දවසේ සිකුරාදා…….බල්ලන් සමග ලැග්ගොත් මැක්කන් සමඟ නැගීටීම සත්‍ය කරමින් හොරු සමඟ ඩීල් දැමු විජේදාසගේ ඇමතිකම ගැල වෙයි.

ලංකාවේ ඉතාම පැරණි කියමනක් වන “බල්ලොත් එක්ක ලැග්ගොත් බලු මැක්කන් එක්ක නැගිටින්න වන බව ” සනාථ කරමින් මෙතෙක් කලක් යහපාලන රජයේ අධිකරණ ඇමති වරයා ලැග සිටියේ බල්ලන් සමඟ බව දැන් නම් රටම දනී.
මෛත්‍රි රනිල් යහපාලන ආණ්ඩුව ජනතාවට දහ අතේ පොරොන්දු උනේ ජනතා මුදල් රකින බවටය. ඉතියෝපියාව ,සෝමාලියාව, උගන්ඩාව වැනි ඉතාම දරිද්‍රතාවෙන් පෙලෙන රටවලට ලෝකයේ දියුණු රටවලින් කොතෙකුත් ආධාර ලැබුණත් එම රටවල් එදා සිටම මේ වෙන තෙක් කිසිදු ආකාරයක් නැගිටීමක් නැතිවීම පිලිබදව කරන ලද සමීක්ෂණයකින් හෙලිවී ඇත්තේ ඒ රටවල් වල ජනතාවට ලැබෙන නොයෙකුත් ආකාරයේ ආධාර දේශපාලකයන් සොරකම් කරන බවකි.
ඒ සමීක්ෂණයම ලංකාවේ කලානම් සොමාලියාවේ ආකාරයටම ප්‍රතිඵලය එයමයි. එදා මෙදා තුර ලංකාවට ලැබුණ ආධාර කාලකනනි පාලකයන් හොරා නොකෑව නම් ශ්‍රිලංකාව ආසියාවේ දියුණුම රට බවට පත්ව අවසන්ය.
කෙසේ වුවත් යන් තරමකට හෝ මේ වනවිට විශේෂ යෙන්ම තරුණ නුතන පරම් පරාවේ බොහෝදෙනා සිතනුයේ ජනතාවගේ ,රටේ සල්ලි හොරා කෑමට අපි ඉඩනොදෙමු කියාය. මෙය බොහෝවිට නුතන සමාජ ජාලා තොරතුරු දැනගැනීම නිසා විය හැකිය.
දැන්දැන් මෛත්‍රිටත්, රනිල්ටත් ඉදිරියෙන් සිටිමින් රැඩිකල් වාදි තරුණ මංත්‍රිවරුන් මොකා හොරා කෑවත් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඉදිරියට ඒම රටේ යම් පෙරලියක් පෙර නිමිත්තකි.
පාලිත තෙවරප්පෙරුම යහපාලනයෙන් පලමුවම හිරබත් කෑවේය. රවී,ඉල්ලා අස්විය,මේවා පසුගිය කාලයේ සිදු වු දේය. එත් ඊට ඉදුරාම වෙනස් දෙයක් ඇතිවුයේ විජේදාසටය. විජේදාස ඉවත් කිරිම කලයුතුව තිබුණේ මීට පෙර රාජපක්ෂලා වෙනුවෙන් පෙනී ඉන්නබව නොකියා කී දිනයේ දීය. එත් රනිල්ට කසේරුකාවක් නැතිනිසාදෝ පාර්ලිමේන්තුවේදී නෑසුනාසේ රනිල් සිටියාය
රනිල් එදා විජේදාස ඇමතිකමින් පන්නා නොදැම්මේ මහින්දලාගේ රනිල්ලාගේ තියන පිට කැසීම නිසාය.
කොහොම උනත් දැන් තත්වය ඊට ඉදුරාම වෙනස්ය. මෛත්‍රි රනිල් දෙන්නගේ ඉරනම තිරණය වෙන්නේත් මේ වෙන්දේ අනුවය. මෛත්‍රිට ඔනි රාජපක්ෂ්ලාට දඩුවම් දෙන්නය රනිල්ට ඔනි විධායක ජනාධිපතිකම් ඉවත් කර පාර්ලිමේතුවට බලය ගැනීමය රනිල්ට කිසිසේත් රාජපක්ෂලාට රිදවීමට උවමනාවක් නැත. එත් ඔහු ඒ බව නොපෙන්න ජන්තාව මුලාකරමින් වහසි බස් දොඩවමින් කාලය ගතකරමින් ඉදි.
කොහොම උනත් එදාට වඩා ජනතාව අවධියෙන් සිටිමින් හොරු අල්ලන්න මාන බලමින් සිටි.විජේදාස ඇවන්ගාඩ් අයිතිකරු සමග ජනතාසල්ලි හොරාකා විදේශ රටවල් ඒ පවුල් දෙකම සවරි ගැසු බව රනිල් එදා නොදන සිටියාට රටම දැනගෙන සිටියාය එත් රනිල් එක කාලෙයට භාරදී මුනිවත් රැක්කාය.
(ඡායාරූපයේ සිටින්නේ විජේදාස රාජපක්ෂ ගේ හා ඇවන්ගාඩ් අයිතිකරු ගේ පවුල් එකට විදේශගතව විනෝද වෙන ආකාරයයි.ඒ වනවිට ඇවන්ගාඩ් අයිතිකරුව ඇපලබාදී තිබුණි._)
අජිත්….

 

Be the first to comment on "දවසේ සිකුරාදා…….බල්ලන් සමග ලැග්ගොත් මැක්කන් සමඟ නැගීටීම සත්‍ය කරමින් හොරු සමඟ ඩීල් දැමු විජේදාසගේ ඇමතිකම ගැල වෙයි."

Leave a comment

Your email address will not be published.


*