත් ජෙ.වී.පී. එක අහිංසක දුප්පත් ජනතාවගේ දුක වේදනාව ඒ දහදිය සුවද දන්නා බව මෙතෙක් ජනතාව සිතාසිටියත් කාලකන්නි වෛද්‍ය වර්ජිත්යන් සමග එක්ට හිටගෙන ජනතාව මර්දනයට පෙල ගැසුනි.
ජේ.වි.පී එකේ සයිටම් විරෝදයට මුක්කු ගැසීමට ගොස් ඔවුන් සිදුකරගත් විනාශය තවත් කල්පකාන්තාරයකට බලයට ඒමට නොහැකිවිය.ජේ.වි.පී එකට දිනාගත යුත්තේ ඔවුන්ගේ සාමාජිකයන් නොව රටේ සාමකාමි මධ්‍යස්ථ ජනතතාව බව අවබෝධ වන්නේ කවදාද ?
අනුරදිසානායක යනු ඉතමත් උගත් බුද්ධිමත් හා ඕනෑම දෙයක් සත්‍ය ලෙසට සාමාන්‍ය ජනතාවට යමක් පහදා දීමේ හැකියාවක් ඇත්තෙකි. එවනි නායකයෙකු මෙවනි සයිටම් වැනි අධ බාල ප්‍රශ්නයක් අල්ලගෙන ජනතාව පීඩාවට පත් කලේ ඇයිද යන්න ජනතාව ගේ මුවින් නැගුන අදෝනාවක් විය.
කොහොම උන් සයිටමයට පිං සිදුවන්නට එකම ජාතියේ කුරුල්ලන් එක අත්තක වසා සිටි බව රටටම පෙනුනි. ජනතාව මෙතෙක් නොදැක්ක සියල්ලම සයිටමය නිසාම දැක ගත හැකි විය.

ඡායාරූප අනුග්‍රහය ඩේලිමිර පුවත් පත.

අජිත්…

Be the first to comment on "දවසේ සිකුරාදා…..සයිටමයක් නිසා ජනතාව දුටු එක අත්තේ කුරුල්ලන්"

Leave a comment

Your email address will not be published.


*