කෝටි 60 ක් ජනතා මුදල් සොරාකෑ උන් ජාතික වීරයන් කිරීම තවතවත් හොරු බිහිකිරීමක්

රාජ්‍ය පරිපාලන සේවයේ ඉහලම තනතුර හෙබවු හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් අනුෂ පැල්පිට යන දෙදෙනා මේ වනවිට වැලිකඩ සිර ගෙදරට ගාල් කොට ඇත.
මොවුන් සිරගත වුයේ ජනතාවට සේවය කිරීමට ගොස් නොවන බව මෝඩයන් හැර අන් හැමෝම දනී. ජනාධිපති ලේකම් රාජ්‍ය සේවකයකි. අනුෂ පැල්පිටලා අද ජාතික වීරයන් කිරීමට තටමන කාලකන්නියන් එකක් මතක තබාගත් යුතුය. උන් හොරාකෑවේ රටේ සල්ලිය. මෙම සිරකරුවන්ට එල්ලවු ප්‍රධානම අපරාධ චෝදනාව නම් රජයේ මුදල් රුපියල් කෝටි 60 ක් ජනාධිපති මැතිවරනයට වියදම් කිරීමය.
මෙම නඩු තීන්දුව තුලින්ම සමස්ත රජයේ සේවකයන්ට කිසිදු ආකාරයක් බලපෑමකින් තොරව ඉදිරියේ දි තම කටයුතු කරගෙන යාමට සුදුසු වටපිටාවක් නිර්මානය කොට ඇත.
රාජ්‍ය සේවකයා මොනම ආකරයකටවත් තවත් දවසකදී දේශපාලකයන්ගේ පස්සෙන් ගොස් ඔවුන්ට උන්ගේ සැප වෙනුවෙන් අහිංසක මිනිසුන්ගේ සල්ලි වියදම් නොකරනු ඇත.
දැන් රජයේ සේවකයාට ඇත්තේ තම අතමය නිතිවිරෝධි නියෝග ඉටු නොකර නිතියානුකුල නියෝග ඉටුකිරීමටය.
කෝටි හැටක සිල් රෙදි බෙදීමෙන් මුන්කලේ ජනතාවගේ ලේ උරාබීමය. පුදුමයනම් එසේ කල උන් සිරගත වනවිට උන්ජතික වීරයන් කරන්න උත්සහාගන්න රටක් මුළු ලෝකයේම නැත. වෙන රටකදී ජතික ධනය හොරාකෑවානම් සිදුවන්නේ මරා දැමීමය. එත් ලංකාවේ එසේ නොවේ ජනතාවගේ ධනය සොරකම් කරන අයට දැඩි දඩුවම් නොදෙනතාක් කල් මුන් ඔබේ මුදල් හොරාකමින් යහතින් වැජ්බෙනු ඇති.
සමස්ථ රජයේ සේවකයන් සිතිය යුත්තේ දේශපාලකයන්ට ජනතාවගේ මුදල් සොරාකන්න කිසිදු ලෙසකින්වත් ඉඩ නොතබා තමා ගේ වගකීම නිසිලෙස ඉටු කිරීමය.

Be the first to comment on "කෝටි 60 ක් ජනතා මුදල් සොරාකෑ උන් ජාතික වීරයන් කිරීම තවතවත් හොරු බිහිකිරීමක්"

Leave a comment

Your email address will not be published.


*