සාගල රත්නායක ඇමතිට බරපතල ලෙස රෝගය වැලදී ඇත.ඌගේ රථපෙලට අනිකුත් වාහන අවහිර වුවායැයි පොලිස් ස්ථානාධිපතිට දඩුවම් මාරු, ….පොලිස් කොමිසමේ 60 පැනපු හිවලුන් බුදි.

පසු ගිය කාලයේ රාජපක්ෂලා ලගින් නිල මැස්මෙක් ඉගිල ගිහොත් ඒ පලාතේ ඕ.අයි.සී ඉන්නේ පහුවදාට වෙනත් පොලිසියකය. මෙන්න මේ තත්වය නැති කිරීමට විශේෂ යෙන්ම පොලිස් නිලධාරින් කල මෙහෙය අද වන විට යහපාලනයේ මොකාවත් දන්නේම නැත.
මේ වන විට රට තුල කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාකාරිත්වයක් නැත. එසේ තිබියදි බොහො ඇමතිවරුන්ට රථ ගාය නම් අත් ඇරගැනීමට බැරිය, මුන් හිතාගෙන ඉන්නේ වාහන පෙලක් ගිහම ජනතාව මුන්ව දොහොත් මුදුන් තබා වැද පිලිගනී කියාය.
රටේ නීතිය හා සාමය භාර දී ඇත්තේ රනිල්ගේ ………..ඉතාම ලඟම කෙනාටය සාගල රත්නායකට පොලිසිය භාරදීම ට ඇති ඒකම සුදුසුකම දන්නේ රනිල්ම පමනයි. ජනාධිපතිට, අගමැතිට නැති රථ පෙලපාලියක් ඒනම් පොලිස් අමති ආරක්ෂක අංශයේ නිලධාරින් සමග පොලිස් ජිප් 01
පොලිස් විශේෂ කාර්‍ය්ය බලකායේ ජිප් රථ 01
අගමැති අරක්ෂක අංශයේ ජිප් රථ 01
පොලිස් යතුරැපැදි 02
සාගල ඇමතිගේ ජිප් රථ 01
දෙයියනේ මුන්ට වැහිනැති හෙණ නොගහා තියේවිද ? රටම හිඟ මනේට වැටිලා ජනතාව අපමන අගයක් අරන් දෙන්න දුක් විදේ මෙවනි කාලකන්නිට මහජන මුදල් නිකරුනේ කා දමන්නද ?
ඊයේ උදෑසන 10.30 වනවිට මාතර අකුරැස්ස මාර්ගය දැඩි වාහන තද බදයක් ඇතිව තිබීම සාමාන්‍ය දෙයකි. මෙ වන විට නිතිය හා සාමය ඇමති සාගල රත්නායක ද මෙම මාර්ගයේ පැමිණ ඇත. මෙම වාහන තදබදය නිසා ඔහුට විනාඩි 2 ක තුනක් ඉතා හෙමින් ගමන් කිරීමට සිදුවීම සාගල රත්නායකට ඉවසුම් නැතිවිය. ලංකාවේ කාලකන්ණි දේශපාලකයන් නිසා මාර්ග තදබදයට ජනතාව ජිවිත කාලය පුරාවටම හසුව ජිවිත්යේ වැඩිම කාලයක් මහපාරේ ලගින්න සිදුව ඇත.
පොලිස් පරීක්ෂක අගලවත්ත නැමති නිලධාරියාට ගන්දර පොලිස් අධිකාරි මාරපන විසින් කිසිදු හේතුවක් නොමතිව ස්ථාන මාරුකිරීමට නියොග කරඇත.
මෙවනි තත්වයක් නිසාම ස්මස්ථ පොලිස් නිලධාරීන් හැම විට ම දේශපාලකයන් පසුපස යාමට හේතුවී ඇත පොලිස්පති පුජිත ජයසුන්දර පෙනී ඉන්නේ ඇමති වෙනුවෙන්ද තම අහිංසක පොලිස් ස්ථානාධිපති වෙනුවෙන්ද යන්න දැන් බලාගත හැකිය.
ලංකාවේ පොලිස් නිලධාරින් පාහර ,උද්දච්ච දේශපාලකයන්ගෙන් ආරක්ෂාකර ගැනීමට දැන්වත් ජාත්‍යන්තරයේ සිටින පොලිස් නිලධාරින් එක්ව වහාම ක්‍රියාකලයුතු කාලය එලබඇත.
සාගල රත්නායකට මහින්ද ගේ කාලයේ උණදැන් බරපතල ලෙසටම වැලදී ඇත.වැඩිකල නොගොස් පොලිස් නිලධාරින් එක් පැයක් වැඩ වර්ජනයකට යොමුකිරීමට කටයුතු කර සාගලරත්නායක වැනි අපතයන්ට වාහන ඒලවාගෙන යන්න සැලැස්විය යුතුය.
එසේ නොකරන තාක කල් මුන් පොලිස්නිලධාරියාගේ වටිනාකම දන්නේම නැත.
පොලිස් කොමිසමක් මේ වනවිට ඇත . ඒත් අනේ ඒ අය නිදිය මේ කොමිසන්වල ඉන්න සියලු දෙනාම පාහේ වයස යාන්තන් 62 පසුකරාපමනි ඒ නිසාම ඔවුන්ට ඇස්,කණ් ,ඇසීමේ පෙනීමේ අබල දුබල කම් නැතුවාම නොවේ. සාගල රත්නායකලා සිතාගත යුත්තෙ පොලිසිය නොතිබුන දාට ජනතාව ඔවුන්ගේ කලිසම් ගලවන්නේ කකුල් දෙකෙන්නම් නොවන බවයි.

Be the first to comment on "සාගල රත්නායක ඇමතිට බරපතල ලෙස රෝගය වැලදී ඇත.ඌගේ රථපෙලට අනිකුත් වාහන අවහිර වුවායැයි පොලිස් ස්ථානාධිපතිට දඩුවම් මාරු, ….පොලිස් කොමිසමේ 60 පැනපු හිවලුන් බුදි."

Leave a comment

Your email address will not be published.


*