දවසේ සිකුරාදා……..ආණ්ඩුව ගලේ පැහැරූ බළලෙකු සේ හැසිරෙන විට පොලිස්පති පුජිත තම නමේ ගාගත් අසුජි පොලිසියෙත් තවරයි.

මේ වනවිට ආණ්ඩුව පත්ව වසර දෙකක් කෙසේ වෙතත් වසර ගනනාවක් සිටි පසුගිය පාලනය හා සමානවම ජනතාවගේ දැඩි අප්‍රසාදයට පත්ව ඇත.
පසු ගිය කාලය පුරාවටම පක්ෂ විපක්ෂ සියලුම දෙනා හඩ නැගු බැංදුම්කර සිද්ධිය නිම වුයේ රවීකරුණානායකට ඇමති කමින් යන වැඩ සිදුවීමෙන්ය.
රවීගේ නික්ම යාම නිසා ආණ්ඩුවේ යහපාලනය දැන් එලිපිටම පුපුරා ගිය බව නම් අපිට පෙනුනි.
දැන්දැන් ඉතාම වේගයෙන් සියලුම පසු ගිය කාලයේ අපරාධ විසදීමට යුහුසුලුව කටයුතු කරන බවක් නම් පෙනියයි. මේ අතර තවත් ආන්දෝලනයට තුඩුදුන් කරුණක් වුයේ මෛත්‍රිපාල ජනාධිපති සිරසට රජයේ සංඛි‍යාත පුජා කිරීමයි. මෙයත් මේ වනවිට අළුයට ගිනි පුපුරු සේ නැගෙමින් තිබේ.
ආණ්ඩුවට තවත් හිසේ රදයක් වුයේ ආණ්ඩුවේම කැබිනට් ඇමති වරයකු වන විජේදාස රාජපක්ෂ කැබිනට් මංඩලයේ සාමුහික වග කීම බිදිමින් ජනතාව ප්‍රකෝප කර වීමයි. මොහු කාලන්තරයක් තිස්සේම මහින්දගේ පවුලේ අයව ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනීසිටීම ජනතාවට රිස්සුවේ නැත.
කොහොම උනත් දැන් දැන් ආණ්ඩුවට නැගෙනින් තිබු ජනතා අප්‍රසාදය රවීගේ ඉවත්වීමත් සමගම වෙනත් අතකට පෙරලිනි. එය ආණ්ඩුවට තරමක් අස්වැසිල්ලක් විය. මෛත්‍රිපාල ජනාධිපතිත් මේ වනකොට “මඟ හිටියොත් තෝ නසී …ගෙදර ගියොත් අඹුව නසී ” යන ඉපැරණි කියමනට නව අරුථක් දීමට සිදුව ඇත. ඊට ප්‍රධානම හේතු වී ඇත්තේ පසු ගිය රජයේ පට්ට හොරු රැලැක් මෛත්‍රි තමාගේ ළඟට ගෙන තිබීමය. මෙහි කාගෙත් අවධානයට ලක්ව ඇත්තේ රුපියල් කෝටි 150 හොරාකපු ඩිලාන් පෙරෙරා මෛත්‍රි දැන දැනම තම රෙද්ද අස්සේ දමාගැනීමය. ජනතාව දැන් බලන් ඉන්නේ රවීට ජනාධිපති බෙදු හැන්දෙන්ම ඩිලාන්ටත් බෙදයිද කියායි.
ජනතාවගේ ගැටලු වලින් හෙම්බත්ව සිටින මෛත්‍රිට හා රනිල්ට කවරදාකවත් නැති හිසේ ඇම්මක් වී ඇත්තේ රටේ පොලිස්පතිය.
රටක පොලිස්පති යනු ඒරටේ විනයයි .ඒරටේ පොලිස්පති ජනතාවට දවසගානේ විහිළු සප‍යන විහිළු කාරයකු වුවහොත් රටේ විනයට වෙන්නේ දැන් ලංකාවට සිදුව ඇති දේය. පොලිසිය දැන් බල්ලා මාක්ය. පුජිත ජයසුන්දර පොලිස්පති වීමට පෙර නම් ඉතාම හොඳ මහත්මයෙකි. පොලිස්පති වීමට පෙරදී පොලිසියේ අහිංසක පිසී,සාජන්ලා අයි.පී එස් අයිලා වෙනුවෙන් කතාකරන්න පුලුවන් ඉතාම සුන්දර මිනිසෙකි.
ඒත් මේ සුන්දර මිනිසාට ඉතාම හොඳ නමක් තිබු අතරම ඔහුගේ නමේ කිසිදාක ජරාව ගෑවී නොතිබුණාය. නමුත් මොහු පොලිස්පති තනතුරට පත්වු වහාම වැඩ ඇරඹුවේම තමාට නුසුදුසු තමාව අප්‍රසාදයට ,අපකීර්තියට පත්කරන කේවට්ටයන් ලංකරගෙනය. පුජිතට වැරදුනේ එතනය. නි.පො.ප. අජිත් රෝහණ ,පොලි අධිකාරි රුවන් ගුණසේකර,හා නි.පො.ප කමල් සිල්වා ,යන පසුගිය ආණ්ඩුවේ,හොරණෑ, තම්මැට්ටන් සියල්ලම් පිබලා ගහලා පුජිතව දැන් නටවමින් මේ මනුෂයාට පමණක් නොව මොහු දිවි හිමියෙන්ම වඩාත්ම ආදරේ කරන ආදරණීය අම්මටත් පොලිස් නිලධාරීන් දෙස්දෙවල් තිබීම අජිත් රොහණලාගේ රුවන් ගුණසේකරලාගේ ව්‍යායාමයේ සාර්ථක ප්‍රතිඵල ඔවුන් නෙලාගෙන හමාරය.
පොලිස්පති නිලධාරින්ට භාවනා කරවන්න පෙර පොලිස් නිලධාරියාට තම රාජකාරිය නිදහසව,සාධාරණව කිරීමට අවශ්‍ය පසුබිම සකසා දුන්නේද …? පොලිස් නිලධරින්ගේ ජීවන මට්ටම නංවාලීමට ,යමක් කලේද….?පොලිස් නිලධාරීන්ගේ සේවාවේ ගුණාත්මක බව වැඩි කිරීමට යමක් කලේ ද……?
මේ ප්‍රශ්න වලට පොලිස්පති “නැත” කියා කියනවා හැර ඔහුට කීමට වෙනත් යමක් නැත.පුජිත පොලිස්පති කෙරුව මෛත්‍රි රනිල්ටත් දැන් අම්ම මෝ නැතුව බනින්නේ පුජිතගේ පිස්සු කෙලිය ඉවරයක් නැති නිසාය.
දැන් පොලිස්පති පුජිත් නමේ අසුජි ගාගෙන අවසන්ය.ඔහු දැන් කරන්නේ උත්තරීතර පොලිස් සේවාවේත් අසුජි ගෑමය. ඔහු එක් දෙයක් තේරුම් ගතයුතුය “නිලයෙන් පුද්ගලයා වැජ්බීමට නොව පුද්ගලයාගේ ක්‍රියාකලාපයෙන් නිලය වැජ්බෙන බවය.” ඉතාම ඉක්මනින් පුජිතජයසුන්දරත් පෙර සමහරක් පොලිස්පතිලා වැටුන කුණු බක්කියටම යනු ඇත.

අජිත්……

Be the first to comment on "දවසේ සිකුරාදා……..ආණ්ඩුව ගලේ පැහැරූ බළලෙකු සේ හැසිරෙන විට පොලිස්පති පුජිත තම නමේ ගාගත් අසුජි පොලිසියෙත් තවරයි."

Leave a comment

Your email address will not be published.


*