උනුත් එකයි මුනුත් එකයි……. වාහන ගන්න තවත් රුපියල් දස කෝටි අනුඅට ලක්ෂ හැටනම දාහක පරිපුරක ඇස්තමේන්තුවක්

මේවනවිට කිසිදු වාහනයක් නොමතිව උදේ හවස පාර්ලිමෙන්තු එන හා යන ඇමතිවරුන් මගි බස් රථ වල යාමෙන් ජනතාව විශාල අපහසුතවයකට පත් වීම නිසා ඒ ඇමතිවරුන්ට හා ඔවුන්ගේ කාර්ය මංඩල වලට පාවිචියට කෝටි අනුනම ලක්ෂයක වාහන ගෙන්වීමට රජය තිරණය කර ඇත.
පසු ගිය රජය සමයේ දැඩි කතාවක් ඇතිව් වුයේත් මෙම වාහන පිලිබදවය. මෛත්‍රිලා ,රනිල්ලා පසුගිය නඩයට දෙවනි නොවන වාහන කෙලියක නිරතව සිටින බව නම් සැබෑය.
මේවන විට රජයේ සමස්ථ ආර්ථිකයම කඩාගෙන වැටී හමාරය. මේ පාපයේ පවු ගෙවනනේ මුන්නොවේය . මුන්ගේ දරුවොත් නොවේය අපේ ගමේ අහිංසකයන් ගේ දරුවන්ය.

පසුගිය රජය සමයේ ගෙන්න ඇති වාහන නිෂ්පාදිත වර්ෂය 2012, 2014 අවුරුදුවල වාහන රුපියල් බිලියන 22 කට ආසන්න වටිනාකමක් ඇති වාහන මේවනවිට ඇත්තේ කතානායක නිල නිවසට යාබද ඉඩමේය දෙයියො සාක්ෂි ඒවාහන සේරම දැන් දිරායාමට ඉඩ හැරලාය. 1972 පසුව බිහිවු සෑම රජයක්ම කරන්නේ අළුතෙන් වාහන ගෙන්වීමය.
මෙය ලංකාව වැනි රටකට කිසිසේත් ඔරොත්තු නොදෙන දෙයකි.
මෛත්‍රි ,රනිල් දෙන්නත් බලයට ආවේම පසුගිය රජයේ තවත් දිගුවක් වීමට නම් ජනතාව ඒ දෙන්නත් ඉතාම නුදුරේදීම දේශපාලන කුණු කුඩයට දමනු ඇත.
ශ්‍රිලංකාවේ හැර අළුතින් බලයට පත්වු කිසිම රටක ආණ්ඩුවක් අළුත් වාහන මිලට ගෙන නැත.ඉන්දියාවේ අගමැති මෝදි රජය අවසන් වරට වාහන මිලට ගෙන ඇත්තේ 2013 වසරේ දීය. බ්‍රිතාන්‍ය තෙරේසාමේ අගමැතිවරිය රජය අවසන් වරට වාහන මිලට ගෙන ඇත්තේ 2009 වසරේය . ඒ ලෝකයේ ජනතාවට අවංකව සේවය කරන නායකයන් සිටින රටවල්ය. ජනතාවගේ දේ හුරාකන කාලකන්නි දේශපාලකයන් සිටින ලංකාව වැනි කිසිදාක දියුණු නොවන රටවල් ආණ්ඩු එන සෑම විටම ජනතාමුදල් විනාශ කිරිම ඉතාම සුලභ දසුනකි.

Be the first to comment on "උනුත් එකයි මුනුත් එකයි……. වාහන ගන්න තවත් රුපියල් දස කෝටි අනුඅට ලක්ෂ හැටනම දාහක පරිපුරක ඇස්තමේන්තුවක්"

Leave a comment

Your email address will not be published.


*