ෆුල්ෆේස් තහනම් කිරීමේ පොලිසියේ ගොබ්බ තීරණය නිසා යතුරු පැදි අනතුරුවලින් මියයන සෑම ජිවිතයකටම පොලිසිය වගකිව යුතුයී. — ශ්‍රි ලංකාවේ හිටපු දක්ෂතම රථවාහන ස්ථානාධිපති—-

රටක වටිනාම සම්පත නම් ඒ රටේ තරුණ ජවයයි. ඒත් ඔබ දන්නවාද සෑම දිනකම යතුරු පැදි අනතුරු වලින් පුද්ගල ජීවිත 2-4 අතර ගන්නක් අපේ රටට අහිමිවන බව. මෙය ලංකාව වගේ දියුණු වෙමින් ඇති රටකට ඉතාම නරක ප්‍රතිඵලයක්. 1990 වසර වගේ 4 ගුනයක් 2000 වසර වනවිට යතුරු පැදි ලංකාවේ තිබෙනවා, පොලිසියේ මේ ගත්ත ගොබ්බ , අමන තීරණය ගත්තේ ඉහල නිලධාරින් ඔවුන් බොහෝමයක් දෙනෙක් පුදුමාකාර වෛරයක් මේ යතුරු පැදිකරුවන් සමග තියෙන්නේ ,මේ කට හේතුව පොලිසියේ ඉහල නිලධාරින් බොහොවිට හැම වැඩකටම යන්නේ අන්තිමම තත්පරේට කිසිම දේක කලමනාකරනයක් ඇත්තේම නැහැ.
මෙන්න මේ වගේ ගොන් තීරණ ගන්නේ මහජනයා ගැන හිත්ලා නොවන බව සහතිකයි.
පොලිසිය තුලදී එක් අවස්ථාවකදී මම ඉල්ලීමක් කලා රථ වාහන පොලිස් අංශයට විශාල සේවයක් කල නියෝජ්‍ය පොලිස්පති වරයෙකුගෙන් ලංකාව තුල සම්පුර්ණ යෙන්ම ෆුල්ෆේස් හිස් වැසුම් අනිවාර්‍ය්ය කරමු කියලා, ඒක ගැන ඔහු ඉතාම ඉක්මනට විෂය භාර ඇමති දැනුවත් කරලා අවශ්‍ය දේ කිරීමට එකග උනා. අපිව හැම මාසයකම පොලිස් මුලස්ථානයට ගෙන්නලා අපි කතාකලේ ජනතාවගේ ආරක්ෂාව ,පදිකයා ගැන මම තමා 1982 පනත හොයාගෙන ඉස්සෙල්ලම පදික මාරුවක් නොවන තැනකින් පාර මාරුවෙන මහජනයාට අවවාද කිරීමටත් මාස 06 පසුව ජනතාව දැනුවත් වු පසුව ඒනිතිය ඉටු නොකරන අයට අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීම මේවා සම්පුර්ණම ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට එදා අපි ගත් ක්‍රියා මාර්ගයි.
අපේ පොලිසියට ඕනෑම අපරාධයක් හෙලිකර ගැනීමට පුලුවන් . ලෝකේ අනික් රටවල් එක්ක බලන්විට අපි ගොඩාක ඉදිරියෙන් ඉන්නේ . ඒ රටවල් වල තියෙන්නෙ අධි තාක්ෂණය ඒ නිසාම ඔවුන් අපිට ඉදිරියෙන් ඉන්නවා.
මේ වනවිට ජනතාවට එපාම වීගෙන් යන ලංකාවේ පොලිසිය ජනතාවට ඉතාම ඉක්මනින්ම එපා කරවීමට විශාල රුකුලක් වි තිබෙනවා. ලෝකේ කිසිම රටල් අඩුම තරමින් ඇප්ගනිස්ථානය,සිරියාව, ඉරාකය,වැනි රටවලවත් මෙවනි ගොබ්බ නිතියක් රජයක් පනවන්නේ නැහැ.
මෙම නිතියට විරුද්ධව ෆුල්ෆේස් හෙල්මට් පලදින යතුරු පැදි කරුවන් එකතුවි අධිකරණ ක්‍රියාමාර්ගයකට යාම ඉතාම සතුටක්.
කොහොම උනත් පොලිසියේ මේ මොඩ තර්කය වහාම ආපස්සට හැරවිය යුතුයි එහෙම නැතිඋනොත් රටේ තිබෙන පිහි ,උදලු විකිණීම ළග තබාගැනීමත් වරදක් කියා ඒසියල්ලම තහනම් කරන ඒකත් ඉතාම ළගදීම කිරීමට බැරිනැත.
පොලිසිය කල මේ අමන ක්‍රියාවට අඳ, ගොලු,බිහිරි යහපාලන රජයත් ඔහේ බකන් නිලාගෙන සිටීම හරිම අවාසනාවන්ත තත්වයක්.
මේ වනවිට ලෝකයේ දියුණු රටවල් මෙන්ම අනිකුත් බොහෝ රටවල් වල තම ජනතාවගේ ජිවිත ආරකෂා කරනුයේ ෆුල්ෆේස් හෙල්මට පමනක් නොව අනිවාර්‍යයෙන්ම යතුරු පැදියක් පැදීමට නම් සම්පුර්ණයෙන්ම මුහුණ ආවරනය වන හිස්වැසුමක් පමණක් නොව පැදිකරු හා පිටුපස ගමන් කරන අයට ඉතාම තද ලෙදර් වලින් සකස්කල මුලු ඇගම වැසෙන විශේෂිත ඇදුමක් ඇත. මෙම ඇදුම නොමතිව කිසිදු යතුරු පැදියක් මාරගයේ නම් ධාවනය කල නොහැක. ඒ රටවල් පොලිසිය ජනතාවගේ ආරක්ෂාව බලනවා මිසක් ජනතාව මරණය පාමුලට ඇද දමන්නේ නැත.
තරුණ යතුරු පැදිකරුවන්ගේ ජිවිත රැකදීමට මේ පොලිසියේ ගොබ්බ ක්‍රියාවට විරුද්ධව ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පැවරීමට ඇති හැකියාව පිලිබදව මේ වනවිට මාගේ නිතිඥයන් සොයා බලමින් සිටියි.
ජනතාවක් ලෙසට තම තරුණ දරුවන්ගේ ජීවිත රැක ගැනීමට මෙම නිතියට විරුද්ධව වහාම හැකි හැම පියවරක්ම ගැනීම සෑම පුරවැසියකුගේම යුතුකමකි.

(ඉන්දියාවේ රොඩ්ට්‍රැපික් සේෆ්ටි පිලිබදව පුහුණුව ලැබු
ශ්‍රිලංකාවේ දක්ෂතම රථ වාහන ස්ථානාධිපති
සමග පැවති සම්මුඛ සාකඡ්චාව )

Be the first to comment on "ෆුල්ෆේස් තහනම් කිරීමේ පොලිසියේ ගොබ්බ තීරණය නිසා යතුරු පැදි අනතුරුවලින් මියයන සෑම ජිවිතයකටම පොලිසිය වගකිව යුතුයී. — ශ්‍රි ලංකාවේ හිටපු දක්ෂතම රථවාහන ස්ථානාධිපති—-"

Leave a comment

Your email address will not be published.


*