දවසේ සිකුරාදා……නායකයිනි ! ඔබේ ඇගේ එල්ලී ඉන්න “කූඩැල්ලන් ” ඔබෙත් ජනතාව ගෙත් ලේ උරා බොනබව නොදන්නා සේ සිටින්නේ සියල්ල විනාශ වෙන තුරුද…….?

නායකයා සෑමවිටම ” මෙහෙය වන්නෙක්” විය යුතුවා මිස මෙහෙය වෙන්නෙක් නොවිය යුතුය.
රටක් ලෙසට පසුගිය කාලය පුරාවටම මාධ්‍යට සිදු වුයේ රටේ නායකයන් හට පහර පිට පහර ගැසීමටය. ඒත් ඒ දේ ඉතාම නොවටිනා බව අපත් නොදන්නවා නොවේ.
එත් ජනතාවගේ හද ගැස්ම ගැන කිසිදු හැගීමක නොමතිව මැති ඇමැත්තෝ ක්‍රියා කරනවිට ඒවා වලකා ලිය යුත්තේ ඒ පක්ෂ දෙකේ නායකයන්ය.
මේ පක්ෂ දෙකේම නායකයන් දෙදෙනාම සෑම අතින්ම් සුදුසු උවත් “පෞර්ෂය” අතින්නම් ඉතාම බෙලහීනය. ඊට උදාහරණ පසු ගිය යහපාලන කලයේ ඕනෑ තරන් ඇත. ඊට ආසන්නම හේතුවනම් කාලකන්නි දොස්තර වැඩ වර්ජනයයි. මහිදගේ ආණඩුව 2005 සිට 2015 ජනවාරි දක්වාම මුළු වෛද්‍ය වැඩ වර්ජන ගනන 09 කි. ඒ වසර 10 ටම උවත් මේ යහපාලන ආණ්ඩුව පැමිණි වසර දෙකක කාලය තුල පමනක් වෛද්‍ය වැඩවර්ජන 05 මේ වනවිට සිදු කොට හමාරය.
වරක්

පාදෙණිය වෛද්‍යවරයා වැඩවර්ජන අවසාථාවේම මහින්ද ගෙන්වා ඇසුවේ ” තමුසේ මේක දැන් නවත්තනවද ? මම නතර කරලා තමුසේ ගේ කලිසම ගලවන්නද ?

කියාය. අරලිය ගහ මන්දිරය සිටම පාදෙණිය වැඩවර්ජනය අතහැරියා පමණක් නොව එදා පැමිණ සිටි ගොඨාභය සරණන් ගච්චාමී කිමටද පාදෙණිය අමතක නොකලේය.
මෙන්න මෙහෙමය අද අහිංසක දුප්පත් ලෙඩුන්ගේ ජිවිත වලට ලංසු තියන පාහර පාදෙණියලා පොරවල් උනේ. කොහොම උනත් මේ වනවිට රටක් අස්ථාවර කිරීමට මාන බලන හැම එකාටම එය ලේසිවී ඇත්තේ මෛත්‍රිගේ හා රනිල්ගේ නොන්ජල් කම බව තමයි නිති ගරුක පුරවැසියා කියන්නේ

.මේ වනවිට යහපාලනය ලංකාවේ මිනිස්සුන්ට පුරුදුම නැත. හරියට හෝන් නොගහා වාහන පදවන්න බෑ වගේ මොකද අපේ අය පුරුදු වුනේ 1972 න් පසුව බිහිවු සෑම ආණ්ඩුවකටම ඒ ඒ පක්ෂ බලයට ආව ගමන් තිරිසන් විදිහට පලි ගැනිල්ලනේ. මෙන්න මේක කරගන්න බැරි එකත් මේ නුගත් මෝඩ යන්ට යහපාලනය වහකදුරුය. අනික බල‍යට ආපු ආණ්ඩුව පහුගිය ආණ්ඩුවේ වැඩ නතර කරලා උන්ගේ උන්ව දාගැනිලි යන එකී මෙකී නොකී සේරම දේ නතර උනේ යහපාලනයට පිංසිදුවන්නටය.
ඒත් නායකයන් දෙපලගේම ඇගේ එල්ලී ඉන්න ලේ බොන කූඩැල්ලන් අදුරාගෙන හිටියත් උන්ව ගලවා විසි නොකරන්නේ මොන කරුමයකටදැයි අපිටනම් නොතේරේ.
රනිල් ළඟටම වෙලා ඇගේ එල්ලිලා හිටිය එකෙක් නිසාම “මාස්ට ක්ලීන් ” නමෙත් කුණු තැවරුන බව අවංකවම පිලිගතයුතුය. ඒ වගෙම තවත් මේහා සමානම ලේ බොන කුඩැල්ලන් රටම කතා කරත් ඔබලා උන්ව ගලවා විසි නොකරන්නේ නම ජනතාව ඔබ දෙදෙනාවම ගලවා විසිකරනවා ඇත.
අන්න ඒ දේ ජනතව ගෙන් කරවීමයි ඔවුන්ගේ ඕනෑ කම.
තවතවත් යහපාලනය නැමති දෙවලේ නිර්වස්ත්‍රව නැටීමට කිසිවකුටත් ඉඩ නොදිය යුතුය.
ජනතාව ගේ ජීවිත වලට ලංසුතබන බල්ලන් එලවා දැමීම වහා වහා කලයුතුය. එසේ නොකර ජනතාවට විනොද ජනක කතා දැන් ඔනවටත් වැඩිය.
ඊයේ ජනාධිපති ගලවාදැමු කුඩැල්ලා නැවතත් අරන් ඔබම කොට්ටය උඩ තබා ගන්නවානම් ඔබේ වල ඔබම කපාගන්නවා නියත්යි.
දැන්වත් කලයුත්තේ මේ කුඩැල්ලන් ගලවා විසිකර දමා නිතිගරුක ,යුක්තිගරුක රටකට අඩිතාලම දැමීමය.

අජිත්….

Be the first to comment on "දවසේ සිකුරාදා……නායකයිනි ! ඔබේ ඇගේ එල්ලී ඉන්න “කූඩැල්ලන් ” ඔබෙත් ජනතාව ගෙත් ලේ උරා බොනබව නොදන්නා සේ සිටින්නේ සියල්ල විනාශ වෙන තුරුද…….?"

Leave a comment

Your email address will not be published.


*